බලධාරියාගේ තර්ජනය පිට ඇත්ත නම වෙනස් කරන ලදී.
මට මතක විදිහට දවස නම් පෙබරවාරි 16 ද කොහෙද. උදේ පාන්දර ෆෝන් එක ඔන් කරද්දි "එයා" මැසේජ් එකක් එවලා...
"අද ඉක්මනට එනවා ලෙක්චර්ස්... අපි බොමු කියලා..."
උදේ පාන්දර නාලාගිරියා වගේ මත් වෙන කතා කියන්න නම් අනිවා ඒකි අවුලකින් ඉන්නේ කියලා මට හිතුනත් ගිහින්ම කතාව අහගමු කියලා හිතාගත්තේ මගෙත් වැඩ වැඩි දවසක් හින්දා.
කොහොම හරි දවසේ වැඩ කරගෙන මම කොටුවට ගියා වැඩකට. ඒත් එක්කම තමයි "එයා" බස් එකෙන් බැස්සේ ඇවිත් කොටුවෙන්. අපි දෙන්නාම නැග්ගා 138කට ලෙක්චර්ස් යන්න. යද්දිත් සීට් දෙකක වාඩි වෙන්න වුණ හින්දා වැඩි කතාවක් වුනෙත් නැහැ. කොහොම කොහොම හරි නුගේගොඩින් බහිද්දි හවස 5 වගේ වුණා. ඛේස්මන්ට් එකට ගිහින් අපි පොඩි ආහාරයක් එහෙම දාලා බලන් හිටියේ මනියා එනකම්. මනියා තමයි සේරම ප්රමාණ සහ පදම ගෙන දන්නේ.
මනියා එද්දි 6 විතර වුණා. ඒත් එක්කම නොහිතපු විදිහට මටත් පොඩ්ඩක් යන්න වුණා එකෙක්ව හම්බ වෙන්න. යන්න කලින් මම කියලා ගියේ මනියාට මෙහෙම දෙයක් වෙන්න තියෙනවා කියලා. ඒක හින්දාද කොහෙම මම වැඩේ ඉවර වෙනකම් උන් දෙන්නා මග බලාගෙනම හිටියා.
ෆුඩ් සිටි එකට ගිහින් බාගයක් අරගෙන ඒක ඔරේන්ජ් ජූස් එකකට මික්ස් කරන් ලොකු මෙගා බෝතලේකට දාගන්න ටික වෙලාවක් ගියා. "එයා"ටත් ඕනේ කියලා ඇපල් සයිඩර් බෝතල් දෙකකුත් ගත්තා. තරු බිස්කට් පැකට් එකකුත් අරගත්තට පස්සේ අපි තුන් දෙනා පාර දිගේ ආවේ Expendables 3 ඇක්ට් කරන සෙට් එකක් වගේ. ඛේස්මන්ට් එකටත් ඇවිත් කොණම තැනක් අල්ලගෙන අපි සෙට්ල් වුණා . . .
එතම ඉඳන් තමයි කතාව පටන් ගන්නේ...
"ඉතිං . . . දැං මොකක්ද සීන් එක?" මම ඇහුවේ තුන්දෙනාම බෝතලේට කට තියලා ගුඩුස් ගාලා උගුරක් ඇතුලට දාගත්තාට පස්සෙයි.
"නෑ ඕයි... මේ ටිකේ කම්මැලියි. කරන්න දේකුත් නැහැ. ධනකත් ආයි පරණ කෙල්ල එක්ක සෙට් වෙන්න යනවා. මට අවුස්සන්න කෙනෙකුත් නැහැ දැන්. හැබැයි ධනක ආයි ඒකි පස්සේ යයි කියලා මම හිතුවේ නම් නැහැ." "එයා" කතා කලේ බීපු එකෙන් ආව අප්රසන්න රහට කට පුක කරන ගමන්...
"අඩෝ අද වෙනකම් මම නානාප්රකාර හේතු වලට බීලා තියෙනවා. හැබැයි කෙල්ලෙක් කොල්ලෙක්ගේ සීන් එකකට අවුල් ගිහින් වගේ දේකට මේ බොනවාමයි ඕයි." මනියා දෙවෙනි වටෙත් පටන් ගන්න ගමන් කිව්වා..
"මට එහෙම අවුලකුත් නැහැ. මම එහෙම ආදරේකුත් නැහැ. හැබැයි අර නැතුව පාලුයි වගේ සීන් එකක් තියෙන්නේ..."
දෙවෙනි රවුන්ඩ් එක එපා කියලා බෝතලේ මට දුන්න "එයා" කියන දේටත් වඩා මනියාගේ අවධානය ගියේ දෙවෙනි වටේ මිස් කරපු එකට.
"අඩෝ අඩෝ මේ... හැමෝම එක විදිහට දාගන්න ඕනේ ආ.... නිකම් හොර කපන්න බැහැ. චාටර් වැඩ නොකර දාගනින් ආහ්.."
සෙට් එකක් බොද්දී තියෙන්න ඕනේ ගෝල්ඩන් රූල් එක මනියා මතක් කරලා දුන්නා.
"අනේ බැහැ ඕයි. මම ඇපල් එක බොන්නම්. මේක මහා අප්පිරිය රහයි. හරි නැහැ වගේ මේක." ෂොට් එකෙන් ලෝකෙම එපා වුණා වගේ ඒකි ඇපල් සයිඩර් එක අරින ගමන් කිව්වා.
ඒකිට බම්බු ගහගන්න කියපං කියලා මමයි මනියායි කතාවක් දාගෙන ශේප් එකේ බෝතලේ මාරු කර කර ගැහුවා. මෙහෙම විනාඩි 15ක් විතර ගතවෙද්දි අපේ බෝතලේ අඩිය වෙන්න ඉවර වණා. "එයා"ගේ එක ඇපල් එකක් එහෙමම ඉතිරි තියෙද්දි අනිත් එකෙන් බාගයක් වගේ ඒකි ගහලා තිබුනා. හැබැයි දැං "එයා" සද්ද නැහැ. ඉන්නේ වෙනම ලෝකෙක. ෆොන් එක අරන් දාගෙන කොටනවා කොටනවා කාටද...
"අඩෝ.. මම ෆොන් එක අරං පොලේ ගහන්නද බං?" මනියා ශේප් එකේ ඇහුවේ බොක්කෙන්මයි....
එපා එපා.. ඒකිට ඇමිනෙන්න කියපං. අපි මේ ටිකත් ඉවර කරලා ආතල් එකේ ඉමු..
"ඉතිං හුත්තෝ අද අපි බොන්නද හිටියේ?? මේකි නිසා බීලා දැං ඒකි ඒකිගෙ වැඩ.. අපි නිකං වැනෙනවා එහෙට මෙහෙට."
"හරි හරි බං අපේ මෝඩ කම ඉතිං. ඒයි ... නවත්තපං ඕක.. වරෙං සෙට් එකත් එක්ක ඉඳපං නිකම් චාටර් වැඩ නොකර"
මම කිව්ව එක ඒකිට ඇහුනේ නැහැ වගේ ඒකි කොට කොට ඉඳලා එක පාරම ඛේස්මන්ට් එකට ඇතුල් වෙන දොර දිහා බලාගෙන හිටියා. . . මෙන්න දඩ බඩ ගාලා බෑග් එකත් අරන් මගේ දිහා බලං
"යමු යමු.. ක්ලාස් ඇරිලා.. තාත්තා ඇවිත් ඇති. අපි යමු" ගෑවා.
මම ක්ලාස් ඇරිලා යන්නේ ඒකිත් එක්ක ගොඩක් වෙලාවට. හැබැයි අද වුණ දේවල් එක්ක මම පයින් හරි ගෙදර යනවා කියලා හිතුන නිසා මම ඒකිට යන්න කිව්වා. එකට බීපු කොල්ලෙක්ව දාලා චාටර් වැඩ කරපු කෙල්ලෙක් එක්ක යන්න මගේ හිත දුන්නෙම නැහැ. ඒකි මටත් ගස්සන් යන්න ගියාම අපිටත් තේරුණා දැං කට්ටිය ඇවිත් මෙතන පිරෙන එකේ අපිත් ඉතුරු ටික අරන් එළියට ගියා නම් හොඳයි නේද කියලා. අපි එළියට යද්දිත් අරකි ඉන්නවා පාර බලාගෙන. දැක්කෙ නැහැ වගේ අපි දෙන්නත් එතනින් බාගයක් දුර එන්න ආවා. මනියාට හෙණම අවුල්. . .
"හුත්තෝ කැරි අවුල් බං හිතට. අපි දෙන්නා නිකම් පොන්නයෝ වගේ ඒකිගෙ ෆිට් එකට බීලා දැන් බල්ලෝ වගේ යනවා. වරෙං ගිහින් ටෝක් කරමු. කණ පැලෙන්න දෙකක් දුන්නාම මගේ හිත හරියනවා.."
"අපි ටෝක් කරමු. ගහන්න යන්න එපා. අපිට වැඩක් නෑනේ බං..." ඌ ගැහුවත් මට ඌව නවත්තන්න බැරි හින්දා මම ඌ පස්සෙන් ගියේ කොල්ලා ෂුවර් හිතුනොත් ගහනවා කියලා දන්න හින්දාමයි.
ඌ "එයා" ගාවට ගිය ගමන් මමත් ඉස්සර වෙලා ඒකිට කෑගහන්න ගත්තා කරපු චාටර් වැඩේට. ඒකි ඒවා ගාණකට ගත්තේ නැහැ වගේ බලං ඉඳලා එක පාරටම. . .
"මම එන්න කිව්වේ නැහැනේ ඔයාලාට මාත් එක්ක බොන්න කියලා.. ඔයාලානේ ආවේ.." කියලා ගස්සගෙන යන්න ගියා"
අපිට කියන්න දෙයක් තිබ්ඛේ නැහැ.. දෙන්නාම කට වහගෙන පාර දිගේ එද්දි මනියා ලාවට "ආයි නම් ගෑණු එක්ක යාළුකම් ඕනේ නැහැ, ගෑණු එක්ක මළාට බොන්නෙත් නැහැ කිව්වා". අපිත් එක්ක බොක්කෙන් හිටපු ඒකිගෙ ඇත්ත තත්වේ එළියට ආවාම එහෙම හිතෙන එක පුදුමයක් නෙමෙයි. අපි පාර පැනලා බයික් එක ගාවට ආවාම අපිත් එක්ක ෂේප් සික්කෙක් ආවා අපි ගාවට. බෝතලේ ඉතිරි වුණ අඩිය තාම අපි ගාව කියලා මතක් වුණේ ඒ වෙලාවේ.
"මොනාද මල්ලි බෝතලේ???" කියාගෙන බුවා හිනාවක් දැම්මා
"බෝතලේ පොඩ්ඩක් අඩියේ තියෙනවා... ඇදලා දාපං" කියලා ඌගේ අතට ඒක දුන්නට ඩියුටි වෙලාවේ මේ කොහෙවත් යන අපි දෙන ෂොට් එක ඌ ගනී කියලා අපි හීනෙන්වත් හිතුවේ නැහැ.
එක පාරෙන්ම බෝතලේ හිස් කරපු සික්කා හිස් බෝතලේ අරගෙන අපිට හිනාවක් දාලා "පරිස්සමෙන් යන්න මල්ලි" කියාගෙන ගියේ කොල්ලෙක් වෙනුවෙන් මෝඩකමක් කරන්නේ තව කොල්ලෙක් විතරමයි කියන පාඩම අපිට කියලා දීගෙනමයි
nirwayja adahas tikkak isarahata yamu
ReplyDeleteBohoma Isthuthi :)
Delete