Tuesday, November 10, 2015

වැරදුණු කුරුමානම


ජීවිතේ අපිට හම්බුවෙන කතා වර්ග දෙකක් තියෙනවා කියලා මම හිතනවා. එකක් තමයි The End වර්ගයේ ඒවා. ඇය හමු විය, මට සෙට් විය, ඇය ගැල විය, මට කෙල විය වගේ ඒවා තමයි එ්. තවත් කතා තියෙනවා To be continued... වර්ගයේ ඒවා. ඇය හමු විය, මට සෙට් විය, ඇය ගැල විය, පතිනිය විය, යලි ටෝක් විය, හොර ෂොට විය. මේ ජාති දෙකෙන් මම අද වෙනකම් ගොඩාක්ම කිව්වේ අර මුල් වර්ගයට අයත් වෙන කතා. මොකද මගේ ජීවිතේ ඇත්ත තත්වේ අර දෙවෙනි උදාහරණේ වගේ වුණාට, මගේ කතා කොටස් විදිහට ඉවර කරන්න පුළුවන් තත්වෙක තිබුණා. හැබැයි අද කතාව To be continued වර්ගයේ එකක්.

කතාවට හේතු වුණු මුල් අදහස මට එන්නේ සැප්තැම්බර් මැද වගේ. මම වැදගත් ආයතනයක වැඩ කරන, මගේම වැඩකුත් කරගෙන යන, ඩිග‍්‍රියක් තියෙන සමාජයේ මිම්මෙන් නම් හොඳම තැනක ඉන්න කෙනෙක්. තව කරන්න තිබුණේ පොඩි වන්ඩියක් අරගෙන කසාදයක් කරගන්න එක විතරයි සමාජේ මතේ අනුව නම්. හැබැයි පොඩි කාලේ ඉඳන් මට අවුල් සීන් එකක් තිබ්බා මගේ වටේ තියෙන හැම දේම පිළිවෙලක් වෙද්දි, හැම දේම එකම රටාවක් වෙද්දි මට හරිම අවුල් අවුල් වගේ දැනෙනවා වාගේ ගතියක්. ඉතින් මමත් හිතුවා වෙනසක් කරන්න.

රට යන්න සල්ලිම නෙමෙයි අවශ්‍ය කියන එක තේරුම් අරන්, ගේම ගහලා කොහොම හරි දුක් කන්දරාවක් විඳලා මට ඔසී යන්න සෙට් වෙන්න ගත වුණේ ටිකක් අඩු කාලයක්. ලොකු නැන්දාටයි, අම්මා අප්පච්චීටයි, බත්තරමුල්ලේ Jeewa එකේ අයටයි පින් සිද්ද වෙන්න මම ආවා ඔසී. එන්න කලින් ඉතින් මහා දුකක් තිබුණේ නැහැ. ලංකාවේ තැන් තැන් වල තිබ්බ මතකයන් ගොඩාක් අරගෙන තමයි මම ආවේ. ලංකාවේ හිටියාට වඩා දෙයක් කරගන්නයි, මාස්ටර්ස් කරගන්න ට‍්‍රයි එකක් දෙන්නයි, චරියා එක්ක සෙට් වෙලා ආතල් එකක් දාන්නයි තමයි මගේ අරමුණවල් වුණේ.

මෙල්බර්න් එයාපෝර්ට් එකට බහිනකොටත් අම්මට සිරි වෙන්නම පට්ට සීතලයි. මට සීතල කියන දේ තරම් ආස නැති තව දෙයක් නැහැ. ලොකු අයියා මාව ගන්න එයාපෝර්ට් එකට ඇවිත් කියනවා,

"මේ තමයි මල්ලි summer එකේ ෂේප් රස්නේ දවස්" කියලා. 

එතනින් එහාට මට එක ගෙන අහන්න දෙයක් තිබුණේ නැහැ. එයාපෝර්ට් ඉඳන් ගෙදර යන දිගට මම දැක්කා මෙල්බර්න් සිටි එක. අර ෆොටෝ වල තියෙනවා වගේම ලස්සනට ලයිට් දාලා තිබුණා. පාරවල් එහෙමත් පට්ට. එදා නිදාගත්තේ ඇඳුම් දෙකක් ඇඳන්, තඩි Quilt එකක් පොරවන්, පුකේ හීටරේකුත් ගහන්. 

අයියලා ඉන්න පැත්ත පාළුයි. PR තියෙන නිසා ඒ දෙන්නාම වැඩ කරන් ජීවත් වෙනවා එයාලාගේ පාඩුවේ. හැබැයි ඉතින් කට්ට තමා. පහුවදා චරිත් මාව එක්කන් යන්න ආවා උගේ ගෙදර. ඌ ඉන්නේ සිටි එකේ. උගේ ගාවදී තමයි Student Life එක ගෙන මට අවබෝධයක් ආවේ.

ඔසියෝ හරිම අමුතු ජාතියක්. උන් සිස්ටම් එක හදලා තියෙන්නේ උන්ගේ ලොකු එකාගේ සිට පොඩි එකා දක්වා සැප විඳින්න. උන්ගේ සැප උන් විඳින්නේ අපේ දේවල් වලින්. අපි ඉගෙනගන්න ගෙවන සල්ලි, අපේ ශ‍්‍රමය වගේම අපේ ආත්මයත් උන් ඒකට යොදා ගන්නවා. මෙහෙ පුක ඉරාගෙන වැඩ කරන එකාට ලයිෆ් එකක් තියෙනවා. ඒ ලයිෆ් එක දෙන්නේ තනිකරම වාණිජකරණයක් හරහා. ආසාවල් සහ උවමනා සපුරාගන්න ඇති තරම් දේවල් තියෙද්දි, මැරි මැරි උනත් වැඩ කරන්න හිතෙන එක පුදුමයක් නෙමයි. 

මම දැක්ක විදිහට කෙනෙක් ආව ගමන් කුණ කන්න ඔ්නේ කියලා නීතියක් මෙහේ තියෙනවා. හැබැයි එ් කුණ දෙන්නෙත් අපිට කරන ලොකු උදව්වක් වගේ. ලංකාවෙන් ආව ගමන් කෙනෙක් ඉන්න බෑ කියලා යන්න හදන්නේ මේ කුණ කන්න බැරිව. කාලෙකින් ඒ දේ හරි ගිහින් settle වෙනවා කියන්නේ කුණ අඩු වෙනවා කියන එක නෙමෙයි. මේ system එකෙන් ඒ මිනිහාව තනිකර වෙනස් කරනවා. කරගන්නම දෙයක් නැතිව බඩගින්නයි සීතලයි දැනෙද්දී කට්ට කන්න මිනිහෙක් යොමු වෙනවා. හැබැයි කාලයක් යද්දී උගේ හෘදසාක්‍ෂිය වගේම ආත්මයත් මේ දේ සාධාරණීකරණය කරගන්නවා මොකද ඒවාට හරියන්න සැප දෙන්න ගොඩාක් භාණ්ඩමය දේවල් තියෙන නිසා. අනික හැම දුකක්ම හවසට දිය කරන්න මෙහේ ඇති පදම් Alcohol තියෙනවා අඩුවට. 

මහේ බහුතරේකගේ මතය අනුව කට්ට කන එක තමයි ජීවිතේ කියන්නේ. අනික් පොඩි පොඩි ජොබ් වලින් එහාට ගේමක් ගහන්න කව්රුත් කැමතිත් නෑ. ඉදිරියට හිතලා ගේමක් ගෙන හිතන්නවත් උවමනාවක් නැහැ වගේම system එකෙන් ගාණට එහෙම නොහිතන විිදියට මිනිස්සුන්ව හැඩ ගස්සලා. 

අනික cleaning, helping hand වගේ දේවල් කරන එකෙන් කෙනෙක්ව ගලෝගන්නම බැහැ මොකද ලේසියෙන් පොඩි ගාණක් ලැබෙන එකම දේ නැති කරගන්න කව්රුත් කැමති නැහැ. ඊටත් වඩා මේ දුක අත ඇරලා ලංකාවට ගියොත් තමන් පරාජිතයෙක් වෙයි, තමන්ට සමාජේ හිනා වෙයි කියන දේ හැමෝගේම හිතේ තියෙනවා. අනික බහුතරයක් මෙහේ ආව උන් ලංකාවේ දෙයක් කරගන්න බැරිව ආපු උන්, කලාතුරකින් එකෙක් දෙන්නෙක් ඉන්නවා එහෙත් ගේමක් ගහලා මෙහෙත් ගේමක් කහලා ජීවත් වෙන උන්.

මෙහේ මට හම්බවුණු මිනිස්සු අතරින් පොඩි මිනිහා ඇත්තටම සතුටින් ඉන්නවා ටිකක් හරි තව කෙනෙක්ට උදව්වක් කරලා. හැබැයි සල්ලි තියෙන ලොකුම එවුන් අනිත් එකාගේ මූණක්වත් බලලා හිනා වෙන්නේ නැහැ උදව් කරන්න වෙයි කියන බයට. System එක මෙහේ මිනිස්සුන්ව කොච්චර වෙනස් කරලාද කිව්වොත්, සමහර වෙලාවට අපි එකට ගේම ගහලා එතනින් පනින්න හැදුවත් උන් බයයි තමන්ගේ comfort zone එක නැති වෙයි කියලා. ගොඩාක් එවුන් ලංකාවට නොඑන්නේ මෙහෙ දාලා එන්න බැරි කමටම නෙමෙයි, සැපට හුරු වෙලා එ්ක නැති වෙන නිසයි, තමන්ට ලංකාවට වත් එන්න විදිහක් නැති නිසයි කියලායි මට තේරුනේ. 

නිවාඩුවකට එන්න ඔසී කියාපු රට. සල්ලි තියෙනවා නම් ගෙදරින් ගෙන්න ගන්න, ඉගෙන ගන්නත් කියාපු රට. හැම දේම අමතක කරලා කුණ කාගෙන බල්ලා වගේ ඉන්න පුළුවන් නම් ඒකත් මෙහේ ඉන්න හොඳ විදිහක්. කරුමෙට අපිට ඔය තුනම කරන්න හිත දෙන්නෑ මොකද එහෙම මැරෙන මැරිල්ලට හරියන්න දෙයක් ආපහු ලැබෙන්නේ නැති නිසා. මාසෙට ලක්‍ෂ 4ක් 5ක් හෙව්වා කිව්වාට වියදම් තියෙනවා ලක්‍ෂ 3ක වත්. 

අවුරුදු 2ක් 3ක් මැරිලා මැරිලා මාර්ටර්ස්්, ඩිග‍්‍රිය ඉවර කරලා working visa ඉල්ලුම් කරලා කොහේ හරි රස්සාවක් හොයා ගත්තොත් තව අවුරුදු 2ක් වැඩ කරලා, එ් අතරේ PR අකුරු දෙක ගහගන්න ට‍්‍රයි කරන එක තමයි මෙහේ සිහිනය. හැබැයි ඔය අවුරුදු 4, 5 ලැබෙන දේ සහ තමන් කාපු කට්ට අතරේ ratio එක බැලුවාම ලංකාවේ අවුරුදු 4ක් 5ක් ඉඳලා ලැබෙන දේට කන්න වෙන කට්ට අතර ratio එක සෑහෙණ අඩුයි. සේරම කටු කාලා අවුරුදු 4ක් 5ක් ඉවසාගෙන හිටියා කියමුකෝ, හැබැයි අන්තිමට PR ලැබෙන්නෙත් නැහැ බහුතරේකටම. අවුරුදු 9ක් 10ක් පවා ඉඳන් දුක් විඳින උන් මට හම්බ වුණා. හැබැයි හොඳම සීන් එක කියන්නේ, සැපක් ගෙන හිතේ තියාගෙන අවුරුදු ගාණක් දුක විඳපු එකෙක් අතරමගදී මැරිලා ගියොත් ජීවිතේ ඌ දුකම විඳලා මැරුණා වාගේ සිද්ධියක් තියෙන්නේ.


"ඇවිත් සති ගාණෙන් සේරම දන්නවා වගේ පොර ටෝක් දෙන්න බෑ" කියලා කෙනෙක්ට කියන්න පුළුවන්. ඔව්.. වෙන්න ඇති. හැබැයි මනියා කිව්වා වගේ ඌරු කොටුවකට බැහැලා එ්ක ගඳයි කියන්න අවුරුද්දක් ඉන්න ඕනේ නැහැ වගේම අවුරුද්දක් ඌරු කොටුවක ඉන්දී ඒකේ ගඳට හුරු වෙන එකත් වෙනවාමයි. 

ලංකාව වගේ පොඩි රටක හිටපු මට ආස වුණා ලෝකේ දකින්න. අපේ ආසාවල් වගේම ගෙවල් වල මිනිස්සුන්ගේ හීන හැබෑ කරන්න මමත් ආවා බලන්න මොකක්ද මේ සිද්ධිය කියලා. හැබැයි මම තේරුම් ගත්තේ ලෝකේ නිදහසේ කම්මැළිකමට ජීවත් වෙන්න පුළුවන් ලේසිම රට ලංකාව. මේ රටවල් වල ශරීර උෂ්ණත්වේ තියාගෙන ඉන්නත් ගෙවන්න වෙන සීන් එකක් තියෙන්නේ. කොච්චර කොහොම කිව්වත් දෙයක් කරගන්න හැකියාවක් තියෙනවා නම් ලංකාවෙන් එන්න එපා. අඩුම ගානේ සැප විඳලා නැති වුණත් උඹ හිතේ නිදහසේ මැරෙයි. ලංකාවේ සල්ලි හම්බ කරලා පුළුවන් නම් ඇවිත් යන්න වරෙන්, නැත්තම් නම් එන්න එපා මේ යක්ෂයාගේ රටට. 

මෙහේ ජීවත් වෙන්න එක එක විදි තියෙනවා. කට්ට කලා සැපක් බලාපොරොත්තුවෙන් ජීවත් වෙන අය වගේම, කට්ටක් නොකා ගෙවල් වලින්ම යැපෙන පිරිසකුත් ඉන්නවා. එ් අතරේ මට හම්බවුණු අය ඉන්නවා ලේසියෙන්ම සල්ලි හොයලා සැප විඳිනත්. හැම දේම තීරණය වෙන්නේ තමන් කොයි වර්ගයේද කියන දේ අනුවයි.

දවසින් දවස මමත් ඌරු කොටුවේ ගඳට හුරු වෙනවාදෝ කියලා මටත් හිතෙනවා. හැබැයි අද මේ ලියද්දී මම හොඳ සිහි කල්පනාවෙන්, මගේ හෘද සාක්‍ෂියට එකඟව කියන දේ තමයි මමත් ලඟදීම ආපහු එනවා ලංකාවට මේ රට ටිකක් බලලා කියන එක. හදිසියේ වත් මම ලිව්වෝතින් මෙහේ ජීවත් වෙන එක ආතල්, කට්ටක් කෑවත් සැපක් තියෙනවා කියලා, එදාට හිතාගන්න මමත් ඌරෙක් වෙලා කියන එක. 

Saturday, September 26, 2015

වැල හෙවත් Porn


 * * *
මා මේ ලියන දේවල් මාගේ පවුලේ කිසිවෙකුත් නොකියවන ලෙසටත් කියවූ වෙන එකෙක් මාගේ දෙමව්පියන්ට මේවා කනේ නොකියන ලෙසටත් ඉල්ලා සිටිමි.
* * * 

මීට සතියකට වගේ කලින් මම මැෂින් එක ගාව වාඩි වුණා විතරයි අම්මා ආවා කාමරේට මාත් එක්ක චැට් එකක් දාන්න වෙනදා වගේම. මගේ නිව්ස් චැනල් එක තමයි අම්මා.

"අන්න අර පොඩි කෙල්ලව මරපු එකට අවුරුදු 17ක කොල්ලෙක් සැක පිට අල්ලලා.. කම්පියුටර් එක බලද්දි ජරා ෆිල්ම්ස් හිටන් තිබුණලූ" අම්මා ඒක කිව්වේ කම්මුලේ අතකුත් තියාගෙන.

ඔන්න ඔහොමයි මේ කතාව පටන් ගන්නේ. ඔය සිද්දියත් එක්ක සෑහෙන්නම වැල ගෙන කතා මට එහෙන් මෙහෙන් අහන්න ලැබුණා. ඒකයි මට හිතුනේ වැල ගෙන ලියන්න.

තාක්‍ෂණේ දියුණුවත් එක්ක අද ඔය හැම සුද්දවන්තයාම අර .com මේ .com වලට ගිහින් ශේප් එකේ වැඩේ කරගෙන එකත් මකලා සුදනෝ වගේ හිටියාට තාක්‍ෂණේ දියුණු නැති මුල්ම කාලේ වැල පිලිබඳව විශේෂඥයෝ හිටියේ බොහෝම ටිකයි.

මට මතකයි අපි පොඩි කාලේ දවසක් මගේ හොඳම යාළුවෙක් උස්සගෙන ආවා CD එකක්. ඒ කාලේ සාමාන්‍යයෙන් ගෙවල් වල කම්පියුටර් තිබුණේම නැති ගාණයි.

"අඩෝ මේක පාරේ අයිනක තිබ්බේ. ෂුවර් එකට මොකක්ම හරි තියෙනවා. උඹේ මැෂින් එකට දාලා බලමුකෝ" ඌ හරිම අසරණ විදිහට කිව්වා. මම ඒ කාලේ කැරිම පණ්ඩිතයි.

"අඩෝ උඹ දන්නවාද මේ වගේ දේවල් වලින් තමයි ඇමරිකාව එහෙම අපි කරන වැඩ ගෙන බලන්නේ. මේවායින් තමයි වයිරස් එන්නේ. මේක තියලා පලයං. මම පොඩි ටෙස්ටින් වගයක් කරලා උඹට කියන්නම් සිද්දිය" කියලා මම ඒක මගේ බාරෙට ගත්තා.

ඒ කාලේ අපේ ගෙදර නැවතිලා හිටියා මගේ Cousin කෙනෙක්. මටත් වැඩේ ෂුවර් නැති හින්දා මම බුවාට කිව්වා ඉස්කෝලේ මැෂින් එකකට දාලා මේක බලන් වරෙන් කියලා. පහුවදා බුවා ගෙදර ඇවිත් CD එක මට දීලා කින්ඩි හිනාවකුත් දාලා කියනවා,

"හෙට උදේට නැන්දා කඩේ ගියාම බලපං ඕක අවුලක් නෑ" කියලා.

පහුවදා මම සෑහෙණ ත‍්‍රිල් එකකින් වැඩේට බැස්සා. "මාධවී සිල්වා ජොන්තර බැරැුක් සමග හිල්ටන් හෝටලේ ගතකල අඩහෝරාවක්" කියන බොරු සිංහල Title එකෙන් අති විශිෂ්ඨ පිටරට වැලක් මගේ මුල්ම වැල උනේ ඔය විදිහට මම පොඩි කාලේ. 

වැල් එන්න කලින් තිබුණේ පින්තූර සහ පත්තර සංස්කෘතිය. අපේ අයියා කාරයා ගාව ඔය පොඩි පොඩි අයිටම්ස් තිබිලා මටත් එහෙන් මෙහෙන් දැකගන්න ලැබිලා තියෙනවා. 56kbbs dial-up-connection එකක් අපේ ගෙදරටත් තිබුණ නිසාත් Sony C310 කියන පොඩි ෆොන් එකෙන් waptrick යන්න පුළුවන් වුණ නිසාත් අයියා කාරයායි මායි අනිත් උන් වගේ වේලුනේම නැහැ.

අපි විතරක් හැම දේම ලබාගන්න ඕන නැහැ කියලා අයියායි මමයි තදින්ම විශ්වාස කලා. විනාඩි 30 වැලෙන් හොඳම කෑලි ටික විනාඩි 2කට කපලා දාලා 3gp වලට convert කරලා Bluetooth වලින් යාළුවන්ට දෙන්න අපි දෙන්නා කවදාවත්ම ලෝබ වුණේ නැහැ. ඒ කාලේ ඉස්කෝලේ ඇරිලා හෂාන්ගේ ගෙදර පාඩම් කරන්න යන කොල්ලෝ සෑහෙණ ප‍්‍රමාණයක් හිටියේ අපේ මේ පරිත්‍යාගශීලීභාවය නිසාම වෙන්න ඇති. වැල අරන් යන්න එන කාලකණ්නි ටික අපේ අම්මාගෙන් මගේ දවල් කෑම එකටත් විදලා මාරු වෙන එක නම් ඉවසන්න බැරි වුණා. 

ඕලෙවල් කාලේ කියන්නේ සික් එක හොඳටම වැඩිම කාලේ. විභාගේ ඉවර වෙලා ගෙදර ඉන්න මාස ගාණට පස්සේ ඒක වෙන්න ඇති දකින දකින අය කියන්නේ "ළමයා සෑහෙන්න කෙට්ටු වෙලා කියලා".  ඕලෙවල් කාලේ සීන් එකේ නැති එකා ෂුවර් සෙට් එකෙන් කොන් වෙනවා. ඒ කාලේ එක පාර රාවයක් ගියා masturbate කරන එක සෞඛ්‍යට හොඳ නැහැ. අනික ඒක පව් සිද්ද වෙන දෙයක් කියලා. ඒ වගේ අඳුරු කාල වලදී පවා risk එකක් අරගෙන ඉදිරියටම ගියේ අපි ටික දෙනෙක්ගේ මූලිකත්වයෙන්. මොනවාම හරි සැකයක් ආවාම අයියාගෙන් ඒක නිරවුල් කරන් ඒ දැනුම අනිත් අය එක්කත් බෙදාගන්න මම ලෝබ වුණේ නැහැ.
ඒ කාලේ කම්පියුටර් අද වගේ නෙමෙයි. කොයි වෙලේ freeze වෙයිද කියලා අපිවත් දන්නේ නැහැ. අනික ජවනිකාවේ හොඳට කෑල්ල යද්දි Loading... හරි Buffering... වැටෙද්දේ දැනෙන දුක අනන්තයි. තවත් දරුණුම දුකක් දැනෙන්නේ සුරාන්තයට ලං වෙද්දිම අර විදිහට නිමිත්තට බාධා එල්ල වෙද්දි.

කොල්ලන්ගේ ඒ අසහනය ඒ කාලේ ඇත්තටම හරි සුන්දර දෙයක්. කොල්ලෝ කියන ජාතිය ඒ අත්දැකීම අනිත් එකෙක්ට කියද්දී අනිත් උන් අහන් ඉන්නේ ඒ ජවනිකාවල් වල උනුත් ඉන්නවා වාගේ.  ඕවාට නැති, හරි වයසේදී අසහනය පිට නොකරපු උන් දන්නේ නෑ හැඟීම් පාලනය කරගන්න අරින්න  ඕන ටැප් එක මොකක්ද කියලා.

ඒ කාලේ ඉඳන් වැල සීන් වලට වගේම අසභ්‍ය හැම දේටම මාව යාළුවෝ අතරේ ප‍්‍රසිද්ධයි. එදා මාත් එක්ක මුල්ම වැලට සම්බන්ධ වුණ එකා අද සමාජයේ හොඳට ඉන්න එකෙක්. මගේ ගුරුතුමා වුණ අයියා කරයා ලංකාවේ වැදගත් ආයතනයක මැනේජර් කෙනෙක්. ඔය එකෙක්වත් ගෑණු rape කරන්න ගිහින් වත් පොඩි උන් බදාගන්න ගිහින්වත් ට‍්‍රයි කලා කියලා මට නම් දැනගන්න ලැබිලා නැහැ.

ඒ ලෙවල් කාලේ මට සෙට් වුණා තවත් කට්ටියක්. පන්තියට උගන්නන්න ආව මිස් දිහා බලාගෙන අත්වැඩ කරපු එකෙක් තමයි මගේ ඒ ලෙවල් අවුරුදු දෙකේම එකට වාඩි වෙලා හිටියේ. සමාජයේ ඇහෙන් බැලූවොත් අද ඌ සෑහෙණ ගාණක් rape කරලා හිරේ ඉන්න ඕන ජාතියේ එකෙක්. හැබැයි අද ඌ ලස්සනට සමාජයේ වැදගත් විදිහට ජීවත් වෙනවා. 

ඒ කාලේ කොල්ලන්ගේ වත්කම මැන්නේ තමන් ලඟ තියෙන වැල් වල සයිස් එකෙන්. වැඩියෙන්ම GB තියෙන එකා තමයි පෝසතා. මම ඒ කාලේ අනුගමනය කලේ පරාක‍්‍රමබාහු රජතුමාව. "ලැබෙන එක වැලක්වත් කොපි නොකරන් ආයේ දෙන්න එපා" කියලා තමයි මම වැඩ කලේ. ඒ කාලේ මම DVD 10ක් වෙනම එකතු කලා කවදා හරි මට පුතෙක් හිටියොත් උගේ 16 වෙනි උපන් දිනේට තෑගි දෙන්න.  ඕක කියන්න ගිහින් ඒ කාලේ මට හිටපු කෙල්ල මගේ ළමයාගේ අම්මා වෙන්න තිබුණ අදහසත් අත ඇරියා. ඒ තරමට සමාජය වැල කියන දේ වැරදි දෙයක් විදිහටයි දැක්කේ.

හැබැයි මම දැකපු එක දෙයක් තිබුණා. ඉස්කෝලේ යන කාලේ වනචර අදහස් තියෙන වැල බලන කොල්ලෝ හැම එකෙක්ටම මාර කන්ට්‍රෝල් එකක් තිබුණා උගේ හැඟීම් ගෙන. අනික ඒ එකෙක්වත්  ඕවා බැලූවේ කඩුව මුවහත් කරගන්න මිසත් කාටවත් කඩුවෙන් අනින්න බලාගෙන නෙමෙයි. අදටත් මට විශ්වාසයි එ් කාලේ මම ආශ‍්‍රය කරපු වනචරයෝ ටික ගාව මගේ දුවෙක්ව වුණත් තියලා යන්න පුළුවන් බය නැතිව කියන එක. (වැඩිපුර විශ්වාසයට ගෙන ගෑණිව ලඟ තබා යෑමෙන් වලකින්න.)

වැල ගෙන කතාවත් ගෑණු ඇඟ පේනන ඇඳුම් අඳින සීන් එක වගේම තමයි. කොච්චර කොහොම වැල බැලූව එකා වුණත් තමන්ගේ මානසිකත්වය අනුව තමන් ගෙන කන්ට්‍රෝල් එකක් තියෙනවා. වැලක් වත් නොබලා පොර ටෝක්ස් දෙන සමහර වයසක අංකල්ලා බස් එකේදී කෙල්ලෙක්ගේ පුක දැක්ක ගමන් ජැක් ගහන්න යන්නේ ඒ කන්ට්‍රෝල් එක නැතිව. 

අද සමාජයේ මම දන්නා දෙයක් තමයි කෙල්ලෝ හිටන් වැල බලනවා කියන එක. එ්ක හොඳයි. නැත්තම් ඉස්සර උන්ට වගේ පාඩම් කියා දිදී වැඩ කරන්න වෙයි ඉස්සරහට ඉන්න කොල්ලන්ටත්. වැල් වල රඟපාපු සනීව හින්දි ෆිල්ම්ස් වල පෙන්නද්දි හුරේ දදා බලන්න පුලුවන් අපේ සමහර බහුශෘතයෝ සනීගේ වැලක් බලද්දී තව එකෙක් දිහා බලන්නේ මාර වපර ඇහැකින්. හැබැයි මම අදටත් එකක් දන්නවා. සුදු රෙදි ඇඳන් වල් වැඩ කරන උන් කොච්චර වැලට බැන්නත්, අදත් හෙටත් අනිද්දාත් වැල වෙනුවෙන් සටන් කරන කොල්ලෝ ඉඳීවි කියන එක.

"පාසල් මට්ටමෙන්  ඕවා කලාට දැන් අපි ඒවා කරන්න හොඳ නැහැ" කියලා තර්ක කරන සෙට් එකකුත් ඉන්න පුළුවන්. දවසක් අපේ batch එකේ meeting එකක් තිබුණා. වැඩේ බොහොම වැදගත් විදිහට කෙරීගෙන යද්දි එක පාරටම පිටිපස්සේම එකෙක් ලඟ ඉන්න එකාගෙන් ඇහුවා

"මචං අර ලඟදී වටේ ගිය drop box link එක දැක්කාද? ඒක මාරයි බං... updated ඒවා තියෙන්නේ කියලා..."

ඔය කතාව ඇහුණා විතරයි අර වැදගත් meeting එක මැද්දේ හැම එකාම අරූගෙන් link එක forward කරගන්නවා. තවමත් ඒ කොල්ලන්ගේ ගති ගිහින් නැති එක ගෙන මට මාරම සන්තෝසයි. ඔහෙම ඉන්න උන් ගෑණුන්ට ඉව අල්ලනවා ඇති. දහස් වාරයක් ගෑණුන්ට ටෝක් කරලා දෙතුන් පාරක් සාර්ථක වෙලාත් ඇති. හැබැයි ඔය එකෙක්වත් බලෙන් ගෑණුන්ට අතවර කරන්න යන, පොඩි උන්ගෙන් අසහනය පිට කරන උන් නම් නෙමෙයි.

මේ කතාව ඉවර කරන්න යද්දී අම්මා අදත් ආවේ...

"අන්න අර වෙන එකෙක්ව අල්ලලා අර ළමයාගේ මරණෙට. පොඩි කොල්ලාගේ අම්මා වන්දි ඉල්ලලා නඩුවක් දාලා ලූ. හැබැයි අර අනවශ්‍ය දේවල් තියන් හිටපු එකට නම් හම ගහන්න  ඕනේ" කියලා නිවුස් එකක් අරගෙනමයි.

"එතකොට අර ඇත්ත වැරදි කාරයාත් සෑහෙණ නරක දේවල් ලඟ තියාගෙන වෙන්න ඇති නේද අපරාධ කරන්න ඇත්තේ?" කියලා අහන්න හිතුනත්, වැල වෙනුවෙන් කතා කරලා මගේ හම ගලවාගන්න  ඕනේ නැති නිසා මම කට වහගෙනම උන්නා

Sunday, August 30, 2015

ලව් ඉන් 2015

මම දකින විදිහට අපි ජීවත් වෙනවා කාල 3ක්. අතීතය, වර්තමානය සහ අනාගතය කියලා. හැබැයි ඇත්තටම බැලූවොත් ගොඩ දෙනෙක් වර්තමානයේ හිටියාට ජීවත් වෙන්නේ අතීතයේ. මේක එක්කෝ වර්තමානයට තියෙන බය. නැත්තම් අතීතයේ හිර වෙලා ඉන්න තියෙන ආසාව. මේක ගොඩාක් වෙලාවට බලපාන්නේ ආදරේ වගේ දේවල් වලදී. කෙල්ලෙක් හරි කොල්ලෙක් හරි තමන්ගේ පරණ ලව් එක වෙනුවෙන් දුක් වෙන එක තමා සිරාම ලව් එක. අපි කව්රු හරි කිව්වොත්,

 "අඩෝ අපිත් ලව් කලා. උඹලාට වඩා කටු කෑවා. හැබැයි අද අපි ඒකේ දෙයක් නෑ කියලා තේරුම් අරන් ජීවත් වෙනවා" කියලා, එදාට උන්ගේ විදිහට අපි සිරාවට ලව් කරලා නැහැ.

මමත් ඉස්සර විස්වාස කලා ජීවිතේ සිරාම ආදරයක් එන්නේ එක පාරයි කියලා. ඒ කාලේ ඔය දේ මගේ ඔලුවට ගියේ Kuch Kuch Hotha Hai ෆිල්ම් එක බලලා. ඒකේ කියනවා අපි ඉපදෙන්නේ එක පාරයි. මැරෙන්නේ එක පාරයි. එහෙනම් අපි ආදරේ කරන්නේත් එක පාරක්ම තමයි කියලා. හැබැයි කල් යන්න යන්න. ජීවිතේට කෙල්ලෝ එන්න එන්න මට තේරුනා ඒකත් සාපේක්‍ෂව කෙනාගෙන් කෙනාට වෙනස් කියන එක. හැබැයි දෙන්නෙක් සෙට් වෙන්න නම් හැම වෙලේම තමන්ට වඩා අනෙක් කෙනා ගාව දෙයක් තියෙන්නම  ඕනේ කියන දේ නියතයක්. හොඳට හිතලා බැලුවොත් අපි කව්රුත් ආත්මාර්ථකාමී. මගේ දැක්ම අනුව නම් ලෝකේ තියෙන ආදර වර්ග වලින් තමන්ට දෙයක් බලාපොරොත්තු නොවී කිසිම දෙයක් නැතිව කරන එකම ආදරේ තමයි Gay Love එක.

ගොඩාක් දෙනා මට තමන්ගේ ජීවිත වල තියෙන දුක කියනවා. සමරහර ඒවා සමාජයේ පිටින් පේන විදිහට හරිම සුන්දර ආදර කතා. හැබැයි එක පැත්තකින් කියන කතා ඇහුවාම මේ මොන බොරුවක්ද කියන එක හිතෙනවා. ගොඩාක් කෙල්ලෝ අද සෙට් වෙලා ඉන්න කොල්ලා එක්ක ඉන්නේ උගේ තියෙන දෙයක් නිසා. මොකද එ්කි කියන කියන විදිහට ඌත් නටන නිසා. හැබැයි කොල්ලා හිතන් ඉන්නේ මේක තමයි මගේ ජීවිතේ, මේක දින්නා කියන්නේ මම ජීවිතේ වැදගත්ම දෙයක් කලා වගේ තමයි කියලා. 

තවත් සමහර ආදර කතා මගදී නැති වෙනවා. ඒවාගෙන් ගොඩාක්ම දේවල් වල කොල්ලා, මේක තමන්ට ජීවිතේටම ලැබුණු එකම චාන්ස් එක. මේකෙන් පස්සේ දෙයක් නැහැ කියලා වැලපෙනවා. හැබැයි කෙල්ල කාලයක් වැලපිලා ඒ දුකෙන්ම අර කලින් කිව්වා වාගේ කියන කියන දේ කරන එකෙක් එක්ක සෙට් වෙනවා, මොකද අඩුම ගානේ තමන්ට කාලා ඇඳලා සන්තෝසෙන් හරි ඉන්න පුළුවන් නේ කියලා හිතලා. 

මම චැලේන්ජ් කරනවා අද ඉන්න කපල් වලට. හිතවල් ඇතුලේ පොඩ්ඩක් වත් එහෙම දෙයක් නැතිව, කිසිම දෙයක් බලාපොරොත්තු නොවී කරන ආදරයක් තියෙනවා නම් බය නැතිව මෙතන කියන්න කියලා. දෙනෝ දහක් මට කියයි "නියම ආදරේ නොදැන උඹ බොරුවට කෑගහනවා" කියලා. හැබැයි මම අදටත් කියනවා අපේ ඉස්සර තිබුණ සමාජයේ ඇරෙන්න අද වෙද්දී ඔය කියන සැබෑ ආදර කතා ඇත්තේ නැහැ කියලා. 

අපේ ආදර කතා වලදී අපි කාපු ගූ කන්දරාව අනිත් උන් දන්නවා නම් අපිට කොහෙන් හිනා වෙයිද දන්නෑ. වැටෙන්න පුළුවන් සවුත්තුම තැන් වලට අපිත් වැටිලා තියෙනවා. මගේ ජීවිතයේ කෙල්ලෙක් මාව දාලා තියෙනවා පාරේ ඇඳුමක් ඇඳන් යන්න බැරි වෙන තත්වෙකට. එකම වෙනස අපි එ්වායින් පාඩමක් ඉගෙන ගත්තා වගේම අපි ලඟම ඉන්න ටික දෙනෙක්ට ඇරෙන්න එ්වා ප‍්‍රචාරය කලේ නැහැ. හැබැයි අනිත් උන් කියනවා වගේ අපි වැදි බණ දෙසන්නේ නැහැ. උන්ටත් වඩා ලක්‍ෂ ගුණයක් අමාරුවෙන් පාඩම් ඉගෙන ගෙන ගමනක් ආද නිසා තමයි අද මෙහෙම කියන්නේ.

මනියා දවසක් කිව්ව කතාවක් මතක් වෙනවා. "A girl becomes a woman through a physical pain but a boy becomes a man through a mental pain". ඇත්තටම ඒක මාරම ඇත්ත කතාවක්. අද සමාජයේ ඉන්න කොල්ලෝ බහුතරයක් මේ mental pain එක විඳින්න තියෙන බයටයි කෙල්ලෙක්ට ඔලුව නමාගෙන ඉන්නේ. එදිනෙදා දකින්න ඇහෙන්න ලැබෙන දේවල් වලින් පවා කරන්නේ පිරිමියාට ගෑණු ගති පුරුදු කරලා කාන්තාව තවත් බල ගැනිවීම කියන එකයි මගේ අදහස.

මැතකදී මම එක කෙල්ලෙක්ගෙන් ඇහුවා අපි බඳිමුද කියලා. මේකි මට කියනවා. "I have skills, Leadership skills". මෙහෙම ඉන්න පුළුවන් නම් කැමතියි ලූ. යකෝ ඒකිගේ Leadership Skills මට මොන රෙද්දකටද? කොල්ලෙක් විදිහට තමන්ට දෙයක් කරන්න පුළුවන් නම් ඇයි තවත් කෙනෙක් අතින් පාලනය වෙන්නේ?? කෙල්ලෙක් ඔය කොච්චර කිව්වත් කවදාවත් කොල්ලෙක්ව තමන් දක්කන් යන එකට ආසාවක් නම් නැහැ. එහෙම ගියත් ටික කාලයක් යද්දී ඒක එපා වෙනවා. 

හැබැයි අද මේ පුරුදු කරලා තියෙන සමාජ ක‍්‍රමය අනුව Nice Guys කියන පොන්නයෝ සෙට් එක සැදී පැහැදී සිටිනවා  ඕන කෑල්ලක් ලොකු කරලා තියාගෙන බලා ගන්න. ඉතින් අහන්නත් දෙයක්ද උන්ගේ demand එක නළලේ තියෙන එක ගෙන. අද අපිට පෙන්නන දේවල් වලින් සහ ඇහෙන දේවල් වලින් බහුතරයකම තියෙන්නේ පිරිමියාව නෝංජල් ගති ඇති කරන එකම නෙමෙයිද? ඒ කාලේ කොල්ලෙක්ව impress කරන්නයි කොල්ලෝ හැඩ වුණේ. අද යකෝ එක කෑල්ලක් පස්සේ එ්කිව ෆෝම් කර කර යන පොෂාන් ලා සෙට් එකක්ම ඉන්නවා.

කෙල්ලෙක්ට ආදරේ කරන්න. ඒකේ වරදක් මම දකින්නේ නැහැ. හැබැයි තමන්ගේ පිරිම කම තියාගෙන. හිතන් ඉන්නවා නම්, "අනේ මේක තමයි මට ලැබෙන හොඳම කෑල්ල. මොන දුක විඳගෙන උනත් මම මේක එක්ක ඉන්නවා. දැන් අනික වෙන්න  ඕනේ කාලේ නේ" කියලා... හිතන්න, තවම ජීවිතේ ගෙවිලා තියෙන්නේ කෝච්චර පොඩ්ඩක්ද කියලා. ආපු දුරත් එක්ක ආපහු හැරෙන්න බෑ වගේ නම් කැලේ කඩාගෙන දුවන්න වෙන පාරක් හම්බ වෙනකම්. එ්ක සැපයි වැරදි පාරේ යනවාට වඩා. පරණ කෑල්ල, පරණ කොල්ලා වෙනුවෙන් බලාගෙන අතීතයේ ජීවත් වෙනවා නම් කරුණාකරලා අලූතෙන් දෙයක් පටන් ගන්න එපා. මොකද මම ඔයාට කැමති වුණේ ඔයාගේ පරණ ආදර කතාව අහ අහා ඔයාගේ දුක නැති කරන්න නෙමෙයි. 

කාලා විසික් කරපු චුයින්ගම් එකක් කොච්චර රස වුණත් ආයි කටේ දාගෙන හපන්නේ නැහැ වගේම තමන්ගේ ආදරයටත් ප‍්‍රතිපත්තියක් තියාගන්න. ඉන්න සේරම අය නරකයි මම මගේ Soul mate එනකම් ඉන්නවා කියලා ඉඳලා වර්තමානයේ ජීවත් වෙන එක අමතක කරන්නත් එපා. කවදා හරි තමන් පිරිමියෙක් කියලා තේරුන දවසකට පුළුවන් වෙයි හරියන කෙල්ලව තෝරා ගන්න ගේමක් නැතිවම. හරි හමන් කෙල්ලෙක් උන දවසට කෙල්ලෙක්ට වුණත් එ් දේ පුළුවන් වෙයි. අන්න එදාට අර Nice Guy කියන පොන්නයෝ සෙට් එකට යන එන මං නැතිවෙනවා බලන්න මම ආසාවෙන් බලාගෙන ඉන්නවා.

Tuesday, August 18, 2015

අප්පච්චි

 * * *

කාලයක් කට පුක වසාගෙන හැම දේම බලාගෙන සිට අද දින සුරාන්තයට පත් වූ සතුට වෙනුවෙන් ලියමි. 

* * *

අපේ ගෙදර අප්පච්චිගේ නම මහින්ද ගුණසේකර. රටේ අප්පච්චි වෙච්ච මහින්ද රාජපක්‍ෂව ගෙදර අප්පච්චීට දිරෙව්වේම නැහැ. යුද්ධයක් දිනලා රටම මහින්දට හොඳ කියද්දිත් ගෙදර අප්පච්චි කිව්වේ,

"ඔය මිනිහාගේ හිනාව පිටිපස්සේ තියෙන්නේ හොර හිත" කියලාමයි.

 ඒ කාලේ මම ආඩම්බරයෙන් "මහින්දගේ පුතා මම" කියලා කිව්වේ රටේ අප්පච්චි ගෙන ඇති වූ ආඩම්බරය වගේම කරපු දේ ගෙන මට සතුටු හිතුන නිසායි. හැබැයි යුද්දේ දිනලා ටික කාලයක් යද්දී, යෝෂිත අයියාගේ වගේම නාමල් අයියාගේ සමහරක් වැඩ වලින් ඇති වෙච්ච කළකිරීම දෙගුණ වුණේ රට හරකෙක්ට තරම් මොළයක් නැති චිචී අයියාගේ දේවල් දැකලාමයි.

ඒ කාලේ රනිල් ගෙන මගේ හිතේ මහා පැහැදීමක් තිබුණේම නැති තරම්. ඉස්කෝලේ එකක් ය කියන හැඟීමට ඇරෙන්න මිනිහාගේ ඇති දෙයක් මම නම් දැක්කේ නැහැ. හැබැයි රටේ අප්පච්චීගේ පිහිටෙන් එක එක විජ්ජා පෙන්නපු, අප්පච්චිගේ වටේ හිටපු උන්ගේ යට හිටපු උන් ඇරපු පඩ දිහා මම බලාගෙන හිටියේ හිතේ වේදනාවෙන්.

අසාධාරණකම් දකින්න දකින්න, සමාජයේ එක පැත්තක් විතරක් අසාධාරණය සැප විඳිනවා දකින්න දකින්න සමාජය ගෙන විතරක් නෙමෙයි රට ගෙනම මට කලකිරුණා. ඊටත් වඩා සේරම වැරදි එළිපිට කරනවා දැක දැකත් පහුවදාට රටේ අප්පච්චී වැරදි කාරයින්වම සුද්ද කරද්දී අත්පුඩි ගහපු සෙට් එකකුත් දකිනකොට අනේ හුකේ.. කියලා හිතුණ වාර අප‍්‍රමාණයි. 

ඊලඟට රටේ අප්පච්චි කරලියට එනවා ජනාධිපතිිවරණයක් එක්ක. අනිත් පැත්තේ ඉන්නේ සරත් ෆොන්සේකා. එ් පාර මට ජන්දේ නැති වුණත් මම රටේ අප්පච්චී වෙනුවෙන් සපෝට් කරනවා. රටක් බේරාගත් මිනිසාට කළගුණ සලකන්නයි එහෙම කරන්නේ. හැබැයි මේ වෙද්දි අප්පච්චිත් සැහෙණ වෙනස් වෙලා. එ්කට මොකද ගෙදර අප්පච්චී නම් තාමයි කියන්නේ  " ඕකා මහා හොරා කියලාමයි". ජන්දේ ඉවර වෙලා සරත් ෆොන්සේකාගෙන් පළිගන්න දේ අපි ඉක්මනට අමතක කරනවා.

කාලය ටිකෙන් ටික යනවා. වටිනා ජීවිත එක දෙක මැරෙන්න ගන්නවා. උගත්තු රට යනවා. මොඩයෝ වැඩ දානවා. කොටින්ම කිව්වොත් කොසොල් රජ්ජුරුවෝ දැක්ක හීන සෙට් එකම දැන් එළි පිට පේන්න අරන් තියෙන්නේ.

මේ කාලේ තමයි මනියා මට අනුර කුමාරගේ කතා ටිකක් පෙන්නන්නේ. මට මතක විදිහට පළාත් පාලන ජන්දේ ලං වෙන හින්දා කලින්ම ජේ.වී.පී එක අලුත්ම ප්ලෑනකට අනුව වැඩට බැහැපු කාලයක් ඒක. ඉස්සර වගේ "දියව් දියව්", "හකුලාගනිව්" නොකියා මොළේට කතා කියන, හිඟා කකා හරි ලොකු උන්ට කඹුරන මානසිකත්වයට පාර පිට පාර ගහන අමුතුම විදිහකින් තමයි අනුර කුමාර කතා කලේ. හැම වෙලේම අනුර කුමාර කිව්වේ... " හිතන්න, ඇයි අපිට මේවා හිමි නැද්ද? අපි ලබා උපන් හැටි කියලා හැම දේම තවත් ඉවසනවාද?" කියන එකයි. මේ කතා අහද්දී මොලේ ජුන්ඩක් හරි තියෙන එකෙක්ට තේරෙනවා තමන් කොච්චර චාටර් තත්වෙකද හිටියේ කියන එක. 

මම ජේවීපී උන එකට අම්මා සෑහෙණ ගේමක් ඇද්දා. කොහොමින් කොහොම හරි මම මගේ පළවෙනි ජන්දේ දෙන්නේ ජේවීපී එකට. එ්ක දෙන්නේ මහා පෙරලියක් කරන්න නෙමෙයි හැබැයි මහා පෙරලියක මුල්ම අඩිය විදිහට. එදා ජන්දේ ප‍්‍රථිපල කියද්දේ මායි මනියායි සතුටු වෙන්නේ අඩුම ගාණේ දශමයක් හරි අපි මේ කරන වහල් කම ගෙන තේරෙන උන් ඉන්නවා නේද කියන එක හිතලා. එදා ජේ.වී.පී එක ටාගට් කලේ තනිකරම තරුණ ප‍්‍රජාව. හොඳම මාධ්‍යය වුණේ සමාජ ජාලය. ආඩම්බරයි කියන්න ඒ කාලේ මගේ Profile එකේ මම දැක්කා අපි මේ ජීවත් වෙන බොරුව වෙනුවෙන් විරුද්ධ වෙන දෙතුන් දෙනෙක්ම. සමහරුන්ට සමාජයෙන් වෙනම පෝස්ට් හදලා මඩ ගහද්දි කෙල්ලෙක් වෙලාත් සමාජයේ වැරදි ගෙන කෑගහපු අය හිටපු එක ගෙන මම සතුටු වුණා. මේ වෙද්දි තැනින් තැන රටේ අප්පච්චි ට විරුද්ධව ටික ටික හිත් වලට ඇත්ත පේන්න පටන් අරන් තිබුණා.

මෙහෙම ටික කාලයක් යද්දී එදා "මා විශ‍්‍රාම ගිය දිනෙක මා සිටින ගිරුවාපත්තුවේ මැදමූලන නම් ගමට පැමින මා කල දේ අගය කරන්න" කිව්ව අප්පච්චි ආයෙත් චන්දෙකට ලැස්ති වුණා. ප‍්‍රබල විපක්‍ෂයක් නොතිබ්බ රටක අප්පච්චීට ගේමක් තිබුණේම නැහැ. මොනවා හරි හේතුවකට කවදාවත් හෙල්ලෙන්නේ නැතිවෙයි කියලා හිතපු කළු ගල් වගේ මිනිස්සු කඩාගෙන ඇවිත් එකට එකතු වුණා වෙනසක් කරන්න. මේ වෙද්දි රනිල් වික‍්‍රමසිංහ කියන මනුස්සයා තමන්ගේ ලොකුම වැරද්ද වුණ ලංකාවේ සමාජය තේරුම් නොගත්ත වරද හදා ගෙන තිබුණේ. එදා යහපාලනය වෙනුවෙන් රටේ අප්පච්චීට විරුද්ධ සේරමලා එකට එකතු වුණේ, තව දුරටත් අප්පච්චී බලය ඉල්ලන්නේ අපි වෙනුවෙන් නෙමෙයි කියන එක තේරුණ හින්දා. 

අප්පච්චි කරගත්ත අනිත් වරද තමයි එදා යුද්දේ දිනද්දී අත්පුඩි ගහපු අපි තවමත් අනුන්ගේ කීමට අපේ ජන්දේ එයාටම දෙයි කියලා හිතපු එක. එයාට අමතක වුණා ළමයි දැන් යමක් කමක් තේරෙන අය කියන එක. එදා Facebook හරහා අප්පච්චිට විරුද්ධව සටන් කරන්න තරුණ කොල්ලෝ කෙල්ලෝ එකට සෙට් වුණේ අප්පච්චිගේ වටේ ඉන්න මාමලා සෙට් එක අපේ අලුත් පරම්මපරාවට කතා කරපු ඒ කැත විදිහ නිසාමයි.

එකම රටේ මිනිස්සු බයියෝ සහ ටොයියෝ විදිහට බෙදෙද්දි. දිනූ රට අනතුරේ කියද්දි. සිංහල රටේ සිංහල ජාතිය ගෙන ටොක්ස් දෙද්දි, අප්පච්චිගේ නියම දරුවෝ කියන විදිහට අපිත් රට පාවලා දුන්නා. එදා උනත් අප්පච්චිට නම්බු ඇතිව විශ‍්‍රාම යන්න අවස්තාවක් දීලයි ඒ දේ කලේ. එදාත් ගෙදර අප්පච්චී නම් කියන්නේ "ඔය හොරා ආයෙත් එනවාමයි" කියලයි

අප්පච්චි පැරදුනායින් පස්සේ එනවා කාලයක්. සෑහෙණ රට ගෙන හිතන, ජාතිය වෙනුවෙන් පණ දෙන සෙට් එකක් එළියට බහිනවා මේ කාලේ. මේ අතරේ එකෙක් දෙන්නෙක් ඉන්නවා ඇත්තටම ආගම ජාතිය වෙනුවෙන් කෑ ගහන උනුත්. හැබැයි බහුතරයක්ම ඉන්නේ බොරුවට කොණක් අල්ලන් කෑගහන උන්. ජීවිතේ සැඳෑ සමය හරවත් විදියට ගෙවන්න තැබුණු අප්පච්චීව කරේ තියාගෙන ආයිමත් අගමැති කරන්න හදන්නේ ඔය කියන සෙට් එකමයි. හැබැයි මේ පාර රටේ අප්පච්චි අපිටත් හිනා වෙලා අමුතුම විදිහකට එද්දිත් ගෙදර අප්පච්චිට තවමත් පේනේ හොරා හොරා විදිහටමයි.

මේ වෙද්දී ආයි පාරක් රටේ අප්පච්චිව පරදලා ගෙදර අප්පච්චි දිනලා තියෙනවා. තවමත් රටේ අප්පච්චිව පන්තියේ මොනිටර් කරලා හරි ජාතිය බේරාගන්න කෑ ගහන සෙට් එකකුත් ඉන්නවා. රනිල් 29 වතාවක් පැරදිලාත් පරාජයට කවදාවත් එක හේතුවක් ඇද ගත්තේ නැහැ. අනික 29 වතාවක් පැරදුණු මිනිහා 30 වෙනි වතාවට ඉල්ලුවෙත් එකම confidence එකකින්. අනික මේ පාර ජන්දෙදිත් ජේ.වී.පී එකෙන් මිනිස්සුන්ට කියන්න හදපු අදහස් ටික ඔලූවට ගියා නම් සෑහෙණ ප‍්‍රබල විපක්‍ෂයක් හැදෙන්න තිබුණා. හැබැයි එදා අනුර කුමාර නායකත්වය අරගෙන අලුතෙන් හදපු ඒ Trend එක තරුණ හිත් වලට සෑහෙණ ගිහින් ඉවරයි. ජේ.වී.පී එකේ අරමුණ බලයට එන්න නෙමෙයි. ප‍්‍රභල විපක්‍ෂයක් හදන්නයි. එ් දේ අද හෙට නොවුනත් කවදා හරි වෙනවා කියන එක මට විශ්වාසයි.

රනිල් දින්න එකට සතුටු වෙන මම ඉස්සරහට රනිල්ටත් වඩා හොඳ කෙනෙක් ආවොත් රනිල්වත් පරද්දන්න හිත හදාගෙන ඉවරයි. මොකද මට රටට අප්පච්චි කෙනෙක් තවත්  ඕන නැති නිසා. අද නම් ගෙදර අප්පච්චී ඉන්නේ සතුටෙන්. ඒකට හේතුව අද "මම මහින්දගේ පුතා" කියලා කියන්නේ එයා ගෙන ආඩම්බරෙන් කියන එකට වඩා තව දුරටත් "මහින්දයා හොරා" කියද්දී එයාගේ නම ගෑවෙන්නේ නැති එකට කියලා මට හිතෙනවා

Tuesday, June 23, 2015

21 වන සියවසේ වහල් භාවය

ලියන්න පටන් අරන් බාගෙන නවත්තපු කතා 3ක් තියෙනවා ඉවර කරන්න. හැම කතාවම කියවගෙන යද්දි මටම හිතෙනවා "මේ මොන ජරාවක්ද මේ" ලියලා තියෙන්නේ කියලා. එ් හින්දාම මම කතා ලියන එක නවත්තලා කතා ලියන්න බැරි වෙන හේතුව හොයන්න ගත්තා.

ජීවිතේ ගෙවුණේ එකම විදිහට. වෙනසකට කියලා වුණේ 8.30-5.30 රස්සාවකට යන්න පටන් ගත්ත එක විතරයි. ජොබ් කරන එකට බැණ බැණ රස්සාවකටම ගියේ  කියන තරම්ම ජොබ් කරන එක නරකද බලන්න,
අනික සතියට දවස් 3ක් වැඩට යන එකේ මහා ලොකු ප‍්‍රශ්ණයක් තිබුණෙත් නැහැ

ඉගෙනගෙන, ඩිග‍්‍රියක් කරලා, ජොබ් එකක් හොයාගෙන කසාදයක් බැඳගෙන ළමයි උස් මහත් කරනවා කියන සාම්ප‍්‍රධායික පෝලිමේ ඉන්නවා නම්, Congratulations, ඔයා තමයි ඕනෑම කම්පැනියක් හොයන නියම සේවකයා. "කොච්චර අමාරු වුණත් ඉතින් මේක තමයි ජීවිතේ. මොනා කරන්නද. අඩුම ගානේ මාසෙට ස්ථීර ගාණක් එනවානේ" කියලා හිතනවා නම්, ඔයා නියමෙට සමාජෙට හැඩ ගැහිලා.

එදා මේ ටොක් එක දෙද්දී ඔය ජාතියේ එවුන්ට කියන්න පුළුවන් "අනේ මුන්ට ජොබ් එකක්වත් නැතිව පොර ටෝක් දෙනවා" කියලා. හරි, දැන් උඹලා කියන විදිහට හොඳ තැනක, හොඳ ජොබ් එකක් කරනවා උඹලාටත් වඩා අඩු දවස් ගාණක් වැඩට ගිහින් වැඩි පඩියක් අරන්. දැං කියපං ඇයි එ්ත් මට සතුටු නැත්තේ කියලා?

උඹට පුළුවන් ඇඟට දැනෙන මහන්සිය කවර් කරන්න ලැබෙන පඩියෙන් කොහේ හරි නිවාඩුවකට ගිහින්, උඹට පුළුවන් බොසා කියන කුණු කතා ටික, ටාගට් මදි වෙලා දැනෙන pressure  එක අමතක කරන්න Friday Night එකට හොඳට සෙට් වෙලා බීලා. හැබැයි උඹ කොහොමද නැතිවුණ නිදහස ආයි ගන්නේ? තමන්ගේ ජීවිතේ වටිනාම කාලේ සල්ලි ටිකකට පාවලා දීලා ඉඳලා ආඩම්බරෙන් තමන් ආව ගමන දිහා පස්සේ කාලෙක හැරිලා බලන්නේ? උඹලා හැමෝම කරන්නේ ලොකු ලොකු කම්පැනි වල ලොක්කන්ගේ වීර කතා ඉස්සරහට දාගෙන උන් හදපු කම්පැනි වල පඩ ගෙම්බෝ වගේ පුම්බ පුම්බ ඉන්න එක විතරයි. හැබැයි හොඳට බලපං ඔය කම්පැනි හදපු හැම මිනිහාම ජීවිතේ risk එකක් අරන් සාම්ප‍්‍රධායෙන් පැනලා තමන්ගේම කියලා වෙනස්ම දෙයක් කරපු මිනිස්සු.

උදේට ඇහැරිලා වැඩට ගිහින් හවසට ගෙදර ඇවිත් නිදාගන්න චක‍්‍රය දවස් 5ක් කරලා අනිත් දවස් දෙකේ හති ඇරලා ආයිම දවස් පහේ රෝල ගහන එක පුරුදු වුණා කියන්නේ කුඩු ගැහුවා වගේ දෙයක්. ජීවිතේ ඒකාකාරී වුණාම අපි ඒකට පුරුදු වෙනවා. එතනින් පටන් ගන්නවා වෙනස් වෙන්න තියෙන අකමැත්ත සහ බය. රස්සාවෙන් සල්ලි හම්බුවෙනවා, හැබැයි මාසේ අන්තිමට ඉතුරු කරපු මහා දෙයක් නැහැ. හිතලා බලපං අන්තිමට තමන් මැරුණ තරමට හිත හදාගන්න තමන් වියදම් කරලා. හැබැයි ඉතුරු වුණ ගාන එක්ක බැලූවාම තමන් වැය කරලා තියෙන සේරම දේවල් හොඳටම වැඩී.

"රස්සාවක් කරන එකත් වැරදියි නම්, ලැබෙන පඩියෙන් සතුටෙන් ඉන්නත් බැරි නම් මොකක්ද කරන්න කියන්නේ?" කෙනෙක් අහයි ඒ ප‍්‍රශ්නේ.  ඕකට තියෙනවා කරන්න දේවල් 3ක්.

තමන් කොහේ හරි රස්සාවක් කරන්නම  ඕනේ අනිවා මේකේ තියෙන කට්ට දැනගන්න නම්. හැබැයි ඒක දැනගෙන අයින් වෙලා තමන්ගේ දෙයක් පටන් ගන්න පුළුවන් නම් පොඩියට හරි, අන්න එක විදිහක්.

තමන්ට දෙයක් කරන්න සල්ලි නැත්නම් පරම්පරාවෙන් සල්ලි අරන් ආවේ නැත්තම්, වැඩ කරන ගමන් තමන් කැමති දේ කරන්න පොඩ්ඩ පොඩ්ඩ හරි පාර හදාගන්න. තනියම නිගිටින්න කාලේ ආවාම තමන්ගේ දේ ගෙන focus කරන්න.

අන්තිම විදිහ තමයි ජීවිතේ සරළ කරගන්න එක. වැඩි අවශ්‍යතා නැතිව සරළව ජීවත් වෙන්න. සතුට කියන දේ තියෙන්නේ සල්ලි වලම නෙමෙයි. නිදහස සහ තමන් කොච්චර තමන්ව තේරුම් අරන්ද කියන එක ගෙන.

"ආහ්.... අපිත් මේ අර දෙවනියට කියපු එක තමයි කරන්නේ. ඒකයි තවම අපිත් ජොබ් කරන්නේ" කියලා කෙනෙක් කියන්න පුළුවං.

හිතලා බලපං උඹ කොච්චර කැමතිද කියලා උඹේ ඔය වහල් ගැටේ ට? හිතපං කොච්චර එපා වුණත් මාසේ අන්තිමට පඩිය එද්දී අනේ අඩුම ගාණේ මේකවත් ලැබෙන්නේ මේකෙන් කියලා හිතෙනවා නේද කියලා. ගැලවෙන්න බෑ පුතා. උන්නත් දාහයි මලත් දාහයි කියලා අයින් වෙලා ජීවිතේ එක්ක ඔට්ටු වෙන මිනිහා පැරදුනත් පැරෙදෙන්නේ තමන් විසින් තමන් වෙනුවෙන් ගත්ත තීරණයක් වැරදුණා කියල සතුටින්.

කියපු දේවල් ගෙන හොඳට හිතපං. හිතලා මේ වෙන දේ තේරුම් අරගෙන "අප්පා... මේ රෙද්ද කියෝලා හෙටත් වැඩට යන්න පරක්කු වෙනවා" කියලා දිගටම වැඩට පලයං.

Monday, May 4, 2015

මයි ලයිෆ්. මයි රූල්ස්

ලඟදී දවසක මම ගියා පොඩි ඉන්ටර්වීව් එකකට. එකේදී මගෙන් ඇහුවා...

"Mr. Gunasekera, Are you happy with the decisions you have made in your life? Not only the right decisions, also about the ones you got wrong" කියලා. ඔන්න මම බුවාට අතීතයෙන් කතා ටිකක් කියන්න ගත්තා.

මට මතකයි මම ශිෂ්‍යත්වේ පාස් වෙච්ච දවස. අම්මා නම් කිව්වේ

"ඇති යන්තම්  ඕක පාස් වුණා. මම නම් හිතුවේ ළකුණු 50ක් වත් ගන්න එකක් නැහැ" කියලා.

එයා එහෙම කිව්වේ මම එච්චර මෝඩ හින්දාද නැත්තම්, සෙක්ෂන් එකේ හැමදාම දෙවෙනියා වෙලත් ශිෂ්‍යත්වේ ෆේල් වුණ දේවින්ද වගේ වැඩ නොපෙන්නුව කෙනෙක් නිසාද කියන එක මගේ පුංචි මොළේට තේරුණේ නැහැ. අශෝකෙට යන්න තිබුණත් මම පරණ ඉස්කෝලෙම හිටියේ මගේ හොඳම යාළුවා බේකරියාව දාලා යන්න බැරිකම හින්දා. කොහොම හරි මාව ඉංග්ලිෂ් මීඩියම් ක්ලාස් එකට තේරුණාම එ් විභාගෙත් අර යකා ෆේල්. මට මතකයි 6 වසරේදී එකම කොරිඩෝර් එකේ කෙරෝලවල් දෙකක තිබ්බ පන්ති දෙකේ අපි දෙන්නා වැඩි හරියක් අනිත් එකාගේ පන්තියට වෙලා ඉන්නවා දැකලා මගේ පන්ති භාර මිස් බේකරියාවත් ඇදලා අපේ පන්තියටම දාගත්ත හැටි.

එ්ලෙවල් වලට ආනන්දෙට ගිහින් මැත්ස් කරනවාමයි කියලා මම ෆුල් කික් එකේ හිටියේ. මගේ නෑයෝ සේරම ආනන්දේ නම ගිය කාඩයෝ තමයි. ප‍්‍රථිපල ආවා විතරයි වෙන ඉස්කෝලෙකට යනවා නම් මට තිබුණේ එක්කෝ ඉසිපතනේ මැත්ස් කරන්න, නැත්තම් රෝයල් එකේ කොමර්ස් කරන්න. බේකරියත් ගියා ඉසිපතනේ කොමර්ස් කරන්න. දැන් මම විතරයි රෝයල් යන්නේ. කියන රෙද්දක් තේරෙන්නෙත් නෑ කොමර්ස් වල. බැරිම තැන මම පන්ති බාර වජිරා මිස්ට කිව්වා මට ආර්ට්ස් කරන්න දෙන්න මට මේ රෙද්ද බෑ කියලා. මිස් දවසින් දවස කල් මර මර හිටියත් මගේ වදේ ඉවසන්නම බැරි තැන මාවත් ඇදන් ගියා ආර්ට්ස් සෙක්ෂන් එකේ ශාමේන් මිස් ගාවට. මගේ උඩ ඉඳන් බිමට බලපු ශාමේන් මිස් කියපි...

"Aiyo darling don't worry, He is still adapting the change noh.. He will get used to this. If he complains again after 1 month I'll definitely get him" කියලා.

නඩුත් ශාමේන්ගේ බඩුත් ශාමේන්ගේ කියලා හිත හදාගත්ත මම ආවා පන්තියට. මෙච්චර දවස් සොහොනක් වගේ තිබුණ පන්තියේ එදා බිත්තියක් හිල් කලා ජනියා, ඉකෝන් ඉගන්නවන්න ආපු කොට බුවා ඇම්ඩාගේ කතාවක් කිව්වා, ගෙදර යද්දී මට පොඩි කාලේ ඉඳන් දන්න චරියාව සෙට් වුණා ගෙදර යන්න. අනිත්මේදි ඒලෙවල් ඉවර වෙනකම් මාව 12/13 Come E2 එකෙන් යවන්න මොකාටවත් බැරි වුණා. ඒ ඉකෝන් කරපු කොට බුවා තමයි පස්සෙ කාලෙක මට සෑහෙන්න උදව් කරපුු දුලිප් සර්.

අළුතෙන් ඉස්කෝලෙට ආව උන්ගේ මන්තරේ තමයි මෙහෙ ඉන්න ළමයි එක්ක නටලා නරක් නොවී හොඳට ඉගෙන ගෙන තමන් ආව වැඩේ කරන් යන්න කියන එක. හැබැයි අපි ටික දෙනෙක් කලේ ඒකේ අනික් පැත්ත. හැම ජල්තර වැඩකටම බෑ නොකියා ගියා, සෙල්ලම් කරන්න පුළුවන් හැම දේම කලා, ට‍්‍රකින් ගියා, බිග් මැච් ගියා, බොන්න පුරුදු වුණා, ක්ලාස් වල පිස්සු කෙලියා. එදා ඉගෙනගන්න විතරක් ආපු එවුන් අද ජොබ් කරගෙන ජීවත් වෙනවා. හැබැයි අදටත් අපිට දඩ කොලයක් කැන්සල් කරගන්න, අඩුවට වාහනයක් ගන්න විතරක් නෙමෙයි  ඕන වෙලාවක සල්ලි නොදී බොන්න, බඩු පොට් වලට එක්කන් යන්න ඉන්නේ එදා අපි එක්ක වල බැහැපු උන්ම කමයි.

ඉස්කෝලේ ඉවර වුණ ගමන් මම යනවා බැංකුවක ඉන්ටර්වීව් එකක. අම්මා තමයි ඒකටත් මාව දක්කන්නේ.. පැනල් එකේ ඉන්න තුන් දෙනා අහනවා මගෙන් බැංකුව ගෙන ලංකාවේ Financial Field  එක ගෙන ප‍්‍රශ්ණ. එකක්වත් මම දන්නෑ. ඊට පස්සේ මම ඇත්තම කියනවා මම මේකට ආවේ අම්මාගේ වදෙන් බේරෙන්න කියලා. එතන එකෙක් තමයි මට කියන්නේ කවදාවත් ආයි බැංකුවක වැඩ කරන්න එන්න එපා, ඩිසයිනින් කරපු කෙනෙක් විදිහට ඔයා Advertising හරි Marketing හරි කරන්න කියලා.

ඒ කාලේ ඔන්න ටෙ‍්‍රන්ඩ් එකක් ආවා ඩිග‍්‍රියක් පටන් ගන්න  ඕනේ කියලා. සමහරු ජොබ් වලට යද්දි අපිත් ගියා ඩිග‍්‍රි කරන්න අතේ සල්ලිත් හරියට නැතිව. මම මුලින්ම ගියේ MIS කරන්න. ඒකේ තමයි අනාගතේ තියෙන්නේ, ඉස්සරහට මාරම ඩිමාන්ඩ් එකක් එනවා කියලා හැමෝම කියපු හින්දා මමත් ගියා. මුල්ම දවසේ පන්තිය බලද්දි එකම කෙල්ලයි හිටියේ ඇහැට කණට පේන. මම දැනගත්තා ෂුවර් මේකේ ඉන්න එවුන් සේරම  ඕකට සෙම පෙරද්දි  ඕකිගේ එක නළලට එනවා කියලා. පාළු කාන්තාරෙක ඉන්නේ කොහොමද හිත හිත මම ඉන්ටර්වල් එකේදී පහලට එද්දී දැක්කා Management ක්ලාස් එක. ^ට හිකෙයි පොඩි සාධු කිව්වාලු. එක එක ටයිප් ඒවා. ඒක හිත හිත හවස ලෙක්චර් එකේ ඉන්නකොට ආව සර් කාරයා දුන්නා ටෝක් එකක්.

"Now you all are undergraduates. Please don't keep that A/L mentality with you. You all are adults and be responsible. Don't cut lectures for any reason. Focus on your degree" කියලා.

මට දැන් හෙණම ප‍්‍රශ්ණේ... මේ සති අන්තේ බිග් මැච්. සිකුරාදා ලෙක්චර් එකක් තියෙනවා මුගේම. වැඩි හොඳට කියලා බුවා ශේප් එකේ මගේ ගාවින් යද්දි මම ඇහුවා

"සර් මේ සතියෙ සිකුරාදා ලෙක්චර් එකට එන්න වෙන්නෑ බිග් මැච් නිසා කමක් නෑ නේද ? " කියලා. මූණ පුක කරගත්ත මිනිහා ඔන් කලා මෙන්න මයික් එක.

"Now.. listen.. This is the exact mindset that I need all of you to get rid of. This bugger is asking my permission to miss a lecture. For what? for a school match... How could you ask that kind of a stupid question??" කියලා.

කියපු ගමන් මෙන්න ඒකේ හිටපු හැම එකාම මගේ දිහා බැලුවේ කොට ගවුමක් ඇඳන් එන කෙල්ලෙක් දිහා රවලා බලන පරණ කාලේ ඇන්ටිලා සෙට් එකක් වගේ. එවෙලෙම මම ගියා පහල ඔෆිස් එකට. හම්බවුණා දේවිකා මිස්ව.

" මිස් මම වහ බොන්න කලින් මාව Management එකට දාන්න" කියලා මාරු කරගත්තා.

දෙයියන්ගේ පිහිටෙන් සබ්ජෙක්ට් ටිකත් කරගත්තා ලස්සනට, ඒ වගේම හොඳ සෙට් එකකුත් අඳුරගන්න ලැබුණා.

ඩිග‍්‍රිය මැද්දෙදි මට Softlogic එකේ රස්සාව සෙට් වෙනවා. ඩිගිය කලා කියලා වැඩක් නැහැ. තමයි වැදගත් කියලා මම ඩිග‍්‍රිය නවත්තලා යනවා එකට. මම යන්නේ ඩිසයිනර් කෙනෙක් විදිහට. ටයි පොල්ල දාලා පොර වගේ යන මම පළවෙනි දවසේ ගෙදර එන්නේ සේරම එපා වෙලා. මට මගේ ගෙනම තරහක් එනවා. කොහොම හරි තුන්වෙනි දවසෙන් පස්සේ මම ඒකෙන් අයින් වෙනවා. හැබැයි හතරවෙනි දවසේ Softlogic Office Automation එකේ ලොක්කා මට කතා කරලා කියනවා මට Freelance Designing පටන් ගන්න එයාලාගේ වැඩ ටික මට දෙන්නම් කරන්න කියලා. එ් විදිහට තමයි මට චමින්ද ද සිල්වා ව මුණගැහෙන්නේ.

මම Freelancer විදිහට වැඩ කරන් යද්දි එක එක තැන් වලින් එනවා ජොබ් දීගෙන. හැමෝගේම හීනයක් වෙන්නේ ඩිග‍්‍රිය ඉවර වෙද්දි හොඳ රස්සාවක් කරන්න. හැබැයි මම තීරණය කරනවා දිගටම Freelancer විදිහට ඉන්න. ඒ තීරණය ගෙන අම්මා වුණත් එච්චර සතුටු නැහැ. හැබැයි ඒ තීරණය හින්දාම එක තැනකට කොටු නොවෙන මගෙන් වැඩ කරගන්න Companies පෙළඹෙනවා. අද මම මේ ඉන්ටර්වීව් එකේ ඉන්නෙත් එ් දේවල් වලම ප‍්‍රතිඵලයක් විදිහට. එදා මමත් එක තැනකට කොටු වුණා නම් මට මේ දේ නොවෙන්න තිබුණා.

ඒ අතින් බැලුවාම මම ගත්ත තීරණ වලින් හරිගිය වැරදුනු දේවල් සමබරව තිබුණත් ඒවා මම හිතලා ගත්ත තීරණ හින්දා මට කිසිම දුකක් නැහැ. හෙට මට තීරණයක් ගන්න වුණොත් මෙතන ඉන්න එක මගේ නිදහසට බාධාවක් ද කියලා මම ඒ තීරණෙත් ගන්නවා. මොකද අපි අද ගන්න තීරණේ ප‍්‍රථිපල එන්නේ සමහර විට කාලයක් ගිහින් වෙන්න පුළුවන් හින්දා. හැබැයි එ් කාලේ ඇතුලත පසුතැවෙන්න වෙන්නේ නැතිවෙන්න ඉන්න පුළුවන් තමන්ගේම තීරණයක් ගත්තාම.

මගේ කතාව අහගෙන හිටපු බුවා කිව්වේ "Keep it up" කියලා විතරයි.


Monday, April 13, 2015

මගේ අවුරුද්ද

මම බ්ලොග් එක ගෙන ෆේස්බුක් එකේ දැම්මේ සෑහෙන්න කුණු කතා ටිකක් අහගන්න බලාගෙන. හැබැයි පුදුමෙකට වගේ ගොඩක් අය කතා කරලත් වැඩේ හොඳයි කිව්වා. එකෙක් කිව්වා මාසෙකට එකක් දාන්නේ නැතිව තව දාපං කියලා. හැබැයි එක්කෙනෙක් මාත් එක්ක තරහත් වුණා මේක දැම්මා කියලා.. හොඳ නරක කියපු සේරම දෙනාට ඉතිං කියන්න තියෙන්නේ බලනවා නම් බලපං නැත්තම් නොකියා ඇවිත් හොරෙන් බලපං කියලා තමයි.

අද අවුරුදු දවස. ගොඩක් උන් මට සුභ පතන එක නැවැත්තුවේ 2012 හරි 2013 හරි ඉඳන්. එවන හැම මැසේජ් එකකටම මම බණිනවා සුද්ද සිංහලෙන්. අවුරුද්ද දවසේ අනිත් උන්ට සුභ පතලා උන් ආතල් ගන්නවා වගේම මමත් උන්ට බැණලා ඊට වඩා ආතල් එකක් ගන්නවා. මේ කතාව කියන්න නම් යන්න වෙනවා සෑහෙන ඈත කාලෙකට.

ඉස්සරම මම ගමේ පරණ ඉස්කෝලෙට ගිය දවස් වල අපිට අවුරුදු මාර හැපනින්. නිවාඩු දෙන්න ලං වෙද්දිම අපිට නිකම් අවුරුදු වගේ තමයි. මගේ හොඳම යාළුවාට තිබුණේ බේකරියක්. එ් හින්දා හැමදාම පොල් කේක් එකක් නම් වරදින්නෙම නැහැ උගෙන් අපේ ගෙදරට.

 අද වගේ නෙමෙයි එතකොට අඩුම ගානේ සතියක්වත් අවුරුද්දට හැම තැනම වහලා. අප්පච්චිත් වැඩ වලට නිවාඩු දීලා කලින්ම අවුරුද්දට ලෑස්ති වෙනවා. මාවයි අම්මාවයි දාගෙන එනවා කොළඹට අපිට ඇඳුම් අරන් දෙන්න. මම මේ කියන්නේ 2000-2005 කාලේ ගෙන. එ් කාලේ මම ඉරිදාට ගංගාරාමෙට යද්දි විතරයි රාජගිරියෙන් එහාට ගියේ. ඒ හින්දා අර විදිහට යන එකේ පට්ට ආතල් එකක් තිබුණා. අපේ ගෙදර හැබැයි කවදාවත් කැවිලි හදන්න, ගේ අස් කරන්න වගේ දේවල් නොතිබ්බේ අම්මා ඒවා හදන්න දන්නේ නැති හින්දා වෙන්න ඇති. නෑදෑයෝ කියලා මහා ලොකු ගොඩක් නොහිටිය හින්දා වටේ ගෙවල් වල අය තමයි කැවිලි ටිකක් එහෙම දුන්නේ.

මගේ අවුරුද්ද පටන් ගන්නේ ඊට පස්සේ. අපි හැම අවුරුද්දටම යනවා තිස්සමහාරාමේ. එහේ ඉඳලා ටික දවසක් අපි යනවා කතරගමට. අවුරුදු දවස් වලට ඒ පැත්තේ මාරම සරුයි. ගම් වල මිනිස්සුන්ට මහා ලොකු සල්ලියක් නැහැ, එ් හින්දාම එ් පැති වල අවුරුද්දේ බොරු පඩ ෂෝ නැහැ. වැදගත්ම දේ තමයි "සුභ අළුත් අවුරුද්දක්" කියලා කියන්නේ බොක්කෙන්ම මිසක් මූණට පේන්න නෙමෙයි. මාමලා ගමේ සෑහෙණ තත්වයක් තිබුණ අය හින්දා එහෙට යන එන පොඩි පොඩි මිනිස්සු මටත් පොඩි රෙස්පෙක්ට් දුන්නා. කුඹුරු වටේ දුවන්න, මැණික් ගඟ කිරිඳි ඔයේ නාන්න, කඳු නගින්න වගේම අතට අහු වෙන හැම ජරාවක්ම කන්න වුණත් එ් කාලේ කිසිම තහනමක් තිබුණේ නැහැ.

අම්මා කියන විදිහට අවුරුදු නිවාඩුව ඉවර වෙලා කොළඹ එන්න පිටත් වෙද්දි මම යන්න බෑ කියලා කරදර කරනවාලු. අද වුණත් මාව එක්කන් ගියොත් මම එන්න බැහැ කියන්න ඉඩ තියෙනවා මෙහේ තියෙන විකාර දැක්කහම. ඔන්න ඔහොමයි මම පොඩි කාලේ මම අවුරුදු සැමරුවේ. ඊට පස්සේ ඉස්කෝලේ පටන් ගන්න දවසට මොකෙක් හරි ගේන බුලත් අතක් අරන් මුළු ඉස්කෝලේ වටේම ගිහින් හැම සර් කෙනෙක්ටම මිස් කෙනෙක්ටම වඳින්නේ පීරියඩ් එක කට් කරන්න  ඕනෑ කමට මිසක් බොක්කෙන්ම එන ගෞරවයෙන් නම් නෙමෙයි.

මෙහෙම ටික ටික අපි ලොකු වුණා. අපේ බේකරියා පොල් කේක් හදන එකත් නැවැත්තුවා. දැන් ඌ එවන්නේ බටර් කේක් (පරයා).  තිස්සමහාරාමේ එක මාමා කෙනෙක් ඇරෙන්න අනිත් උන් කොලඹ පදිංචියට ආවා. අප්පච්චි ප්‍රෙස් එකෙන් අයින් වුණා. එ් සේරටමත් වඩා මම දවස ගානේ රාජගිරියෙන් එයා යන්න පටන් ගත්තා. තිස්සමහාරාමේ අවුරුදු කියන එක ටික ටික ඈත් වුණා. කොළඹත් අවුරුදු තිබ්බා ජයට. හැබැයි මම ඒකට ආස වුණේ නැහැ.

දවස් 364ක්ම "අනේ මුට කෙළ වෙයන්" කියලා ඉන්න මිනිස්සු අවුරුද්දට ඇවිත් සුභ පතද්දි මට මල පනින්න ගත්තා. කලින් හැම එකාටම සුභ පතන මම මට සුභ පතන එවුන්ටත් බණින්න ගත්තා. වෙනදාට අවුරුද්දට ගෙදර මායිමක ඉන්නෙ නැති මම අද අවුරුදු දවස් දෙක තුනේම කාමරේට වෙලා ටීවී සීරීස් බල බල ඉන්නවා කවදා මේක ඉවර වෙයිද බලාගෙන. අවුරුදු චාරිත‍්‍ර නම් කොහොමත් වැඩිය ගාණක් තිබුණේ නැහැ. අම්මාගේ වදේට කිරි ජුන්ඩක් ඉතිරෙව්වා ඉස්සරම. පස්සේ පස්සේ අප්පච්චි කියන්නා වාගේ "තමන්ට බඩගිනි වුණ වෙලාව තමයි නැකත" වුණා. ඉස්සර වගේ නෙමෙයි දැන් රක්‍ෂා සඳහා පිටත්වීමේ නැකත දෙන්නේ තමන් වැඩ කරන ඔෆිස් එකෙන්මයි.

අප්පච්චි වුණත් අවුරුදු කාලේට කරන්නේ ගේ ඉස්සරහා පුටුවක් තියාගෙන එ් කාලේ අවුරුදු වල ලස්සන මතක් කරන එකද කොහෙද? ලස්සනට අවුරුදු සමරපු පරම්පරාවක් එයාලාගෙන් ඉවර වුණා කියලා මටත් හිතෙනවා. අපිට (මට) තමයි කෙළම වුණේ. නියම අවුරුද්ද දැකලා තියෙන හින්දා බොරු විදිහට ඉන්නත් බෑ හැබැයි නියම අවුරුද්දක් අද ඇත්තෙත් නැහැ. වටේම රතිඤ්ඤා ගහනවා. මට තවත් මේක ඉවසන් ඉන්නත් බැහැ. එකෙක්ටවත් මට සුභ පතන්න බැහැ හිතේ ඇත්තටම හොඳ සිතිවිල්ලක් නැතිව. එ් හින්දා සමරපියව් තොපි අවුරුදු. මම යනවා Game of Thrones බලන්න

Saturday, April 4, 2015

My choice, My Ass - දීපිකාගේ සහ මාගේ ආදර කතාව

පහුගිය දවස් ටිකේම දෙයියනේ කියලා මම හිටියා පොල් බෑයක් හම්බවුණ උගුඩුවා වගේ මගේ වැඩක් බලාගෙන. බිග් මැච් එක ගෙන ලියන්න හිතුනා, මම ගිය ඉන්ටර්වීව් එකක් ගෙන ලියන්න හිතුණා ඊට පස්සෙ වෙන අනම් මනම් ගෙන ලියන්න හිතුණා හැබැයි ඒ සේරම දේවල් හැමෝටම පොදු දේවල් නොවෙන නිසාත්, ලියාගෙන යද්දි මටත් කික් එකක් නැති නිසාත් වැඩේ අතෑරලා දැම්මා. මේ ටිකේම මගේ ජීවිතේ සිංහල සෙල්ෆි රැප්. වචන 30ක් 40ක් තප්පරේට කියන්න මටත් පුලුවන් වුණාට ගාණට එළිසමය තියලා කියන උන්ගේ හැකියාව දැක්කාම ඇත්තටම සතුටක් ආවා. අතරින් පතර පොරවල් වෙන්න යන උන් නැතිවම නෙමෙයි. හැබැයි මාරම ගැඹුරු අයිඩියා එකක් දෙන ඒවාත් තිබුණ එක ගෙන මම මාරස සන්තෝස වුණා.

මෙහෙම ආතල් එකේ හිටිය මට කලිනුත් කීප දෙනෙක් කියලා තිබුණා දීපිකා පදුකොන්ගේ "My Choice" වීඩියෝ එක බලන්න කියලා. දීපිකා කියන්නේ  ඕම් ශාන්ති  ඕම් එකෙන් පස්සේ මගේ හින්දි කෑලි ලිස්ට් එකේ එක දෙක ස්ථාන වල හිටිය කෙල්ලෙක්. මගේ කෙල්ලගේ වීඩියෝස් චාටර් වෙන්න බැරි හින්දා මම හිතුවා ආාහ් මේ කාන්තා හිංසනය ගෙන කෙල්ල මොකක් හරි දාන්න ඇති. මම උනත් ඉතිං කරදර කරනකොට වැඩිපුර තරහා යන කෙනානේ කියලා. කොහොම කොහොම හරි වැඩ නැති අද වගේ දවසක බලන්න දෙයක් නැතිම කමට මම  ඕක බැලූවා...

ඕන්න ඉතිං කෙල්ල වෙනදා වගේම ලස්සන මූණ පෙන්නගෙන එනවා. අඩ අඳුරෙ එහෙම එද්දි ආදරේ හිතෙනවා අප්පා.. ඔන්න දැන් ටෝක දෙන්නයි යන්නේ...

(මේකේ සමහර වචන මට ඇහුණ විදියට තමයි ටයිප් කලේ. වැරදි තියෙනවා නම් ඒ ගෙන කරන්න දෙයක් නැහැ)

"My Body, My Mind, My Choice"
ඉතිං රත්තරනේ කවුද නෑ කිව්වේ... ඔය මූණ, කට, හිත ලබා උපන් හැටියට නේද ඔය තියෙන්නේ. අපි නම් වෙනස් කරන්න ආවේ නැහැ. කතාව හරි. එ්ක එයාගේ කැමැත්ත. මම උණත් ඔයාට කැමති වුණේ ඔය මූණටයි හිතටයි තමයි...

"To wear the cloths I like, Even as my spirit roams naked. My Choice if to be the size 0 or size 15. They don't have a size for my spirit and never will. To use cotton and silk to trap my soul is to believe you can hold the expansion of the universe or to capture sunlight in the palm of your hand. Your mind is caged, let it free, my body is not, let it be."

කැමති විදිහට අඳින්න.. කෙල්ලන්ට නීති දානවා නම් නීති දැම්මේ කොටට අඳින්න එපා කියලා. පෞද්ගලිකව මට නම් කොටට ඇන්දත් ගාණක් නැහැ කෙල්ලෙක්. හැබැයි ඉතිං යන්තම් සුදුවට තියෙන හරියත් ඉර අව්වට පුච්චන් කළු වෙලා කියලා නම් කෑගහන්න එපා. කෙල්ලෙක්ගේ සයිස් එක එක එක ගාණට තිබුණා කියලා අනේ අපිට කිසි ගාණක් නැහැ. "බතලි, තල්මස්සු අල්ලන් කාලද මහත් වුණේ" කියලා අහන්නේ මේ ෆන් එකට මිසක් අපේ හිත ඇතුලෙන් එන කුහක අදහස් නෙමෙයි. අනික එහෙම දේවල් නිසාම කෙට්ටු වෙන්න හිතලා කෙට්ටු වුණ අයත් ඉන්නවා අපි අතරේ. සරළම දේ මේ සේරම උදාහරණයකින් පෙන්නන එක. මම දන්න හොඳම ගෑණු උදාහරණය තමයි අපේ අම්මා.

අම්මා ඉස්සර කෙට්ටුයිලු. බැන්දාට පස්සේ මහත් වුණාලු, දැන් නම් මහ පොළවට දැනෙන තරමේ සයිස් එකක් එයාට තියෙනවා. අම්මාට කිව්වානම් දැන් මහතයි නේද කියලා,

"අනිත් එවුන් වගේ ඇඟ ගෙන හිතුවේ නැහැ අපි ළමයින්ට කිරි දෙද්දි, අපිට ගෙවල් වල යුතුකම් තිබුණා කරන්න ඇඟවල් ගෙන හිතන්න කලින්" කියලා කියයි.

කොටට ඇන්ද කෙල්ලන්ට අපේ අම්මා බැන්නේ නැහැ. හැබැයි අම්මා කවදාවත් කොටට ඇන්දෙත් නැහැ. අඳින ඇඳුම ගෙන එයාගේ මතය නම් මම දන්නේ නැහැ. හැබැයි දීපිකා වගේ අපේ අම්මා ඉර එළිය අතට ගන්න ගියෙත් නැහැ. හැබැයි එ් කාලේ අම්මලාට මිනිස්සු කිව්වේ "ඉරට කලින් හිරු මුළුතැන් ගෙට වඩිනා කියලා."

අම්මාටත් තිබුණා "Waking up early in the morning and cook or sleep until everyone leaves and make my own breakfast is My Choice"කියන්න. හැබැයි එහෙම කිව්වා නම් අද වෙද්දි එක්කො අපේ අප්පච්චි හන්දියේ ඉඳිආප්ප හදන ඇන්ටිව බැඳලා, නැත්තම් මම අම්මාට සත පහකට ගරු නොකරන තත්වෙකට ඇවිත්. ගැහැණියක් අරක කරන්න  ඕනේ මේක කරන්න  ඕනේ කියලා නීතියක් නැහැ. හැබැයි දෙගොල්ලන්ගෙන්ම වෙන්න  ඕන යුතුකම් තියෙනවා. යකෝ සේරමත් කරලා උයලා, රෙදි හෝදලා ගෙවල් අස් කරගන්නත් පුළුවන් නම් ගෑණියෙක් තම මොකටද අරන් කන්න බොන්න දෙන්නේ?? "ඉදෙන්නට හැකිනම් බතක් වී බතක් නොඉදෙන තැනක රහසින්" කියලා සළකපු අගය නැති කරගන්නේ මේ වගේම තව මොඩ ගෑණු දෙක තුනකුයි  ඕවාට කඩේ යන පොන්නයෝ ටිකකුයි හින්දදයි.

"My Choice to marry, or not to marry. To have sex before marriage. To have sex outside of marriage. Not to have sex."
මුල දේ හරි. බඳින්න බැරි නම් ඉන්න. කවුරුත් බලෙන් ඇවිත් බඳින්න යන්නෑනේ. ඉන්න පුළුවන් නම් තමන්ට තනියම ඉන්න. එහෙම ගෑණු මම දැකලා තියෙනවා. ඔව්, බඳින්න කලින් වැඩෙත් දෙන්න. කඩේට ගිහින් රු. 10ක පෑණක් ගන්න කලින් එක පාරක් ලියලා බලනවානම් වැඩ කරනවාද කියලා, ජීවිත කාලෙටම තීරණයක් ගන්න කලින්  ඕක කලාට කමක් නැහැ තමන්ට කැමති නම්. මමත් මහා ලොකුවටVirginityකියන එක ගෙන හිතන එකෙක් නෙමෙයි. මොකද හතර වටේ ගිහින්  ඕක ඉතුරු කරන් ඇවිත් කොල්ලට මම Virgin කියන උන් මමත් දැකලා තියෙන හින්දා. පිට රට වගේ අපේ Living Together, Have sex on the third date සංස්කෘතියක් තිබුණා නම් මම කැමති ඔය හේතුවට.

"To have sex outside of marriage"මේකෙන් ඇත්තටම කියන්නේ බැන්දාට පස්සෙත් කැමති නම් වෙන එකෙක් එක්ක ඉන්න කියන එකද නැත්තම් මොනවා කියනවාද කියලා මම දන්නේ නැහැ. හැබැයි අද කාලේ බැන්දත් පිට යන ගෑණු දකිද්දී දීපිකාට කලින් එයාලා ඒක ඉගෙන ගෙන තියෙනවා කියලා නම් තේරෙනවා.

My choice to love temporary, or to lust forever. My choice is to love a man, or a woman or both.
 කිසිම විරුද්ධතාවයක් නැහැ. කෙල්ලෙක් එක්ක සෙට් වුණොත් නම් වැඩිපුර ආසයි. ඇයි දෙයියනේ ඔයා විතරක් හිටපු හීන වලට අනුශ්කා ශර්මාත් සෙට් වුණොත් තවත් හොඳයි නේ. හැබැයි මේකයි. ඔයාගේ ලව් එක ටෙම්පරි වෙන්න හරි ඒක සෘංගාරාත්මක වෙන්න හරි පුළුවන්. එ්ක ඔයාගේ කැමැත්තට වඩා කොල්ලෙක් කැමති වෙන දේ සහ උගේ වාසියට හිටින දේ කියලා මතක තියාගන්න

Remember you are my choice, I'm not your privileged. The "Bindi" on my forehead, the ring on my finger, adding your surname to mine are ornaments.  They can be replaced. My love for you can't. So treasure that.
අන්න ඉතිං පඩ ටෝක්ස් දානවා. කෙල්ලෙක් කොල්ලෙක්ව තෝරගන්න කලින් කොල්ලා කෙල්ලව තොරගන්න එපැයි. දීපිකා කියන විදිහට කෙල්ල තමයි දැන් "එ්යි මම උඹට කැමතියි" කියලා කොල්ලාව තෝර ගන්නේ. හරි.. එහෙම කරලා බලමුකො. අපි බෑ කියනවා. මොකද ඒක "My choice"නේ. කෙල්ලෙක් කොල්ලෙක්ගේ බූදලයක් කරගන්න එපා කිව්වාට මොකද අපේ කෙල්ලො කියන්නේ නම් "අපි යාළු උණාම අපි දෙන්නාම එකක් වෙනවා. මාව ඔයාගේ කරගන්නවා නේද කියලා." ඉතිං මොන බොරුද දීපිකා...

මුද්දක්, තිලකයක් දාන්න එපා නම් දාන්න එපා. හැබැයි අපේ අම්මාට ගෙදරට හොරු පැනලා අරං ගිය සේරටම වටා දුක හිතුණේ එයාගේ මඟුල් මුද්ද අරන් ගියාට. එ් තමන්ගේ මිනිහා එයාට දුන්න දේක වටිනාකම අගේ කරන්න මිසක් ඔයාට වගේ ඒක තවත් ආභරණයක් වුනේ නැති හින්දා. කිව්වත් වගේ එ් හැම දේම ආදේශක කරන්න පුළුවන් හැබැයි ඔයාගේ ලව් එක තමයි වටින්නේ. ආදරෙත් චොයිස් එකක් කියන උඹේ ආදරේ මම කන්නද දීපිකා.

My choice to come home when I want, Don't be upset if I come home by 4 a.m. Don't be fool if I come home by 6.00 p.m.
අපේ අම්මත් එන්න තිබ්බේ උදේ පාන්දර 4ට. ඉස්සරහට එහෙම අම්මලා ටිකක් එන්න ඉන්නවා. කෙල්ල කාලේ කමක් නෑ කියලා  ඕක කරන්න තාත්තා කෙනෙක් ඉඩ දෙයිද කියලා මම හරියටම කියන්න දන්නේ නැත්තේ මට ගෑණු සහෝදරියෙක් නැති හින්දා. උදේ හවස ගෙදර නැති දුවෙක් හරි ගෑණියෙක් හරි තියාගෙන කටයි පුකයි වහගෙන ඉන්න පිරිමියෙක් බලාපොරොත්තු වෙනවා නම් මෙන්න දැන්ම කිව්වා, බැඳගනින් Feminist පැත්තට සපෝට් කරන නමට පිරිමියෙක්ව. යකෝ කෙල්ලෙක්ට සලකන්න ගරු කරන්න මමත් දන්නවා හැබැයි උඹට ඔහොම නටන්න දීලා "It's your choice ne baby, I respect it" කියලා කට වහන් ඉන්න පිරිමියෙක් නෙමෙයි මම.

My choice, To have your baby or not. To pick you from 7 billion choices or not. So don't get caught.
ඔව් එපා, ළමයි හදන්න එපා. දෙන්නම අකමැති නම් ළමයි නොහදා ඉන්නවාට කිසිම ප‍්‍රශ්ණයක් නැහැ. හැබැයි ස්වභාවධර්මයේ ජීවියෙක්ගෙන් වෙන්න  ඕන මුල්ම දේ ප‍්‍රජනනය. හරි ඒකත් සාධාරණයි කියමුකො. යකෝ පවුලක් වෙන්නත් උඹෙන් අවසර ගන්න  ඕනේ. ළමයෙක් හදන්නත් අවසර ගන්න  ඕනේ. හැබැයි බණින්නේ පුරුෂාධිපත්‍යට. දීපිකා උඹ බඳින්නත් එපා, ළමයි හදන්නත් එපා, හැබැයි උඹට වඩා 10 ගුණයක් හොඳට හිතන පිරිමින්ගෙන් ගෞරව ලබන ගෑණුත්  ඕන තරම් ඉන්නවා කියලා මතක තියාගනින්. අර උඹ බිලියන 7කින් තෝරගන්න එකා වෙනවාට වඩා වඳවේගෙන යන වඳුරු රංචුවක නායකයා වෙනවා හොඳයි මම.

මිනිස්සු විදිහට අපි දෙන්නා වෙනස් තමයි. උප්පත්තියෙන්ම මිනිහා සහ ගැහැණිය වෙන් කරලා තියෙන්නේ වෙනස්ම දෙගොල්ලක් විදිහටයි. එ්ක දැන දැනත් "My choice, My choice" ගගා අනිත් මිනිහාගේ "Choice" එක බල්ලාට දාලා දැන් "My pleasure may be your pain. My songs, your noise. My order your anarchy. Your sins, my fortunes" කියද්දී හොඳම දේ තමා උඹ බඳින්න එපා. තමන්ට හොඳ දෙයක් අනික් කෙනාට නරකක් නම්, අනිත් එකාගේ පව තමන්ගේ පිනක් කියලා හිතන ගෑණියෙක් කවදාවත් හොඳ වයිෆ් කෙනෙක්වත්, අම්මා කෙනෙක්වත් කොටින්ම හොඳ කෙල්ලෙක් වත් වෙන්නේ නෑ දීපිකා. ළමයින්ට කන්න දීලා බඩගින්නේ ඉන්න අම්මලා ඉන්න රටක උඹ වගේ ගෑණියෙක් හිටියොත් යකෝ අනිත් උන්ට හෙණ ගැහුවත් උඹ කාලා බීලා ඉඳියි මුලින්ම.

අපේ අම්මලාත්  Unique ගෑණු තමයි. එ්කයි අදටත් බාගෙට බාගයක් අම්මට බැණපු ගමන් කොල්ලො වලි දාගන්නේ. එහෙම වුණේ එයාලා ඔය උඹ කියපු එකක් වත් කරලා නෙමෙයි. ගෞරවය කියන එක අපෙන් අරගෙන.  ඕවා කරලා නමට ඉන්න කොල්ලෙක්ව නම්මගෙන ඉන්න පුළුවන් උඹට, හැබැයි නියම කොල්ලෙක්ගේ ගෞරවය මළාට ගන්න බැහැ.

My choices are like my fingerprints. They make me unique. I'm the tree, not the forest, I'm the snowflake, not the snowfall. You are the snowflake. ලොව මැවුනේ හිරුගේ කිරණ වලින් සහ අම්මාගේ කිරි වලින් කියලා ගෑණුන්ට නිසි ගෞරවය ඉස්සර දුන්නේ අද උඹ කියන්නා වාගේ තමන්ගේ පටු අදහස් වලින් හිතපු ගෑණු නොහිතපු හින්දා. අන්න එ්කයි අද උඹ Snowflake වෙන්නේ snowfall නොවී.

ගෙදරක අම්මෙක් දුවෙක් ඉන්නවා කියන්නේ ගෙදර පිරිලා කියලායි එ් කාලේ කිව්වේ. කෙල්ලෙක්ගේ එ් අහිසංක කමට, බොලඳ කමට, මොලෙන් නැතිව පපුවෙන් තීරණ ගන්න කමට පිරිමි ආස කලා, ගරු කලා. එ්කයි යකෝ අපිත් උඹ ඔය කියන විදිහෙ කෙල්ලන්ට ගේම දීලා මාරු වෙන්න බැලුවේ. පිරිමි අතෙත් වැරදි තියෙනවා. හැබැයි එ්ක හදන්න විසඳුම  ඕක නම් නෙමෙයි කොහොමටවත්.

Wake up. Get out of the shit storm. I choose to empathize or to be indifferent. I choose to be different. I am the universe. Infinite in every direction. This is my choice.  

වනාන්තරයක් නොවී ගහක් වෙන්න හදන උඹ, කුණාටුවක් නොවී හිට කැටයක් වෙන්න හදන උඹ කොහොමද දීපිකා විශ්වය වෙන්නේ... කවදාවත් නොබඳින ගෑණු ගොඩට කැප්ටන් වෙලා,  ඕවා පිලිගන්න පොන්නයෝ සෙට් එකගෙන් වැඳුම් පිදුම් ලබලා උඹ ඔහේ මැරිලා යයි. නැත්තම් පොර ටොක්ස් දීලා උඹ හොඳ කොල්ලෙක් බැඳන් ලස්සනට ජීවත් වෙයි මේ ගොන් වැස්සියො ටික අවුස්සලා.

උඹට මං කියන්නම් මගේ choice එක.

"My choice is to have a woman who respects and treats me in a way I feel like respecting her back"

මම උඹට ආස නැහැ දීපිකා... උඹ එපා මට

Monday, March 2, 2015

මහරජ ගැමුණු නිරුවත් කල නූතන සිනමාව

* * *

මම මහා සිනමා විචාරකයෙක් නොවන බවත්, සිනමාව පිළිබඳ කිසිම සුදුසුකමක් නැති බවත්, ඇති එකම සුදුසුකම ටොරන්ට්ස් වලින් බාපු 500GB+ අධික සභ්‍ය චිත්‍රපට සහ 250GB+ අසභ්‍ය චිත්‍රපට බැලීමෙන් දැනගත් සිනමාව පමණක් බවත්. මාගේ අදහස් ගෙන ඔබලාට ඇති වෙන විරුද්ධ අදහස් ගෙන තඹ සතේකට මායිම් නොකරන බවත් කරුණාවෙන් සලකන්න.

* * *

"මාගේ මේ වෑයම ලේ දැකීමට ඇති ආසාව නිසාවත්, ශක්තිවන්තයා ජයාග්‍රාහකයාය කියන නිසාවත් නොව සම්බුද්ධ ශාසනය සහ මනුෂ්‍යත්වය සඳහාත් ඒ දෙකේ පැවැත්ම වෙනුවෙන් රට රැකගැනීම සඳහාත් පමණි..."

මේක ඇහුණා විතරයි සිරාවටම හිත ඇතුලෙන් කරන්ට් එකක් ගියා වගේ දැණුනා. මම මහා ජාති ආලයෙන් ඉන්න එකෙක්වත්, මගේ ආගම කියාගෙන මැරෙන්න යන එකෙක්වත් නෙමෙයි. හැබැයි කොහේදෝ තිබුණ අමුතුම ෆීලින්ග් එකක් ඇතිවුණා ඒ වචන ටික අහද්දි.

මට මේ වචන ටික ඇහෙන්නේ "මහ පොළවේ බිහිවූ ඒ ශ්‍රේෂඨතම මනුස්සයාගේ කතාව" බලන්න ගිය වෙලාවේ. ඒ කියන්නේ මම "මහ රජ ගැමුණු" ෆිල්ම් එක බලන්න අද ගියපු වෙලාවේ. මම 70%ක් ෆිල්ම් හෝල් වලට යන්නේ වනචර වැඩකට, 20%ක් විතර යාළුවෝ එක්ක ෆන් එකට. 10%ක් වගේ තමයි මෙහෙම හිතිලා තනියම ෆිල්ම් එකකට යන්නේ. අද ගියේ ලිබර්ටි එකට. හෝල් එකටම හිටියේ මිනිස්සු 15ක් වගේ. ඒකෙනුත් 6ක් විතර කපල්. පස්සෙන කොන් ටිකේ උන් 50 Shades of Grey  ඇක්ට් කරනවා මම ඇස් කොණකට වගේ දැක්කා. මගේ පස්සෙ පේලියෙ කෙරෝලෙ හිටියා ක්ලාස් යන කොල්ලො කෙල්ලො සෙට් එකක්. මම පකයා වගේ උන්ගේ ඉස්සරයා වාඩි වුණාම එකෙක් අනිත් උන්ට මොකක් හරි කිව්වා තනියම ෆිල්ම් එකට මම ගිය එකට. ඒක මට ඇහුණේ නැහැ. මට ඇහුණේ...

"ඉතිං උඹට දුක නම් උඹ ගිහින් අනික් පැත්තේ වාඩි වෙයන්කෝ" කියන එක විතරයි.

ඉතිහාසේ ගෙන කියන ෆිල්ම් වලින් මම ආසම ෆිල්ම් එක "අශෝක්". . . අපේ ඉතිහාසෙට සමාන හින්දයි ඉන්දියන් එකක් ගත්තේ. ඇත්තම කතාව නොවුණත් ඒක මාරම ලස්සනට කරලා තියෙනවා. ඉංග්‍රීසි ඒවා ගෙන කියන්න ඕනේ නෑනේ. Game of Thrones බලපු ඕන එකෙක් දන්නවා උන් Episode එකක් කොච්චර සිරාවට කරනවාද කියලා.

අපේ දේවල් වලට වැරදි කියනවා නෙමෙයි. හැබැයි ජැක්සන් ඇන්තනීගේ "අබා" ෆිල්ම් එකේ ලස්සන ගලායාමක් තිබුනා. මුල මැද අග කියන සාම්ප්‍රදායික විහියට නොයා කතාවක් තැනින් තැන පෙන්නන එකේ ආතල් එකක් තියෙනවා. අනික ඉතිහාස කතා වල පොඩි අඳුරු effects ටිකක් තිබුණාම තවත් කික් එකක් එනවා.

මහ රජ ගැමුණු එකේ කතාව නම් මුල සිට අගටම ඔහේ යනවා විතරයි පෙණුනේ. ගැමැණු කුමාරයා කියන්නේ සෑහෙන දිග කතාවක් තියෙන කෙනෙක්. එහෙම එකක පොඩි කෑල්ලක් විතරක් දැනට කරා නම් මීට වඩා හොඳට, අන්න සුපිරි වෙන්න තිබුණා මේකත් අබා වගේම. හැබැයි විශේෂ අවස්ථා පොඩ්ඩ පොඩ්ඩ දාලා තිබුණ එකෙන් එළාර දුටුගැමුණු ෆයිට් එකට වෙලා දීලා තිබුණෙත් විනාඩි 30කට වඩා අඩුවෙන්.

ගැමුණු කුමාරයාගෙයි මල්ලි තිස්සගෙයි සීන් සහෝදර ප්‍රේමෙකට වඩා gay සීන් වගේ මට පෙණුනේ තිස්සට රඟපාපු සාරංග දිසාසේකර හින්දාද නැත්තම් ඒ කාලේ සහෝදරයෝ අද කාලේ අපිට වඩා හෙණම ආදරබර විදිහට හිටිය නිසාද කියන්න මමවත් දන්නේ නැහැ.

දස මහා යෝදයෝ සෙට් එක පවර් වර්ල්ඩ් එකට ගිහින් යන්තම් බයිසෙප් දෙකයි චෙස්ට් එකයි පුම්බගත්ත මැනේජර්ස් ලා 10ක් වගේ. යකෝ රගර් ගහන කොල්ලෝ ටිකක් ගත්තා නම් ඊට වඩා හොඳයි.

අනික මළ පනිනම දේ තමයි එළාර. සොලී රජෙක් වුණාට එළාර කියන්නේ මම දන්න ඉතිහාසය අනුව සිරාම චරිතයක්. සාහිත්‍යට වගේම රාජ්‍ය පාලනයටත් දක‍ෂ නීති ගරුක රජ කෙනෙක්. දිටුගැමුණු එළාරව පරාජය කලාම එතැන දෙමළ මහා සෑර හදලා ගරු කරන්න පවා කටයුතු කලේ එළාරට තිබුණු Personality එකට දුටුගැමුණුත් ගරු කරපු නිසා. මේකේ නිකම් එළාර වෙලාවකට කොමියක් වගේ, හෙණට යුද්දෙ පරාද වේගෙන එද්දි යුධ සැලසුම මැද්දේ එළාර කියනවා.. "මම යනවා සැතපෙන්න.. ඔබලාත් දැන් ගිහින් සැතපෙන්න කියලා". යකෝ එළාර නෙමෙයි වෙලේ සුදා වගේ එකෙක් වුනත් ෆයිට් එකක් යද්දි සැතපෙන්න යනවාද?

මගේ ගම තිස්ස, අපි කතා අහලා තියෙන විදිහට දුටුගැමැණු මහ රජතුමාගේ සේනාව යුද්දෙට යන ගමනේදී හම්බු වෙනවා තාපසයෙක් වගේ කෙනෙක්ව. මුන් පොඩි බයිට් එකක් දාලා මොකක්ද ගෙනියපු ආහාර සේරම ද ආයුධ සේරමටද පිදුරු වෙනවා. මේක දැකපු රජතුමා මේ නම් ඩයල් එකක් කියලා හිතලා තාපසයා පස්සේ යනවා. මෙහෙම මෙහෙම කන්දක් උඩටම ගියාම දැනගන්නවා ඒ ඉන්නේ රුහුණට අධිපති මහසෙන් නැත්තම් කතරගම දෙවියෝ කියලා. වෙච්ච වැරැද්දට සමාව ඉල්ලපු ගැමැණු කුමාරයාගෙන් අහනවා මේ කෙහෙද යන්නේ කියලා. මෙහෙම ෆයිට් එකකට යනවා කියලා ඒකට සප් එකක් ඉල්ලනවා දිනන්න. යුද්දෙට අදිපති කතරගම දෙවියන්ගෙන් මේ යුද්දෙ දිනන්න සප් එක ඉල්ලුවා කියන්නේ ආයි වැඩේ ෂුවර් හන්දා කතරගම දෙවියෝ රජතුමාගෙන් ඉල්ලනවා

"මේ මා වැඩ සිටින ස්ථානයේ මට දේව මාලිගයකුයි, මම මේ විදින හීයවල් දෙක වැටෙන ස්ථානයේ තවත් දේව මාලිගේකුයි මහා චෛත්‍යකුයි හදන්න ඕනේ ෆයිට් එක දින්නාට පස්සේ" කියලා.

දෙන්නාම වැඩේට කැමති වෙනවා. අදටත් ඒ විද්ද හී දෙක වැඩසිටිකන්ද දේවාගයේ තියෙනවා තිරය පිටිපස්සේ. වැඩසිටි කන්ද දේවාලය, කතරගම මහා දේවලය වගේම කිරිවෙහෙර චෛත්‍යයත් එක තනි ඉරකට පිහිටා තියෙනවා කියලා නොදන්නවා නම් ගිය වෙලාවක බලා ගන්න. ඔන්න ඕකයි මම දන්න ජනප්‍රවාදේ.. හැබැයි ෆිල්ම් එකේ කතරගම දෙවියෝ ගෙන වචනයක් වත් නැත්තේ දේව සංකල්පය බැහැර කරන නිසාද නැත්තම් දේවතා effect එක ගන්න යන ගාණ වැඩි හින්දාද කියන්න මම දන්නේ නැහැ.

සටන් ගෙන නම් කතා කරන්න එපා. කඩොල් ඇතා දොරටුව කඩන සීන් එකේදී මට ඇත්තටම දුක හිතුණා ඇයි මේ තරම් චාටර් විදිහට ෆිල්ම් හදන්නේ කියලා. නදීක ගුරුගේ ඉන්න හින්දා යන්තම් මියුසික් ටික තිබුණා පරණ ගාම්භීර තාලෙටම.

අනික එළාරගේ දුව දුටුගැමුණුට සීන් එක. අපේ නිකම් අංකල්ලා දුව වෙන කොල්ලෙක්ට කැමති වුණා කියලා දැනගත්ත ගමන් දුවව රට යවන අද වගේ කාලෙක ඒ කාලේ හිටිය එළාර තමන්ගේ පරම හතුරාට සීන් එකේ ඉන්න දුවට ලාවට සද්දේ දාලා යන්න යනවා. හැබැයි මම එළාර වුණා නම් වැඩේ ගොඩින් ඛේර ගන්නවා දුවවත් දුටුගැමුණුට බන්දලා දීලා.

ගැමුණු කුමාරයාගේ ආදර කතාව නම් ශේප්. අක්කවයි නංගිවයි දැක්ක ගමන් මම බැලුවා ඇයි අක්කට සීන් එක දාන්නේ නංගිනේ ලස්සන කියලා. ග්‍රහ චාරේ හොඳ කමකට යන්තම් නංගිව සෙට් වෙනවා. එතන වුණ වැදගත්ම දෙයක් මම දකිනවා දුටුගැමුණු තමන්ගේ අරමුණයි පවුලයි කියන දෙකෙන් පවුලට අඩු තැනක් දීපු එක. රටක් ගෙන හිතන ටාගට් එකක් තියෙන දුටුගැමුණු වගේ කෙනෙක් යුද්දෙ මැද්දෙත් ගෑණියි ළමයායි එක්ක ඉන්නවා පෙන්නුවා නම් මම එවෙලෙම නැගිටලා යනවා.

සමස්තයක් විදිහට ෆිල්ම් එක සවුත්තුයි. ඇත්තටම චාටර්. ඒකට හේතු විදිහට රටේ තාක‍ෂණය නැහැ, හරි පහසුකම් නැහැ කියන එක සාධාරණ නැහැ මොකද එතන අවුල තියෙන්නේ ස්ක්‍රිප්ට් එකේ ඉඳන්මයි. මම දකින විදියට ඔය වගේ ලස්සනට කරන්න පුළුවන් සුපිරි කතාවක් ගැමැණු කුමාරයාගෙයි දස මහා යෝදයින්ගෙයි තරුණ කාලේ වෙනකම් විතරක් පෙන්නලා ඊලඟ ටික වෙනම ෆිල්ම් එකක කලා නම් ඉවරයි. අශෝක් ෆිල්ම් එකේ අච්චර මහා අධිරාජ්‍යයෙක්ගේ සම්පූර්ණ කතාව ලස්සනට කියන්න පුළුවන් නම් ඇයි මේකේ බැරි වුණේ කියන එක හොඳ ප්‍රශ්ණයක්. ඉතිහාසය විකෘති නොකර පොඩ්ඩක් රසවිඳින්න පුළුවන් විදියට වෙනස් කලා නම් හොඳයි කියලායි මගේ අදහස.

Saturday, February 28, 2015

බොක්ක . බීමත් කම සහ ගැහැණිය

බලධාරියාගේ තර්ජනය පිට ඇත්ත නම වෙනස් කරන ලදී.

මට මතක විදිහට දවස නම් පෙබරවාරි 16 ද කොහෙද. උදේ පාන්දර ෆෝන් එක ඔන් කරද්දි "එයා" මැසේජ් එකක් එවලා...

"අද ඉක්මනට එනවා ලෙක්චර්ස්... අපි බොමු කියලා..."

උදේ පාන්දර නාලාගිරියා වගේ මත් වෙන කතා කියන්න නම් අනිවා ඒකි අවුලකින් ඉන්නේ කියලා මට හිතුනත් ගිහින්ම කතාව අහගමු කියලා හිතාගත්තේ මගෙත් වැඩ වැඩි දවසක් හින්දා.

කොහොම හරි දවසේ වැඩ කරගෙන මම කොටුවට ගියා වැඩකට. ඒත් එක්කම තමයි "එයා" බස් එකෙන් බැස්සේ ඇවිත් කොටුවෙන්. අපි දෙන්නාම නැග්ගා 138කට ලෙක්චර්ස් යන්න. යද්දිත් සීට් දෙකක වාඩි වෙන්න වුණ හින්දා වැඩි කතාවක් වුනෙත් නැහැ. කොහොම කොහොම හරි නුගේගොඩින් බහිද්දි හවස 5 වගේ වුණා. ඛේස්මන්ට් එකට ගිහින් අපි පොඩි ආහාරයක් එහෙම දාලා බලන් හිටියේ මනියා එනකම්. මනියා තමයි සේරම ප්‍රමාණ සහ පදම ගෙන දන්නේ.

මනියා එද්දි 6 විතර වුණා. ඒත් එක්කම නොහිතපු විදිහට මටත් පොඩ්ඩක් යන්න වුණා එකෙක්ව හම්බ වෙන්න. යන්න කලින් මම කියලා ගියේ මනියාට මෙහෙම දෙයක් වෙන්න තියෙනවා කියලා. ඒක හින්දාද කොහෙම මම වැඩේ ඉවර වෙනකම් උන් දෙන්නා මග බලාගෙනම හිටියා.

ෆුඩ් සිටි එකට ගිහින් බාගයක් අරගෙන ඒක ඔරේන්ජ් ජූස් එකකට මික්ස් කරන් ලොකු මෙගා බෝතලේකට දාගන්න ටික වෙලාවක් ගියා. "එයා"ටත් ඕනේ කියලා ඇපල් සයිඩර් බෝතල් දෙකකුත් ගත්තා. තරු බිස්කට් පැකට් එකකුත් අරගත්තට පස්සේ අපි තුන් දෙනා පාර දිගේ ආවේ Expendables 3 ඇක්ට් කරන සෙට් එකක් වගේ. ඛේස්මන්ට් එකටත් ඇවිත් කොණම තැනක් අල්ලගෙන අපි සෙට්ල් වුණා . . .

එතම ඉඳන් තමයි කතාව පටන් ගන්නේ...

"ඉතිං . . . දැං මොකක්ද සීන් එක?" මම ඇහුවේ තුන්දෙනාම බෝතලේට කට තියලා ගුඩුස් ගාලා උගුරක් ඇතුලට දාගත්තාට පස්සෙයි.

"නෑ ඕයි... මේ ටිකේ කම්මැලියි. කරන්න දේකුත් නැහැ. ධනකත් ආයි පරණ කෙල්ල එක්ක සෙට් වෙන්න යනවා. මට අවුස්සන්න කෙනෙකුත් නැහැ දැන්. හැබැයි ධනක ආයි ඒකි පස්සේ යයි කියලා මම හිතුවේ නම් නැහැ." "එයා" කතා කලේ බීපු එකෙන් ආව අප්‍රසන්න රහට කට පුක කරන ගමන්...

"අඩෝ අද වෙනකම් මම නානාප්‍රකාර හේතු වලට බීලා තියෙනවා. හැබැයි කෙල්ලෙක් කොල්ලෙක්ගේ සීන් එකකට අවුල් ගිහින් වගේ දේකට මේ බොනවාමයි ඕයි." මනියා දෙවෙනි වටෙත් පටන් ගන්න ගමන් කිව්වා..

"මට එහෙම අවුලකුත් නැහැ. මම එහෙම ආදරේකුත් නැහැ. හැබැයි අර නැතුව පාලුයි වගේ සීන් එකක් තියෙන්නේ..."

දෙවෙනි රවුන්ඩ් එක එපා කියලා බෝතලේ මට දුන්න "එයා" කියන දේටත් වඩා මනියාගේ අවධානය ගියේ දෙවෙනි වටේ මිස් කරපු එකට.

"අඩෝ අඩෝ මේ... හැමෝම එක විදිහට දාගන්න ඕනේ ආ.... නිකම් හොර කපන්න බැහැ. චාටර් වැඩ නොකර දාගනින් ආහ්.."

සෙට් එකක් බොද්දී තියෙන්න ඕනේ ගෝල්ඩන් රූල් එක මනියා මතක් කරලා දුන්නා.

"අනේ බැහැ ඕයි. මම ඇපල් එක බොන්නම්. මේක මහා අප්පිරිය රහයි. හරි නැහැ වගේ මේක." ෂොට් එකෙන් ලෝකෙම එපා වුණා වගේ ඒකි ඇපල් සයිඩර් එක අරින ගමන් කිව්වා.

ඒකිට බම්බු ගහගන්න කියපං කියලා මමයි මනියායි කතාවක් දාගෙන ශේප් එකේ බෝතලේ මාරු කර කර ගැහුවා. මෙහෙම විනාඩි 15ක් විතර ගතවෙද්දි අපේ බෝතලේ අඩිය වෙන්න ඉවර වණා. "එයා"ගේ එක ඇපල් එකක් එහෙමම ඉතිරි තියෙද්දි අනිත් එකෙන් බාගයක් වගේ ඒකි ගහලා තිබුනා. හැබැයි දැං "එයා" සද්ද නැහැ. ඉන්නේ වෙනම ලෝකෙක. ෆොන් එක අරන් දාගෙන කොටනවා කොටනවා කාටද...

"අඩෝ.. මම ෆොන් එක අරං පොලේ ගහන්නද බං?" මනියා ශේප් එකේ ඇහුවේ බොක්කෙන්මයි....

එපා එපා.. ඒකිට ඇමිනෙන්න කියපං. අපි මේ ටිකත් ඉවර කරලා ආතල් එකේ ඉමු..

"ඉතිං හුත්තෝ අද අපි බොන්නද හිටියේ?? මේකි නිසා බීලා දැං ඒකි ඒකිගෙ වැඩ.. අපි නිකං වැනෙනවා එහෙට මෙහෙට."

"හරි හරි බං අපේ මෝඩ කම ඉතිං. ඒයි ... නවත්තපං ඕක.. වරෙං සෙට් එකත් එක්ක ඉඳපං නිකම් චාටර් වැඩ නොකර"

මම කිව්ව එක ඒකිට ඇහුනේ නැහැ වගේ ඒකි කොට කොට ඉඳලා එක පාරම ඛේස්මන්ට් එකට ඇතුල් වෙන දොර දිහා බලාගෙන හිටියා. . . මෙන්න දඩ බඩ ගාලා බෑග් එකත් අරන් මගේ දිහා බලං

"යමු යමු.. ක්ලාස් ඇරිලා.. තාත්තා ඇවිත් ඇති. අපි යමු" ගෑවා.

මම ක්ලාස් ඇරිලා යන්නේ ඒකිත් එක්ක ගොඩක් වෙලාවට. හැබැයි අද වුණ දේවල් එක්ක මම පයින් හරි ගෙදර යනවා කියලා හිතුන නිසා මම ඒකිට යන්න කිව්වා. එකට බීපු කොල්ලෙක්ව දාලා චාටර් වැඩ කරපු කෙල්ලෙක් එක්ක යන්න මගේ හිත දුන්නෙම නැහැ. ඒකි මටත් ගස්සන් යන්න ගියාම අපිටත් තේරුණා දැං කට්ටිය ඇවිත් මෙතන පිරෙන එකේ අපිත් ඉතුරු ටික අරන් එළියට ගියා නම් හොඳයි නේද කියලා. අපි එළියට යද්දිත් අරකි ඉන්නවා පාර බලාගෙන. දැක්කෙ නැහැ වගේ අපි දෙන්නත් එතනින් බාගයක් දුර එන්න ආවා. මනියාට හෙණම අවුල්. . .

"හුත්තෝ කැරි අවුල් බං හිතට. අපි දෙන්නා නිකම් පොන්නයෝ වගේ ඒකිගෙ ෆිට් එකට බීලා දැන් බල්ලෝ වගේ යනවා. වරෙං ගිහින් ටෝක් කරමු. කණ පැලෙන්න දෙකක් දුන්නාම මගේ හිත හරියනවා.."

"අපි ටෝක් කරමු. ගහන්න යන්න එපා. අපිට වැඩක් නෑනේ බං..." ඌ ගැහුවත් මට ඌව නවත්තන්න බැරි හින්දා මම ඌ පස්සෙන් ගියේ කොල්ලා ෂුවර් හිතුනොත් ගහනවා කියලා දන්න හින්දාමයි.

ඌ "එයා" ගාවට ගිය ගමන් මමත් ඉස්සර වෙලා ඒකිට කෑගහන්න ගත්තා කරපු චාටර් වැඩේට. ඒකි ඒවා ගාණකට ගත්තේ නැහැ වගේ බලං ඉඳලා එක පාරටම. . .

"මම එන්න කිව්වේ නැහැනේ ඔයාලාට මාත් එක්ක බොන්න කියලා.. ඔයාලානේ ආවේ.." කියලා ගස්සගෙන යන්න ගියා"

අපිට කියන්න දෙයක් තිබ්ඛේ නැහැ.. දෙන්නාම කට වහගෙන පාර දිගේ එද්දි මනියා ලාවට "ආයි නම් ගෑණු එක්ක යාළුකම් ඕනේ නැහැ, ගෑණු එක්ක මළාට බොන්නෙත් නැහැ කිව්වා". අපිත් එක්ක බොක්කෙන් හිටපු ඒකිගෙ ඇත්ත තත්වේ එළියට ආවාම එහෙම හිතෙන එක පුදුමයක් නෙමෙයි. අපි පාර පැනලා බයික් එක ගාවට ආවාම අපිත් එක්ක ෂේප් සික්කෙක් ආවා අපි ගාවට. බෝතලේ ඉතිරි වුණ අඩිය තාම අපි ගාව කියලා මතක් වුණේ ඒ වෙලාවේ.

"මොනාද මල්ලි බෝතලේ???" කියාගෙන බුවා හිනාවක් දැම්මා

"බෝතලේ පොඩ්ඩක් අඩියේ තියෙනවා... ඇදලා දාපං" කියලා ඌගේ අතට ඒක දුන්නට ඩියුටි වෙලාවේ මේ කොහෙවත් යන අපි දෙන ෂොට් එක ඌ ගනී කියලා අපි හීනෙන්වත් හිතුවේ නැහැ.

එක පාරෙන්ම බෝතලේ හිස් කරපු සික්කා හිස් බෝතලේ අරගෙන අපිට හිනාවක් දාලා "පරිස්සමෙන් යන්න මල්ලි" කියාගෙන ගියේ කොල්ලෙක් වෙනුවෙන් මෝඩකමක් කරන්නේ තව කොල්ලෙක් විතරමයි කියන පාඩම අපිට කියලා දීගෙනමයි



Tuesday, February 3, 2015

සදාචාරය සිසාරා ගිය වනචර කම

අද උදේ නැගිට්ටා 5ට. කාලෙකින් උදේ 5ට ලෝකේ කොයි වගේද කියලා දැකගත්තා. හැබැයි එහෙම නැගිට්ටේ මගේ වැඩකට නෙමෙයි. නඩුවකට යන්න නදීක අයියාගේ. රට යන්න සල්ලි දීලා පොල්ලක් තිබ්බ නඩුවක්. ගම්පහ උසාවියට යන්න තියෙන්නේ. ගෙදරින් පිටත් වුණේ 6.45ට. බස් එකේ යන්න ගියා නම් බබා හම්බුවෙන හින්දා ටුක් එකක ගියා දෙමටගොඩ ස්ටේශන් එකට 7.30 වෙද්දි. නදී කොටුවෙන් නැගලා ඉඳගෙන හිටියා මටත් තැනක් තියාගෙන. ඔන්න ටික දුරක් යනකම් රු. 10ට ගත්ත අද පත්තරේ කියෝ කියෝ ගිය අපි කතා කරන්න ගත්තේ කැළණිය ස්ටේෂන් එක පහුවෙද්දි.

"අර නුගේගොඩ දුවද්දි සෙට් වෙච්ච කෑල්ල බං ඊයේ මට එන්න කිව්වානේ ආයි.." නදී කෙලින්ම පටන් ගත්තේ කොටු පනින සීන් එකකින්.

"ආයි??? ඒ කියන්නේ උඹ මීට කලිනුත් ගියාද? මම දන්නෙත් නෑනේ..."

"ඉඳපංකො කියන්න... එදා නම්බර් එක ඉල්ල ගත්තාට පස්සේ ආයි දවසක් මට පාක් එකේ හම්බුණා රෑට දුවන්න ඇවිත්. එදා මාව ඩෝන්ට් කෙයා එකේ ගියා.. මමත් බැලුවා අප්සට් එකක් ද දන්නෑ කියලා... මෙන්න අහුවදා දවල් කෝල් එකක් දෙනවා ගෑණි මට පාක් එකේ කතා කරන්න බැහැ අඳුරන අය වැඩී කියලා..."

"ඉතිං අඳුරන අය දැක්කාට මොකෝ බං කතා කරද්දි?"  මූ කියන්න යන කතාව නොතේරෙනවා වගේ ඇහුවේ තවත් ෆෝම් කලාව ආතල් වැඩි හින්දා.

"ඉඳපංකො කියන්න...එහෙම කෝල් කරලා මම කොහෙද ඉන්නේ ඇහුවා. යකෝ මේ ගෑණි ඉන්නේ මගේ ඇනෙක්ස් එකට යන පාරෙමයි. "

එතකොටම රාගම ස්ටේෂන් එකෙන් නැග්ගා සෑහෙන සෙනගක්. කතා කියන්න බැහැ ඒ සෙනග අස්සේ. නදීත් එතනින් නැග්ග සුදු කෑල්ලකගේ බඩ දිහා බලාගෙන ඉතිරි දුර ගෙව්වා.

ගම්පහෙන් බැහැලා ලෝයර් කාරයාව හම්බුවෙලා උසාවියට ගිහින් නඩුව කල් දාපු දිනේ අරන් එළියට එද්දි 10.45යි. උදේට පොඩි කෑමක් දාලා ආයි ස්ටේෂන් එකට ඇවිදන් ඇවිත් ඉඳගෙන හිටියා බංකුවක් උඩට වෙලා 11.15ට කොච්චිය එනකම්.

"ඊයේ ගෑනි ආවා බං උදේ දුවව ඉස්කෝලෙට දාලා මාත් එකක් බඩු වගයක් ගන්න. මේ ටිකේ සල්ලිත් නෑ කියලා හොඳටම දන්නවා... හැබැයි ඉතින් දන්නවානේ කියන කතා ටික. මමත් ආ කමක් නෑ යමු කියලා අරන් ගිහින් බඩු ටික අරන් දුන්නා.. කොහොම හරි 5ක් විතර කුඩු" නදී තමන්ගේ පවුලේ කතාව පටන් ගත්තා

"මේ වෙලාවේ බං 5ක් කියන්නේ සෑහෙන ගාණක් නේ??" මිනිහාගේ ආර්ථිකේ දන්න හින්දා මම ඇහුවා

"ඕක අපේ ගෑණිට කිව්වාට තේරෙන්නේ නෑනේ බං. ඊට පස්සේ කියයි අර රට යන සල්ලි ටික නඩුවෙන් ගත්තා නම් මෙහෙම නෑනේ අනම් මනම්.... ඊට මීට හොඳයි තියෙන එකක් අරන් දීලා ඉන්නවා. මට පුළුවන් විදිහට තමයි මමත් කරන්නේ. මගේ තරමට ඉන්න බැරි හින්දානේ ළමයා එක්ක අම්මලා ගාව ඉන්නේ. මොකක්ද බං මේ ජීවිතේ. මාස ගාණකට පාරක් ඇවිත් බලලා යනවා. ...එච්චරයි " ස්ටේශන් එකේ ඇවිදගෙන යන කෙල්ලෙක් දිහා කන්න වගේ බලාගෙන නදී කිව්වා

"උඹට කියන්න මචං දැං අර සීන් එකේ උනත්, ගෑණි වියදම් කරන එකක් නම් මට කඩා ගන්න පුළුවන් ඕන තරම්. හැබැයි බං ඒ ගෑණි වුණත් වැඩේ කර ගත්තාට පස්සේ මගේ සල්ලි ප්‍රශ්ණ වැඩක් නැහැ. ඒකට අපේ ගෑණු. සල්ලි.. සල්ලි... සල්ලි... උඹ දන්නෑ බං ඒ ගෙදර.... පට්ට සයිස් ගෙදරක්. පුතයි දුවයි විතරයි ඉන්නේ. දුව ඇති උඹේ වයසේ වගේ... මහත්තයා _________ එකේලු වැඩ."

ආයෙත් පරණ කතාවට පැන්න නදී ඒක ගෙන කියන්න ගත්තා....අර කලින් කන්න වගේ බලං හිටපු කෙල්ලත් අපේ ගාවම බංකුවක වාඩි වෙලා කකුලක් පිට කකුලක් දාගෙන ඉන්නවා මම ඇහැ කොණකට දැක්කා

"ගෑණි හොඳයිද? ලස්සනයිද? වයස කීයද? ඇයි ඉතින් සල්ලි තියෙනවා නම් සේරම හොඳට තියෙනවා නම් උඹට ගෙදර එන්න කිව්වේ?"

"මම වයස අහන්න ගියේ නැහැ. අර විස්තරත් එයාමයි කිව්වේ. අපි ඕවා අවුස්සන්න ගියාම ගෑණු බය වෙනවා මචං. ළමයි දෙන්නෙක් ඉන්නවා කියන්න බැහැ ඇඟ හොඳට තියාගෙන එහෙම ඉන්නවා. මම එයාට ඕන දේ විතරයි කරන්නේ.. වෙන වැඩි වැඩ නැහැ. මගේ ඇඟට ආසයි ගෑණි... මිනිහාත් මං හිතන්නේ වැඩ වැඩ කියලා ගෙදර එහෙමටම ඉන්නේ නැති එකෙක් මට පේනේනේ..."

"දැං එදා දවල් ගිහින් ආයි ඊයේ රෑත් එන්න කිව්වාද?"


"මම ජිම් එකේ එකාව ට්රේන් කරලා ඉවර වෙලා යද්දි කෝල් එකක් දුන්නා මෙහෙම ගෙදර එන යනවා 7.30ට ආයි එන්නේ රෑ වෙලා. එන්න පුළුවන්ද කියලා..මමත් අනික් පැත්තට දිව්වා... ආයි කතා කරන්නම් කිව්වා එයාට ඕනේ වුණාම."

මාසයක් ගානේ පොළිය එන ෆික්ස්ඩ් ඩිපොසිට් එකක් දාපු පොරක් වාගේ ඌ ඒක ආඩම්බරෙන් කිව්වා.

"අනේ මන්දා ඕයි ඔය කතා අහද්දි අර මිනිහා පවු කියලා හිතෙනවා. ඌ මැරි මැරි සල්ලි හොයද්දි, ගෑණි මෙහෙ වටේ යනවා..." මම බොක්කෙන්ම කිව්වේ බඳින එක ගෙන ඇතිවෙච්ච කලකිරීමෙන්

"ගෑණි යකෝ පවු. හිතපං ඒ ගෑණි ළමයි හද හද ගෙදරට වෙලා ඒවා බලාගෙන ඉන්නවා. මිනිහා රෑ වෙනකම් වැඩ කරලා ඇවිත් නිදා ගන්නවා. ගෑණියෙක්ට මචං මොනා තිබ්බත් වැඩක් නෑ සීන් එක නැත්තම් හරියට. එකයි සේරම ප්‍රශ්ණදැං අර බලපං අතන අර කකුලක් පිට දාගෙන ඉන්න කෑල්ල. ඒකි කොටුවක් පනින්න ඇවිත් ඉන්නේ. මිනිහා වැඩට ගිය වෙලාවෙ ෂුවර් එකට ඔය හොර ෂොට් එකක් සෙට් වෙන්න බලං ඉන්නේ"

අර කලින් ඇහැ දාපු කෙල්ල ගෙන නදී කියන්න ගත්තා. මිනිහාගේ කතාව එක පාර පිළිගන්න මම කැමති වුණේ නැහැ. එහෙම දැක්ක ගමන් ඔහොම නිගමනේකට එන එක පිළිගන්න බැරි දෙයක්

"පිස්සුද බං. ඒ ගෑණි තමන්ගෙ මිනිහා එනකම් ඉන්නවාද කව්ද දන්නේ? අනික පේන මානෙක මිනිහෙක් නැහැ. පව් කතා කින්න එපා යකෝ. "

"අනේ උඹ දන්න මගුල. මමත් දෙපාරක් විතර බලාගෙන හිටියා. ආයි බැලූවොත් නම් මොකක්ම හරි වචනයක් දාගන්න පුළුවන්. " සර්පයෙක් වගේ ඒ ගෑණි දිහා බලාගෙන නදී කියාගෙන ගියා...

"මම දන්නවා නදී උඹට සෑහෙන්න සීන් සෙට් වෙලා තියෙනවා කියලා. අනික මට වඩා අවුරුදු ගාණක් උඹට අත්දැකීම් තියෙනවා වෙන්නත් පුලුවන්. හැබැයි එහෙම කියලා උඹ කියන හැම දේම හරියන්නෙ නෑ බං. අනික එහෙම මිනිස්සුන්ට කතා හදන්න එපා මොකද ඒ මිනිස්සුන්ගේ කතාව අපි හරියට දන්නේ නෑනේ.... උඹත් වැඩ වැඩ හින්දා ගෙදර යන්නේ ඉඳලා හිටලා... මටත් කියන්න පුළුවන් උඹේ ගෑණිත් වටේ යනවා කියලා. හැබැයි මම ඒක දන්නේ නැති හින්දා මම කට වහන් ඉන්නවා.. ඒ හින්දා ඔය වගේ දේවල් කියන්න එපා..."

බොක්කෙන්ම ආව අදහස මම මූණටම කියලා දැම්මා උගේ. හැබැයි බුවා බොහොම අනුකම්පාවෙන් වගේ මගේ දිහා බලාගෙන ඉඳලා පුංචි හිනාවක් දාලා මගේ මූණ අල්ල ගත්තා.. කණ පැලෙන්න දෙකක් දෙයි ද කියලා බයක් ආවත් මිනිහා මගේ මූණ අර ගෑණිගේ දිහාවට හැරෙව්වා...

එතන ඒ ගෑණි නැහැ.. නැගිටලා යනවා... තනියම නෙමෙයි.... මගේ වයසේ වගේ ඒ ගෑණිට වඩා අවුරුදු 10ක් විතර බාල කොල්ලෙක්ගේ අතින් අල්ලගෙන... විශ්වාස කරන්න ඒ මල්ලි කෙනෙක් වත්, පුතෙක්ගේ වත් අල්ලන් යන විදිහ නම් නෙමෙයි.....

Wednesday, January 28, 2015

ආයුබෝවන් Bitches.....

බ්ලොග් එකක් පටන්ගන්න ඕනේ ගගා හිටියේ මනියා. හැබැයි වැඩත් එක්ක ඌට ඒක අමතකම වෙලා ගියාද මන්දා. මම හිතන් හිටියේ කවදාවත් බ්ලොග් එකක් කරන්නෑ කියලා. මොන රෙද්දටද මම ලියලා ලියලා අනුන්ට ආතල් දෙන්නේ ?...

හැබැයි අද වැඩ වැඩි දවසක්. ඒකත් එක්කම එපාම වෙලා ඉන්නකොට හිතුවා මොන පකක් ද... මේකත් ඔලුවට දාගත්තම තව ආතල්නේ කියලා. මේකත හැබැයි මොන බල්ලෙක්වත් කියවයි කියලා නම් මම හිතන්නේ නෑ. කියෙව්වත් මට ඇති ගාණකුත් නැහැ අප්පා...

මුල්ම පෝස්ට් එක මෙහෙම මූසල විදිහට දාන්න හිතුවේ නැහැ මම මුලින්ම. හැබැයි පස්සේ හිතුවා හුකෑස් මට ඕන දේ මම කරනවා කියලා. මගේ බ්ලොග් එක මගේ වචන ටික. බලනවා නම් බලපං නැත්තම් හුකහං.

අද දවසේ මම දැක්කා මිනිස්සු ගොඩක්. හැම එකාම ඔලුවේ දේවල් පුරෝගෙන ඔහේ බස් එකේ යනවා දැං මේ දුක ඉවර වෙයි දැං ඉවර වෙයි වගේ. ඇයි යකෝ... අපි කිව්වාද වැඩට යන්න කියලා? අපි කිව්වාද ජොබ් කරන්න කියලා? රස්සාවකට යන එක තමන්ට ලැඛෙන තෝරාගැනීමක් විතරයි. ඒක සමාජ සම්මතය කියලා හිතන් ඉන්නවා නම් මෙන්න සාධු බ්ලේඩ් එකක්... කපා ගනින් ඛෙල්ලෙන් උඩ ටික. මොකද උඹ නිදහස් මිනිහෙක් නෙමෙයි.

අපි එක එක්කෙනා අනිත් එකාව දක්කනවා කියලා හිතන්නකෝ.. එකෙක් අනිකාව තල්ලු කලාම මේ පෝලිම කෙරෝලේ ඉන්න එකාටත් ඒක දැනෙනෙවා. ඇයි බැරි ඒකෙන් අයින් වෙලා යන්න? හේතුවත් මම කියන්නම්.. තොපිට බෑ සමාජ තත්වේ නොහිත වැඩ කරන්න. සමාජය දකින්න ඕනේ මම කරන දේවල් කියන මෝඩ තැනක ඉන්නේ. එකෙක් වත් හිතන්නේ නෑ මට මේක හොඳ නම්, වෙන එකෙක්ට මේකෙන් කෙල වෙන්නේ නැත්තම් මම මේක කරනවා කියලා.. හැමෝමටම ඕනේ.. මේක මට හොඳයි ද කියන එකට වඩා මේක කලොත් මට අරූට වඩා හොඳක් වෙයිද කියන එක.

ඉස්සර අපි බොනකොට කතා කලා කෙල්ලො ගෙන, රගර් මැච් ගෙන, ආතල් ගත්ත හැටි ගෙන. අද මෙන්න ටෝක කරනවා අර ඔෆිස් එකේ බිස්නස් ප්ලෑන් එක ගෙන, අද ඔෆිස් එකේ ටාගට්ස් අඩු වෙච්ච එක ගෙන.... අනේ සාධු... මෙන්න වැන්දා... මට ඔයාගේ ඔෆිස් එක ගෙන බොනකොට අහන්න ඕනෙම නැහැ. ඇයි රෙද්ද බොනකොටත් ඕවාම කතා කරලා ඊට පස්සෙ කියනවා

"දැං මචං ෆුල් බිසි බං.. ඔෆිස් එකෙන් තොර ලෝකයක් නැතිව දැං එපා වෙලා තියෙන්නේ කියලා..."

මං මහා ලොකු සල්ලි හම්බ කරන එකෙක් නම් නෙමෙයි. හැබැයි ටයි එකයි අත් දිග ෂර්ට් එකයි ඇඳලා උදේට පඩ දදා බැංකුවක වැඩට යන උඹට වඩා නම් කීයක් හරි හොයනවා. අනික මම අනුන්ගේ සල්ලි ගණන් කරලා හිත සනසගෙන පඩි ගන්න එකෙකුත් නෙමෙයි. ඒ හින්දා මම සමහර විට මහා ලොකු පොරක් වෙන එකක් නැහැ. මැරෙද්දි පාර මැද්දේ රෙද්දක් එළාගෙන මැරෙයි ද දන්නෙත් නැහැ. හැබැයි හොඳ තැනක මැරෙන්න මමත් ට්‍රයි කරනවා... හැබැයි එකක්, මම මැරෙද්දි මම මැරෙන්නේ උඹලාට වඩා දශමයක් හරි සන්තෝසෙන් ජීවත් වෙච්ච එකෙක් හැටියට