ලියන්න පටන් අරන් බාගෙන නවත්තපු කතා 3ක් තියෙනවා ඉවර කරන්න. හැම කතාවම කියවගෙන යද්දි මටම හිතෙනවා "මේ මොන ජරාවක්ද මේ" ලියලා තියෙන්නේ කියලා. එ් හින්දාම මම කතා ලියන එක නවත්තලා කතා ලියන්න බැරි වෙන හේතුව හොයන්න ගත්තා.
ජීවිතේ ගෙවුණේ එකම විදිහට. වෙනසකට කියලා වුණේ 8.30-5.30 රස්සාවකට යන්න පටන් ගත්ත එක විතරයි. ජොබ් කරන එකට බැණ බැණ රස්සාවකටම ගියේ කියන තරම්ම ජොබ් කරන එක නරකද බලන්න,
අනික සතියට දවස් 3ක් වැඩට යන එකේ මහා ලොකු ප‍්‍රශ්ණයක් තිබුණෙත් නැහැ
ඉගෙනගෙන, ඩිග‍්‍රියක් කරලා, ජොබ් එකක් හොයාගෙන කසාදයක් බැඳගෙන ළමයි උස් මහත් කරනවා කියන සාම්ප‍්‍රධායික පෝලිමේ ඉන්නවා නම්, Congratulations, ඔයා තමයි ඕනෑම කම්පැනියක් හොයන නියම සේවකයා. "කොච්චර අමාරු වුණත් ඉතින් මේක තමයි ජීවිතේ. මොනා කරන්නද. අඩුම ගානේ මාසෙට ස්ථීර ගාණක් එනවානේ" කියලා හිතනවා නම්, ඔයා නියමෙට සමාජෙට හැඩ ගැහිලා.
එදා මේ ටොක් එක දෙද්දී ඔය ජාතියේ එවුන්ට කියන්න පුළුවන් "අනේ මුන්ට ජොබ් එකක්වත් නැතිව පොර ටෝක් දෙනවා" කියලා. හරි, දැන් උඹලා කියන විදිහට හොඳ තැනක, හොඳ ජොබ් එකක් කරනවා උඹලාටත් වඩා අඩු දවස් ගාණක් වැඩට ගිහින් වැඩි පඩියක් අරන්. දැං කියපං ඇයි එ්ත් මට සතුටු නැත්තේ කියලා?
උඹට පුළුවන් ඇඟට දැනෙන මහන්සිය කවර් කරන්න ලැබෙන පඩියෙන් කොහේ හරි නිවාඩුවකට ගිහින්, උඹට පුළුවන් බොසා කියන කුණු කතා ටික, ටාගට් මදි වෙලා දැනෙන pressure එක අමතක කරන්න Friday Night එකට හොඳට සෙට් වෙලා බීලා. හැබැයි උඹ කොහොමද නැතිවුණ නිදහස ආයි ගන්නේ? තමන්ගේ ජීවිතේ වටිනාම කාලේ සල්ලි ටිකකට පාවලා දීලා ඉඳලා ආඩම්බරෙන් තමන් ආව ගමන දිහා පස්සේ කාලෙක හැරිලා බලන්නේ? උඹලා හැමෝම කරන්නේ ලොකු ලොකු කම්පැනි වල ලොක්කන්ගේ වීර කතා ඉස්සරහට දාගෙන උන් හදපු කම්පැනි වල පඩ ගෙම්බෝ වගේ පුම්බ පුම්බ ඉන්න එක විතරයි. හැබැයි හොඳට බලපං ඔය කම්පැනි හදපු හැම මිනිහාම ජීවිතේ risk එකක් අරන් සාම්ප‍්‍රධායෙන් පැනලා තමන්ගේම කියලා වෙනස්ම දෙයක් කරපු මිනිස්සු.
උදේට ඇහැරිලා වැඩට ගිහින් හවසට ගෙදර ඇවිත් නිදාගන්න චක‍්‍රය දවස් 5ක් කරලා අනිත් දවස් දෙකේ හති ඇරලා ආයිම දවස් පහේ රෝල ගහන එක පුරුදු වුණා කියන්නේ කුඩු ගැහුවා වගේ දෙයක්. ජීවිතේ ඒකාකාරී වුණාම අපි ඒකට පුරුදු වෙනවා. එතනින් පටන් ගන්නවා වෙනස් වෙන්න තියෙන අකමැත්ත සහ බය. රස්සාවෙන් සල්ලි හම්බුවෙනවා, හැබැයි මාසේ අන්තිමට ඉතුරු කරපු මහා දෙයක් නැහැ. හිතලා බලපං අන්තිමට තමන් මැරුණ තරමට හිත හදාගන්න තමන් වියදම් කරලා. හැබැයි ඉතුරු වුණ ගාන එක්ක බැලූවාම තමන් වැය කරලා තියෙන සේරම දේවල් හොඳටම වැඩී.
"රස්සාවක් කරන එකත් වැරදියි නම්, ලැබෙන පඩියෙන් සතුටෙන් ඉන්නත් බැරි නම් මොකක්ද කරන්න කියන්නේ?" කෙනෙක් අහයි ඒ ප‍්‍රශ්නේ. ඕකට තියෙනවා කරන්න දේවල් 3ක්.
තමන් කොහේ හරි රස්සාවක් කරන්නම ඕනේ අනිවා මේකේ තියෙන කට්ට දැනගන්න නම්. හැබැයි ඒක දැනගෙන අයින් වෙලා තමන්ගේ දෙයක් පටන් ගන්න පුළුවන් නම් පොඩියට හරි, අන්න එක විදිහක්.
තමන්ට දෙයක් කරන්න සල්ලි නැත්නම් පරම්පරාවෙන් සල්ලි අරන් ආවේ නැත්තම්, වැඩ කරන ගමන් තමන් කැමති දේ කරන්න පොඩ්ඩ පොඩ්ඩ හරි පාර හදාගන්න. තනියම නිගිටින්න කාලේ ආවාම තමන්ගේ දේ ගෙන focus කරන්න.
අන්තිම විදිහ තමයි ජීවිතේ සරළ කරගන්න එක. වැඩි අවශ්‍යතා නැතිව සරළව ජීවත් වෙන්න. සතුට කියන දේ තියෙන්නේ සල්ලි වලම නෙමෙයි. නිදහස සහ තමන් කොච්චර තමන්ව තේරුම් අරන්ද කියන එක ගෙන.
"ආහ්.... අපිත් මේ අර දෙවනියට කියපු එක තමයි කරන්නේ. ඒකයි තවම අපිත් ජොබ් කරන්නේ" කියලා කෙනෙක් කියන්න පුළුවං.
හිතලා බලපං උඹ කොච්චර කැමතිද කියලා උඹේ ඔය වහල් ගැටේ ට? හිතපං කොච්චර එපා වුණත් මාසේ අන්තිමට පඩිය එද්දී අනේ අඩුම ගාණේ මේකවත් ලැබෙන්නේ මේකෙන් කියලා හිතෙනවා නේද කියලා. ගැලවෙන්න බෑ පුතා. උන්නත් දාහයි මලත් දාහයි කියලා අයින් වෙලා ජීවිතේ එක්ක ඔට්ටු වෙන මිනිහා පැරදුනත් පැරෙදෙන්නේ තමන් විසින් තමන් වෙනුවෙන් ගත්ත තීරණයක් වැරදුණා කියල සතුටින්.
කියපු දේවල් ගෙන හොඳට හිතපං. හිතලා මේ වෙන දේ තේරුම් අරගෙන "අප්පා... මේ රෙද්ද කියෝලා හෙටත් වැඩට යන්න පරක්කු වෙනවා" කියලා දිගටම වැඩට පලයං.