අද උදේ නැගිට්ටා 5ට. කාලෙකින් උදේ 5ට ලෝකේ කොයි වගේද කියලා දැකගත්තා. හැබැයි එහෙම නැගිට්ටේ මගේ වැඩකට නෙමෙයි. නඩුවකට යන්න නදීක අයියාගේ. රට යන්න සල්ලි දීලා පොල්ලක් තිබ්බ නඩුවක්. ගම්පහ උසාවියට යන්න තියෙන්නේ. ගෙදරින් පිටත් වුණේ 6.45ට. බස් එකේ යන්න ගියා නම් බබා හම්බුවෙන හින්දා ටුක් එකක ගියා දෙමටගොඩ ස්ටේශන් එකට 7.30 වෙද්දි. නදී කොටුවෙන් නැගලා ඉඳගෙන හිටියා මටත් තැනක් තියාගෙන. ඔන්න ටික දුරක් යනකම් රු. 10ට ගත්ත අද පත්තරේ කියෝ කියෝ ගිය අපි කතා කරන්න ගත්තේ කැළණිය ස්ටේෂන් එක පහුවෙද්දි.
"අර නුගේගොඩ දුවද්දි සෙට් වෙච්ච කෑල්ල බං ඊයේ මට එන්න කිව්වානේ ආයි.." නදී කෙලින්ම පටන් ගත්තේ කොටු පනින සීන් එකකින්.
"ආයි??? ඒ කියන්නේ උඹ මීට කලිනුත් ගියාද? මම දන්නෙත් නෑනේ..."
"ඉඳපංකො කියන්න... එදා නම්බර් එක ඉල්ල ගත්තාට පස්සේ ආයි දවසක් මට පාක් එකේ හම්බුණා රෑට දුවන්න ඇවිත්. එදා මාව ඩෝන්ට් කෙයා එකේ ගියා.. මමත් බැලුවා අප්සට් එකක් ද දන්නෑ කියලා... මෙන්න අහුවදා දවල් කෝල් එකක් දෙනවා ගෑණි මට පාක් එකේ කතා කරන්න බැහැ අඳුරන අය වැඩී කියලා..."
"ඉතිං අඳුරන අය දැක්කාට මොකෝ බං කතා කරද්දි?" මූ කියන්න යන කතාව නොතේරෙනවා වගේ ඇහුවේ තවත් ෆෝම් කලාව ආතල් වැඩි හින්දා.
"ඉඳපංකො කියන්න...එහෙම කෝල් කරලා මම කොහෙද ඉන්නේ ඇහුවා. යකෝ මේ ගෑණි ඉන්නේ මගේ ඇනෙක්ස් එකට යන පාරෙමයි. "

එතකොටම රාගම ස්ටේෂන් එකෙන් නැග්ගා සෑහෙන සෙනගක්. කතා කියන්න බැහැ ඒ සෙනග අස්සේ. නදීත් එතනින් නැග්ග සුදු කෑල්ලකගේ බඩ දිහා බලාගෙන ඉතිරි දුර ගෙව්වා.
ගම්පහෙන් බැහැලා ලෝයර් කාරයාව හම්බුවෙලා උසාවියට ගිහින් නඩුව කල් දාපු දිනේ අරන් එළියට එද්දි 10.45යි. උදේට පොඩි කෑමක් දාලා ආයි ස්ටේෂන් එකට ඇවිදන් ඇවිත් ඉඳගෙන හිටියා බංකුවක් උඩට වෙලා 11.15ට කොච්චිය එනකම්.

"ඊයේ ගෑනි ආවා බං උදේ දුවව ඉස්කෝලෙට දාලා මාත් එකක් බඩු වගයක් ගන්න. මේ ටිකේ සල්ලිත් නෑ කියලා හොඳටම දන්නවා... හැබැයි ඉතින් දන්නවානේ කියන කතා ටික. මමත් ආ කමක් නෑ යමු කියලා අරන් ගිහින් බඩු ටික අරන් දුන්නා.. කොහොම හරි 5ක් විතර කුඩු" නදී තමන්ගේ පවුලේ කතාව පටන් ගත්තා
"මේ වෙලාවේ බං 5ක් කියන්නේ සෑහෙන ගාණක් නේ??" මිනිහාගේ ආර්ථිකේ දන්න හින්දා මම ඇහුවා
"ඕක අපේ ගෑණිට කිව්වාට තේරෙන්නේ නෑනේ බං. ඊට පස්සේ කියයි අර රට යන සල්ලි ටික නඩුවෙන් ගත්තා නම් මෙහෙම නෑනේ අනම් මනම්.... ඊට මීට හොඳයි තියෙන එකක් අරන් දීලා ඉන්නවා. මට පුළුවන් විදිහට තමයි මමත් කරන්නේ. මගේ තරමට ඉන්න බැරි හින්දානේ ළමයා එක්ක අම්මලා ගාව ඉන්නේ. මොකක්ද බං මේ ජීවිතේ. මාස ගාණකට පාරක් ඇවිත් බලලා යනවා. ...එච්චරයි " ස්ටේශන් එකේ ඇවිදගෙන යන කෙල්ලෙක් දිහා කන්න වගේ බලාගෙන නදී කිව්වා

"උඹට කියන්න මචං දැං අර සීන් එකේ උනත්, ගෑණි වියදම් කරන එකක් නම් මට කඩා ගන්න පුළුවන් ඕන තරම්. හැබැයි බං ඒ ගෑණි වුණත් වැඩේ කර ගත්තාට පස්සේ මගේ සල්ලි ප්‍රශ්ණ වැඩක් නැහැ. ඒකට අපේ ගෑණු. සල්ලි.. සල්ලි... සල්ලි... උඹ දන්නෑ බං ඒ ගෙදර.... පට්ට සයිස් ගෙදරක්. පුතයි දුවයි විතරයි ඉන්නේ. දුව ඇති උඹේ වයසේ වගේ... මහත්තයා _________ එකේලු වැඩ."
ආයෙත් පරණ කතාවට පැන්න නදී ඒක ගෙන කියන්න ගත්තා....අර කලින් කන්න වගේ බලං හිටපු කෙල්ලත් අපේ ගාවම බංකුවක වාඩි වෙලා කකුලක් පිට කකුලක් දාගෙන ඉන්නවා මම ඇහැ කොණකට දැක්කා
"ගෑණි හොඳයිද? ලස්සනයිද? වයස කීයද? ඇයි ඉතින් සල්ලි තියෙනවා නම් සේරම හොඳට තියෙනවා නම් උඹට ගෙදර එන්න කිව්වේ?"
"මම වයස අහන්න ගියේ නැහැ. අර විස්තරත් එයාමයි කිව්වේ. අපි ඕවා අවුස්සන්න ගියාම ගෑණු බය වෙනවා මචං. ළමයි දෙන්නෙක් ඉන්නවා කියන්න බැහැ ඇඟ හොඳට තියාගෙන එහෙම ඉන්නවා. මම එයාට ඕන දේ විතරයි කරන්නේ.. වෙන වැඩි වැඩ නැහැ. මගේ ඇඟට ආසයි ගෑණි... මිනිහාත් මං හිතන්නේ වැඩ වැඩ කියලා ගෙදර එහෙමටම ඉන්නේ නැති එකෙක් මට පේනේනේ..."
"දැං එදා දවල් ගිහින් ආයි ඊයේ රෑත් එන්න කිව්වාද?"
"මම ජිම් එකේ එකාව ට්රේන් කරලා ඉවර වෙලා යද්දි කෝල් එකක් දුන්නා මෙහෙම ගෙදර එන යනවා 7.30ට ආයි එන්නේ රෑ වෙලා. එන්න පුළුවන්ද කියලා..මමත් අනික් පැත්තට දිව්වා... ආයි කතා කරන්නම් කිව්වා එයාට ඕනේ වුණාම."

මාසයක් ගානේ පොළිය එන ෆික්ස්ඩ් ඩිපොසිට් එකක් දාපු පොරක් වාගේ ඌ ඒක ආඩම්බරෙන් කිව්වා.
"අනේ මන්දා ඕයි ඔය කතා අහද්දි අර මිනිහා පවු කියලා හිතෙනවා. ඌ මැරි මැරි සල්ලි හොයද්දි, ගෑණි මෙහෙ වටේ යනවා..." මම බොක්කෙන්ම කිව්වේ බඳින එක ගෙන ඇතිවෙච්ච කලකිරීමෙන්
"ගෑණි යකෝ පවු. හිතපං ඒ ගෑණි ළමයි හද හද ගෙදරට වෙලා ඒවා බලාගෙන ඉන්නවා. මිනිහා රෑ වෙනකම් වැඩ කරලා ඇවිත් නිදා ගන්නවා. ගෑණියෙක්ට මචං මොනා තිබ්බත් වැඩක් නෑ සීන් එක නැත්තම් හරියට. එකයි සේරම ප්‍රශ්ණදැං අර බලපං අතන අර කකුලක් පිට දාගෙන ඉන්න කෑල්ල. ඒකි කොටුවක් පනින්න ඇවිත් ඉන්නේ. මිනිහා වැඩට ගිය වෙලාවෙ ෂුවර් එකට ඔය හොර ෂොට් එකක් සෙට් වෙන්න බලං ඉන්නේ"
අර කලින් ඇහැ දාපු කෙල්ල ගෙන නදී කියන්න ගත්තා. මිනිහාගේ කතාව එක පාර පිළිගන්න මම කැමති වුණේ නැහැ. එහෙම දැක්ක ගමන් ඔහොම නිගමනේකට එන එක පිළිගන්න බැරි දෙයක්
"පිස්සුද බං. ඒ ගෑණි තමන්ගෙ මිනිහා එනකම් ඉන්නවාද කව්ද දන්නේ? අනික පේන මානෙක මිනිහෙක් නැහැ. පව් කතා කින්න එපා යකෝ. "
"අනේ උඹ දන්න මගුල. මමත් දෙපාරක් විතර බලාගෙන හිටියා. ආයි බැලූවොත් නම් මොකක්ම හරි වචනයක් දාගන්න පුළුවන්. " සර්පයෙක් වගේ ඒ ගෑණි දිහා බලාගෙන නදී කියාගෙන ගියා...
"මම දන්නවා නදී උඹට සෑහෙන්න සීන් සෙට් වෙලා තියෙනවා කියලා. අනික මට වඩා අවුරුදු ගාණක් උඹට අත්දැකීම් තියෙනවා වෙන්නත් පුලුවන්. හැබැයි එහෙම කියලා උඹ කියන හැම දේම හරියන්නෙ නෑ බං. අනික එහෙම මිනිස්සුන්ට කතා හදන්න එපා මොකද ඒ මිනිස්සුන්ගේ කතාව අපි හරියට දන්නේ නෑනේ.... උඹත් වැඩ වැඩ හින්දා ගෙදර යන්නේ ඉඳලා හිටලා... මටත් කියන්න පුළුවන් උඹේ ගෑණිත් වටේ යනවා කියලා. හැබැයි මම ඒක දන්නේ නැති හින්දා මම කට වහන් ඉන්නවා.. ඒ හින්දා ඔය වගේ දේවල් කියන්න එපා..."
බොක්කෙන්ම ආව අදහස මම මූණටම කියලා දැම්මා උගේ. හැබැයි බුවා බොහොම අනුකම්පාවෙන් වගේ මගේ දිහා බලාගෙන ඉඳලා පුංචි හිනාවක් දාලා මගේ මූණ අල්ල ගත්තා.. කණ පැලෙන්න දෙකක් දෙයි ද කියලා බයක් ආවත් මිනිහා මගේ මූණ අර ගෑණිගේ දිහාවට හැරෙව්වා...
එතන ඒ ගෑණි නැහැ.. නැගිටලා යනවා... තනියම නෙමෙයි.... මගේ වයසේ වගේ ඒ ගෑණිට වඩා අවුරුදු 10ක් විතර බාල කොල්ලෙක්ගේ අතින් අල්ලගෙන... විශ්වාස කරන්න ඒ මල්ලි කෙනෙක් වත්, පුතෙක්ගේ වත් අල්ලන් යන විදිහ නම් නෙමෙයි.....

No comments:
Post a Comment