Saturday, June 25, 2016

දිසාපාමොක් ගේ සටහන - Government and Private Universities


දිගු නිහැඩියාවකින් කියවෙන්නේ කුණාටුවක් අත ලඟ කියලා කිව්වත් මම නම් කාලයක් සද්ද නොකර හිටියේ අලුතෙන් වැඩ කිහිපයක් පටන් ගත්ත නිසාත් ජීවිතේ පොඩි පොඩි වෙනස්කම් වුණ නිසාත් තමයි. කාලයක් තිස්සේ මට ඇහුණ මාතෘකාවක් තමයි රජයේ විශ්ව විද්‍යාල සහ පෞද්ගලික විශ්ව විද්‍යාල කියන වචන දෙක. Rag එකේ ඉඳලා, අධ්‍යාපන ක‍්‍රමවේදයන් තුලින් උපාධියේ පිලිගැනීම වෙනකම් මේ දෙක අතර සෑහෙණ ප‍්‍රශ්ණ අහන්නට ලැබුණා. මේ තැන් දෙක ගෙනම මගේ අදහස් දක්වන්න හිතුනේ ඒක නිසයි.

පෞද්ගලික අධ්‍යාපන ආයතන (උපාධි කඩ) ගෙන මගේ මුල්ම අත්දැකීම වෙන්නේ නුගේගොඩ තියෙන ප‍්‍රසිද්ධ උපාධි කඩයක්. තහනම් කරව් කියලා කෑගහන නම් අතර ඒ නමත් තියෙනවා. හැබැයි මේ උපාධි කඩයේ උපාධිය ලේසියෙන් ලැබෙනවා කියලා හිතනවා නම් ඒක ලොකු වැරැුද්දක්. අපි ඉගෙනගන්න කාලේ අපිත් එක්කම රජයේ කැම්පස් (උපාධි දන්සැල්) වලට පාස් වුණ යාළුවොත් එක්ක අපි සෑහෙණ ෆිට් එකෙන් හිටියා. ඇත්තටම අර කියන්නා වගේ පන්තියේ කොන් වෙලා සිරිමත් වගේ ඉඳලා කැම්පස් බැහැපු උන් දැන් බෝඩ් අරන් කෑ ගැහුවාට, කවදාත් ආතල් එකේ හිටපු උන් එකට සෙට් වෙද්දී රජයේ ද ප‍්‍රයිවට් ද කියලා කවදාවත් කුහක කමක් හිතන්නේ නැහැ.

නුගේගොඩ මම ගිය උපාධි කඩේ සල්ලි වලට උපාධිය දෙන්නේ නැහැ දෝත බදලා ආ මෙන්න කියලා. Attendance බලනවා, Assignments වල Plagiarism බලනවා, කොටින්ම කිව්වොත් උපාධි කඩ වල හාන්සි වෙලා ඩිග‍්‍රිය ගන්න තියෙන ඉඩ සෑහෙන්න අඩුයි. අනික ෆේල් වෙලා කියලා හැම දේම විනාසයි කියලා හිතන කෙනෙක්ට ආයිමත් තමන්ගේ අධ්‍යාපනය හදාගන්න පුලුවන් තැනක් තමයි මේ උපාධි කඩ කියන්නේ. ඒ අතර රජයේ කැම්පස් වල වගේම 8%ක් විතර කෙළ ගන්න වුනුත් නැතිවාම නෙමෙයි. තවත් හොඳකට තියෙන්නේ හෙණට පාඩම් කරලා රජයේ කැම්පස් එන කෙල්ලෝ අතරේ යන්තම් එකක් දෙකක් ලස්සන කෑලි හිටියාට, තමන්ගේ රූපේ ගෙන හිතලා වැඩ කරපු මෝඩ ලස්සන කෙල්ලෝ නම් උපාධි කඩවල් වල සුලබ දසුනක් වෙච්ච එක.

උපාධි කඩ වල තියෙන වැරදි ගෙන කතා කලොත්, ඒකත් ගොඩාක්ම පොතටම බර වෙච්ච අධ්‍යාපන ක‍්‍රමයක්. රජයේ විශ්ව විද්‍යාල වලට වඩා ප‍්‍රායෝගික අතින් ටිකක් වැඩි උනාට හැබැයි මේකේ වෙන්නෙත් ගිරවුන්ට ඉහල ප‍්‍රථිපල ලබා දීමක්ම තමයි.

ඊලඟ දේ ගෙන නම් බොහෝ දෙනෙක් මාත් එක්ක එකඟ නොවෙන්න පුළුවන්. හැබැයි උපාධි කඩවල් වල Rag එක නැහැ. මම පෞද්ලගිකවම කායික සහ මානසික හිංසා නොවන, දෙපාර්ශවයටම කරදරයක් නැති Rag එකක්ට ආසා කෙනෙක්. ඒකෙන් බැජ් දෙකක් අතර හොඳ බැඳීමක් ඇති වෙනවා වගේම, කැම්පස් එකක් තුල ලස්සන උප සංස්කෘතියක් ඇති වෙනවා. මට මතකයි අපේ උපාධි කඩේ පළවෙනි බැජ් එක වෙච්ච අපි, ඊලඟට ආපු එකේ උන්ගෙන් Rag එකක් විදිහට බෝතල් වගයක් ඉල්ලුවා කට්ටියටම එකට සෙට් වෙන්න. හැබැයි එතන හිටපු ගස් ගඳයෙක් මේක ඉහලට කියලා අපේ කිහිප දෙනෙක්ගේම පන්ති තහනම් වුණාත් මට මතකයි. එදා එ් නවත්තපු Rag එක නිසා අදටත් ඒ උපාධි කඩේ ඉහල සමාජෙන් ආපු පඩ පරපුරකුයි, සාමාන්‍ය පන්තියේ පිරිස් අතර හැදිච්ච වෙනම සෙට් එකකුයි දැකගන්න පුලුවන් එහෙට ගිය කෙනෙක්ට.

උපාධි දන්සැල් ගෙන මට අත්දැකීම් තියෙන්නේ ආකාර දෙකකට. එකක් මම නිතරම රජයේ කැම්පස් වලට ආවා ගියා ඒවායේ යාළුවෝ හිටපු නිසා. අනිත් ක‍්‍රමය තමයි නාවල තියෙන උපාධි දන්සැලකත් මම ශිෂ්‍යයෙක් වීම නිසා ඒකේ ලැබුණ අත්දැකීම්.

මගේ මතකේ සුන්දරම තැනක් තමයි කැළණියේ තියෙන උපාධි දන්සැල. මම එහෙට ගිය මුල්ම දවසේ ඉඳලාම මම ආදරේ කලා ඒ පරිසරයට. එකේ ජිම් කැන්ටින් එකේ ලොකුවට ගහලා තියෙනවා,

"අප මිනිසුන් තැනිය යුත්තේ අප සමග යෑමට නොව අප පසුකර යෑමටයි" කියලා.

ඒ වගේම ඒකේ අන්තරේ රූම් එකේ ලියලා තියෙන අදහස් ඇත්තටම හරිම සුන්දරයි. මේ වගේ උපාධි දන්සැල් වලින් සංවිධානය කරන ගොඩක් දේවල් උපාධි කඩ වල වගේ පොෂ් නොවුණාට, ඒවා තරම් බජට් නැති වුණාට ඇත්තමට ලස්සනයි. මේ තැන් වලදී මට හම්බ වුණා ඇත්තටම හරිම සුන්දර චරිත.  ඒ අයත් එක්ක එකට වැඩ කරලා, උනුත් එක්කම කාලා බීලා ඉඳපු නිසා මම දන්නවා ඒ සරළ ජීවිත වල තියෙන ලස්සන. ඒ වගේම එතන පන්ති භේදයක් නැති තරම්. මේ වගේ උපාධි දන්සැල් වල දෙන අමානුශික නොවන Rag පවා මට දකින්නට ලැබුණා. මම කියන්නේ නැහැ මිනිහෙක්ව ගස් බඳින එකවත්, බොක කවන එකවත් හරි කියලා. හැබැයි ගිණිකූරක් දීලා කැම්පස් එකේ දිග මැනගෙන වරෙන් කියන ජාතියේ ඒවා නැත්නම් කවදාවත් කොළඹ 7න් කැම්පස් ආව ශෙහාරායි හොරොව්පතානෙන් ආව කුමාරියි එක බත් එක බෙදාගෙන කන්නේ නැහැ.

උපාධි දන්සැල් වල තියෙන වැරදි ගෙන කතා කලොත්, මම දැකපු ලොකුම දෙයක් තමයි, ඒවායේ උන්ගේ ලෝකේ හරි පොඩියි. ජාත්‍යන්රේ ගෙන, අලුත් තාක්‍ෂණය ගෙන වගේම සමහර පුහු දේවල් ගෙන තියෙන පටු අදහස් ඒවා ඇතුලේ පිරිලා. ඒ වගේම කිහිප දෙනෙක් ඇරෙන්න, ගොඩාක් පාස් අවුට් වෙන අය පුරුදු වෙන්නේ Typical Lifestyle එකකට. සමාජයේ System එකෙන් පිට පනින්න වැඩක් කරන උන් ගොඩාක් අඩුයි.

මට තියෙන ලොකුම ප‍්‍රශ්නේ තමයි, උපාධි කඩ සහ උපාධි දන්සල් කියන මේ දෙකේම තියෙන වරද ඒවායේ අධ්‍යාපන ක‍්‍රමය කියන එක මේ දෙගොල්ලන්ටම තේරෙන්නේ නැද්ද කියන එක. පොඩි කාලේ ඉඳලා ගිරවා සංස්කෘතියකට පුරුදු කරන අපිව මේ කැම්පස් එක ඇතලෙත් කොච්චර අඩුවෙන්ද වෙනස්ම ඉගෙනීමකට යොමු කරන්නේ?  ඒත් එක්කම ඒවායේ වැඩ වෙන විදිහ හරිම මන්දගාමී. මුදල් පරමාර්ථ කරගත්ත උපාධි කඩයක් වගේ නම් පුළුවන් තරම් උත්සාහ කරන්නේ ඉක්මනට වැඩ ටික ඉවර කරන්න. හැබැයි උපාධි දන්සැල් වලදී අවුරුදු 3 උපාධිය ඉවර කරන්න අවුරුදු 4ක් 5ක් ගතවෙනවා.

මම වෙන රටක ඉගෙන ගන්නා කාලයේ දැකපු හොඳම වෙනස තමයි, රජයේ හෝ පෞද්ගලික හෝ කැම්පස් එකක තනිකරම තියෙන්නේ ප‍්‍රායේගික අධ්‍යාපන ක‍්‍රමයක්. Theory එක Case study එකකින් උගන්නලා සැබෑ ජීවිතේ තියෙන ප‍්‍රශ්ණයක් විසඳන විදිහ තමයි Assignment එකට හරි Exam Question එකට හරි දෙන්නේ.

ඒත් අපේ රජයේ කැම්පස් වල සිනමාව ඉගෙන ගන්න එන බහුතරයක් එන්නේ ශේප් එකේ ගුරු පත්වීමක් අරන් අයිනට වෙන්න මිසක් ෆිල්ම් එකක් හදන්නත්, ඒකට තියෙන ආදරේ නිසාවත් නෙමෙයි කියලායි රජයේ කැම්පස් වල සිනමාව උගන්නන ගුරුවරු කියන්නේ. ඒ වගේම සිනමාට ආදරයක් තියෙන, ෆිල්ම් එකක් හදන්න අදහස තියෙන ගොඩක් දෙනා පෞද්ගලිකව සෑහෙණ සල්ලි වියදම් කරගෙන ඒක ඉගෙනගන්නවා.

ඉස්කෝලේ වගේම කැම්පස් එක කියන්නේත් රූකඩ විදිහට මිනිස්සු හදන තැනක් විතරයි. ඒ වගේ දෙයට අයිතිය හරි පිළිගැනීම හරි වෙනුවෙන් තමන්ගේ කාලය කැප කරගන්නවාට වඩා තමන්ගේ Passion එකට වැඩක් කරන එක සෑහෙන්න වටිනවා. මම හිතන විදිහට අද වෙද්දී මේ ලෝකය සෑහෙණ ප‍්‍රශ්ණ පිරුණු කිසිම සුන්දරත්වයක් නැති තැනක්. ඉතින් තවත් ඒකේ සටන් පාඨ කිය කියවත්, සල්ලි දීලා ඉගෙනගෙන තවත් ගිරවෙක් වෙනවාටත් වඩා මේ ලෝකේ සුන්දර තැනක් කරන්න පුංචි හරි උත්සාහයක් දරණවා නම් කෙනෙක්, අන්න එතෙන සැබෑම ඉගෙනීමක් තියෙනවා..

Friday, March 4, 2016

Trucking in March | මාර්තුවේ වන්දනාව




* * * වර්ෂ 2011ක් වූ මාර්තු මස මුල දිනයක සිදුවූ සිදුවීමක් * * *

එදා උදේ පාන්දර මම ඇහැරුනේ ෆුල්ම කික් එකෙන්. වෙනදාට අඳින සුදු ඇඳුම නැතිව ෆෝටකුයි ටී ෂර්ට් එකකුයි ඇඳ ගත්තේ දවසේ අවධානම ගෙන හොඳින් දන්න නිසා. පරණ නොකියා ෆෝන් එකකට සිම් එක දාගෙන, රුපියල් 150ක් විතර ගුලි කරන් කාමරෙන් එළියට ආපු මාව දැක්ක අම්මා දැම්මේ සවුත්තුම බැල්මක්. 

"හැටි විතරක් ත්‍රස්ථවාදියෙක් වගේ." අප්පච්චි එහෙම කිව්වත් රාජගිරියෙන් මාව බස්සන්න අමතක කලේ නැහැ. 

වෙලාවත් හරි. චරියා දැන් පිටත් වෙලා ඇති කියන උපකල්පනේට මම කෙලින්ම බස් එකේ ගියේ රේස් කෝස් එක හරියට. වෙනදාට ඉස්කෝලේ ඇතුලට යන ළමයි ගොඩාරියක් අද යන්නේ රේස් කෝස් එක පැත්තට. ඇතුලට යන සුදු ඇඳුම් එලියට ඉන්නේ මම වගේ ත්‍රස්ථවාදී වෙලා. ටික වෙලාවකින් සුපුරුදු විදිහට චරියාත් ආවා අන්තිම මොහොතට ඔන්න මෙන්න තියලා. 

අපේ සෙක්ෂන් එකේ හෙණ සෙට් එකකුයි, පොඩි උන් රෑණකුයි එක්ක හැමෝම Independence Square එක පැත්තට ගියා. එතන ලොකු මීටිමක්. Prefect අයියලා දෙන්නෙක් තමයි වැඩේ ලීඩ් කරන්නේ. 

"උඹලා එකෙක්වත් චන්ඩි වගේ ඇතුලට පනින්න එපා ගිය ගමන්. සේරමලා එකට පලයං. අපි දවල් වෙලා උඹලා අල්ලන්න වගේ ඉන්නම්. කලින් පාර ආනන්දේ උන් වැඩේ චොර කරපු හින්දා පොලිසිය මේ පාර අනිවා ගුටි පූජාවක් දෙනවා. ඒ නිසා පරිස්සම් වෙයන්. පනින්න බැරි වුණා කියලා චාටර් ඉස්කෝල වලට එහෙම පනින්න යන්න එපා මෝල් කාරයෝ වගේ. උඹලාගේ දෙන්නෙක් ලීඩ් කරපං. දෙපැත්තෙන් පැන්නාම අල්ලගන්න අමාරුයි. "

කොටි කඳවුරකට ගහන්න යනවා වාගේ ප්ලෑනක් දීලා ඒ අයියා යන්න ගියා. මගේ හොඳ මිත්‍රයෙක් වෙන අද රටේ වැදගත් ඇඩ්වර්ටයිසින් සමාගමක අයිතිකාර කොට එකෙක් තමයි අපේ සෙට් එක ලීඩ් කලේ. 

හැම එකාම වාහන වල නැගලා LC එක පැත්තට යන්න පිටත් වුණා. අපිට ඉතින් වාහන නැහැ. අපි වාහන පස්සේ LC එක පැත්තට ඇවිදගෙන ගියේ පළවෙනි කඩා පැනීමෙන් පස්සේ බයටම සෑහෙණ ප්‍රමාණයක් හැලෙන නිසා එතනින් එහාට වාහනයක යන්න ප්‍රශ්ණයක් නැති වෙන හින්දා.

මෙන්න අපි යද්දි අපේ ඉස්සරහාට එනවා අද කොළඹ කැම්පස් එකේ ඉගෙන ගන්න මගේ යාළුවෙක්. බුවා සඟ දාලා, බීච් ෂෝටක් ගහලා, ෂුල් සුවඳ ගහගෙන තමයි ඇවිත් තියෙන්නේ.

"යකෝ මූ ඇවිත් තියෙන්නේ LC එකේ නවතින්නද කොහෙද?" වෙන පන්තියක එකෙක් කියාගෙන යනවා මට ඇහුණා. 

දැන් සේරමලා එකේ තාප්පේ වට කරලා. පිටින් කිසිම හැල හොල්මනක් නැහැ. එක පාරටම අනිත් පැත්තෙන් සංඥාවක් ආවා එහෙත් රෙඩි කියලා..

"පැනපාාාාoo......."

 කියන වචන ටික ඇහුනා විතරායි අවුරුද්දක් තිස්සේ තියන් හිටපු සේරම දහිරිය ඇඟට අරන් හැම එකාම තාප්පෙන් පැනලා ඇතුලට දිව්වා. එහා පැත්තෙන් "ආර්ර්ර්....ඕඕඕ....." ගාලා සද්දෙත් පටන් අරන්.හැබැයි අපේ පැත්තේ වැඩි දුරක් දුවන්න ලැබුනේ නැහැ. ඉස්සරහින්ම ගිය එවුන් ටිකක්,

 "දුවපාාාාාං.... පොලිසියෙන් එනෝනෝනෝ...." ගාලා හැරිලා එන්න ගත්තා. එන සෙනග අතරින් මට පෙනුනා අලි පොලු වගයක් අරන් වන වන එන පොලිසියේ සෙට් එකක්. චතුරංගිනී සේනාව ගහන්න පන්නද්දී දුවන වැදි හමුදාවක ෂොට් එකක් තමයි එතන ෂූට් කලේ. තාප්පේ යට තියෙන කැමරාවෙන් සෑහෙණ කඩුලු පැනීමේ ෂොට්ස් ටිකක් දැක ගන්න ලැබුණා. එළියට ආව ගමන් පට පස්සෙන් ආව එකා දිහා මම බැලුවා. අර කැම්පස් බුවා. ඩයල් එක රන්ජා වගේ තාප්පෙට කකුල තියලා අනික් කකුල ඉස්සුවා විතරයි "චරාාාස්" ගාලා උගේ වටිනා වස්ත්‍රය විදාරණය වුණා. එහෙමම ඌව ඇදලා ගත්ත මම දැක්කා අපේ මැත්ස් කරපු තව චරිතයක් තාප්පෙන් එබිකම් කරනවා.

මූ දුවන්නේ නැතිව මොනා කරනවාද බලන්න මමත් නැවතුනා.

"අයියේ... අයියේ... අංකල්.. අංකල් හෝව් හෝව් "ගගා මූ ඇතුලේ ඉන්න පොලිස්කාරයින්ට කතා කරනවා..

"තොපිට පල කිව්වා නේද? ඔතනට ඇවිත් කුදලං යන්න කලින් පල යන්න" යකෙක් වගේ පොලිස් කාරයෙක් ඇතුලේ ඉඳන් තග දැම්මා.

"අනේ අංකල් ඔතන බාටා එකක් වැටිලා ඇති. පොඩ්ඩක් දානවාද? කැරිම සිද්දිය අංකල්. මෙවෙලේම ගැලවුණානේ.." ඌ ඒක නිකම් එදිනෙදා වෙන දෙයක් ගාණට දාලා කියද්දි පොලිස්කාරායාගේ මූණේ ඇති වෙච්ච හැඟම මට වචන වලින් විස්තර කරන්න බැහැ. 

ඩයල් එක රවාගෙන ආපස්සට යන්න ගියා. අරුයි මායි ආපහු හැරෙද්දිම අපිටත් උඩින් උගේ සෙරෙප්පුව අපි ගාවටම වැටුනා. ස්තූති කතා කරන්න වෙලා නැති නිසා ආයිමත් අපි අපේ සෙට් එක හොයාගෙන යන්න පිටත් වුණා.

අපේ උන් ඊට පස්සේ යන්න තීරණය කලේ BC එකට. අස්සේ අස්සේ පාරවල් වලින් ගිහින් ඒක ලඟට යද්දි මෙන්න පොලිසියෙන් පස්සං ආවා. මායි අපේ යාළුවෙකුයි අද ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නිල තලයක් දරණ යාළුවෙකුයි වෙනම තනි වුණා. ගෙදරක් අස්සට වෙලා හැංගිලා හිටපු අපි ආයි පාරට ආවාම මෙන්න අපේ Truck එකක් තියෙනවා නවත්තලා දෙයියො බැලුවා වාගේ. දුවගෙන දුවගෙන ගිහින් අර ගුවන් හමුදාවේ පුද්ගලයා Truck එකට පැන්නා නිකම් රැම්බෝ වගේ. 

"ඇදපං ඇදපං. පස්සෙන් පොලිසිය එනවා. පාගපාාාං..."ගාලා කෑ ගහලා පස්සේ ඉඳන් Driving Seat එකට කතා කරන්න තියෙන කවුලුවට මූ ගැහුවා. කවුලුව ඇරලා පොලිස්කාරයෝ දෙන්නෙක් අරූ දිහා හරි උපහාසයෙන් බලද්දි Truck එකට නගින්න හදපු මායි මගේ යාළුවායි හැරිලා දුවන්නේ ඇයි කියලා ඌට තේරුණා නම්, අද ඌ ගුවන් හමුදාවේ තවත් ඉහල තැනක ඉන්නවා. 

ඊට පස්සේ අපිට ගොඩක් උන්ව මග ඇරුණා. අන්තිමට මමයි පොඩි උන් සෙට් එකකුයි තමයි ඉතිරි වුණේ. උන් ටිකත් එක්ක මම ටවුන්හෝල් පැත්තට ඇවිදන් යද්දී චරියා තව පොඩි උන් ටිකක් එක්ක එනවා. අපේ සේණාංක දෙක එකට එක්වුනේ ටවුන්හෝල් පැත්තය යද්දියි.

අපි යද්දි ටවුන්හෝල් එක වටේටම ආනන්දෙයි නාලන්දෙයි කොඩි දාලා කණු වල. මායි චරියායි, පොඩි උන් ටිකකුයි එ්වා සේරම ගැලෙව්වා. ඊට පස්සේ SBC එක වටේ කැරකිලා මියුසියස් එකට ආවා. එහෙම ඇවිත් එතනත් වැඩක් දෙන්න යනකොටම මෙන්න පොලිසියෙ ට‍්‍රක් එකක් ඇවිත් නැවැත්තුවා. කව්ද එකෙක්

" දුවපාංං......""

 කියනවා විතරයි ඇහුනේ.. උසේන් බෝල්ට් දැක්කානම් අපි දුවපු දිවිල්ල, ශුවර් මිනිහා අපිට ඉඩ දීලා අයින් වෙනවා. රොස්මිඞ් එකේ ඉඳන් බාර්න්ස් එක වෙනකම් දිව්වා. අන්තිමට මාව තනි වුණා. වෝර්ඞ් ප්ලේස් පැත්තට දුවගෙන ආවා. මෙන්න පාරෙ යන කාර් එකක් ස්ලෝ කලා මගේ ගාවින්,

"මල්ලි මොකෝ සීන් එක"" වාහනේ ඇතුලෙ හිටිය ටයි එකක් දාගෙන ස්පයික් කරපු පොරක් අහුවා.

" ආච්චි ලොකු ළමයෙක් වෙලා.. මේ එ්කෙ පාටියට දුවනවා, ඇයි එන්නද ?" කියලා අහන්න හිතුනත් මං ශේප් එකේ 

"ට‍්‍රකින් ගිහින් අයියේ" කියලා ආයි දුවන්න ගත්තා. 

ඇයි යකෝ පොලිසිය පස්සෙන් එද්දි අරම කරුම ප‍්‍රශ්ණ අහනවාද ? ඌ එහෙම්මම යන්න ගියා. පිටිපස්සෙන් ජිප් එකක් එන සද්දෙත් ඇහෙනවා. ට‍්‍රැෆික් එක පැත්තට මම දාගෙන දිව්වා. මෙන්න එතන අර වාහන කාරයත් ඉන්නවා..

"මල්ලි නගිනවා ඇතුලට..."" ඌ කතා කලා.. කුමට කතාද, මාත් ඩෝං ගාලා ඇතුලට පැන්නා.

"මුලින්ම කියනවා තමුසෙ මොන ඉස්කෝලෙද ?"" ඇතුලෙ එකෙක් ඇහුවා.

"රෝයල් එකේ අයියේ... අයියලා මොකේද ?"

"ආහ්... මම ජෝස් එකේ, මෙයා තෝරා, අර අංකල් කලම්බෝ ඉන්ටර්නැෂනල් . තමුසෙලා මාර වැඩනෙ කරන්නේ. පැන්නද ඇතුලට ?" ඌ නිකම් වැලක් බලනවා වගේ ඇහුවෙ.

" නෑ අයියෙ, පොඩි ආතල් එකක් ගන්න යද්දිමනෙ පොලිසියෙන් පැන්නෙ"

"අපි.. ඔයාව බොරැුල්ලෙන් දාන්නම්. එතනින් ගෙදර යන්න  ඕවට පැටලැවෙන් නැතිව" අනිත් ලොකු පොර මට කිව්වා..

වෙලාවෙ හැටියට උන් කලේ ලොකු උදව්වක්. කට පිරෙන්න තෑන්ක්ස් කරලා මං බොරැුල්ලෙන් බැස්සා.... කම්ප්ලෙක්ස් එකෙන් බෑග් එක අරන් ගෙදර යන්න කියලා හිතන් මං පාර දිගේ ආවා. එද්දි ගමෙන් ආව අංකල් කෙනෙක් එක්ක ටෝකක් දදා ආයිමත් විජේරාම පැත්තට ආවා. මෙන්න චරියායි, තව පොඩි එවුන් දෙන්නෙකුයි එනවා...පස්සේ උන් එක්ක සෙට් වෙලා අපි ඉස්කෝලෙ පැත්තට ඇවිදින්න ගත්තා. අපේ කරුමෙද නැත්තම් ගොන්කමද දන්නෑ.. ආයි ගියේ මියුසියස් එක පාරෙන්. මෙන්න, 

"බ‍්‍රාාාාාාස්..... "ගාලා පොලිස් ජිප් එකක් හරස් කරලා නැවැත්තුවා. අපි දිව්වෙත් නෑ ඉතිං දැං වැඩ ඉවරනේ කියලා. තරු 5ක් විතර ගහගත්ත හඳෙන් බැස්ස එකෙක් වගේ පොලිස්කාරයෙක් වාහනෙන් බැස්සා...

" කොහෙද මේ කල්ලි ගැහිලා යන්නේ....? "

"අංකල් අපි මේ බිග් මැච් එකට ඇඞ් හොයන්න යනවා.." අපේ පොඩි එකෙක් කලිසම අස්සෙන් ගත්ත පරණ සිතියමක් වගේ ඇඞ් කොලේකුත් පෙන්නලා අරූට කිව්වා..

" හම්.. දාඩියත් දාගෙන ඇඞ් හොයනවා නේ... යං පොලිසියට.. දෙන්නම් ඇඞ් එකක්.." කියන ගමන්ම මගේ පිටිපස්සේ හිටිය කෙට්ටු පොලිස් අයියා කෙනෙක් මාව අල්ල ගත්තා.. උගෙ සයිස් එකට දෙපාරක් වැනුවා නම් ඌ බිම. එ්ත් අවුලක් නෑනේ.. අනික ලාස්ට් ඉයර් එකේ ට‍්‍රකින් ගිහින් පොලිසියට අහු වුණා කියන්නේ මාර ආතල්නේ.. මායි චරියායි දෙන්නම එකටනේ. අනික එතම සීනියර්ස්ලා දෙන්නා ඌයි මායි විතරයි. ඔන්න දැන් කට්ටියට ජීප් එකේ දාගෙන අරන් යනවා. 

"මෙතනින් කව්ද 13 වසරේ ඉන්නේ " තරු දාපු බුවා ඇහුවා...

මායි චරියායි ඉතින් අත ඉස්සුවා.

"තමුසෙ බොරු කියන්නෙපා... තමුසෙ කොහෙද 13 වෙන්නේ ?" උං මගෙ දිහා නිකම් කන්න වගේ බලන් ඇහුවා.

"එහෙම කියන්නෙපා අංකල්, අනික මේ පොඩි උන් ඉස්සරහා කිව්වාම චාටර්නේ...." මං ශේප් එකේ කියලා දැම්මා. බුවාට පොඩි හිනාවක් ගියා...

"දැං කියනවා බලන්න ඇයි ඔය ඉස්කෝල වලට පනින්නේ කියලා.. මොනාද අයිසේ.. නිකං කෙල්ලන්ගේ අම්මලා අපිට කෝල් කරනවා තමුසෙලා ඉස්කෝල වලට පනිනවා කියලා.. වැඩක් නැද්ද තමුසෙලාට"

"මේකනේ අංකල් සීන් එක.. අපේ තාත්තලාගේ කාලේ ඉඳන් ඔහොම ඉස්කෝල වලට පනිනවානේ.. ඉතිං ඔය ඇන්ටිලාත් බැඳලා තියෙන්නේ ඔහොම පනිද්දි සෙට් වුණ අපේ අයවම තමයි. උනේගේ ජීවිත විනාස වුණ හින්දා බය ඇති දුවලාත් එහෙම වෙනවාට.." පොලිස් ජීප් එකේ වුණත් ඉතින් අපි බය නෑ කියලා පෙන්නන්න මම කිව්වා... යන්තං සෙට් එකම හිනා වෙන්න ගත්තා.. 

ඊට පස්සේ චරියාත් උගේ හාලි කට අරින්න ගත්තා.. අපි දෙන්නා ජීප් එක කෝලම් මඩුවක් කලා. එ්කේ හිටපු අවරුදු 40 පැනපු අංකල්ලා ටික මාරෙට ෆිට් වුණා අපි දෙන්නාට. කොහොම හරි මං මොකක් හරි කියන්න යද්දී, අර මාව අල්ලගත්ත කෙට්ටු එකා.

"වහපිය කැරියා කට..." කියලා මට බැන්නා. 

අපිව ඇතුලට අරන්  කූඩුවට දැම්මා. අපේ උන් 25ක් ඇතුලේ. තව සැක පිට ගත්ත හෙණ අපරාධකාරයෝ 3කුත් ඉන්නවා එ්කේ.. කූඩුවකට ආව මුල්ම පාර හින්දා චරියායි මායි ඇතුලෙ පරීක්‍ෂා කලා. එ්කෙ කූරු තියෙනවා 11ක්. ටොයිලට් එකත් එකටම තියෙන එක තමා අවුල. පොඩි උන් සේරම බය වෙලා.. කඳුළු පුරෝගෙන ඉන්නවා.. චරියාට බඩගිනි වෙලා... මට හුස්ම ගන්න බෑ කොට හින්දා.. මං කොහොම හරි කූඩුවෙ දොර ගාවට ආවා හුස්ම ටිකක් ගන්න. අර කෙට්ටු එකා ඉන්නවා එතම.. මූ මගේ දිහා ආදරෙන් බලලා.. 

"මොනවාද  ඕනේ..? වතුර  ඕනෙද" කියලා ඇහුවා... 

"නෑ... පුක පොඩිඩක් දෙන්න බැරිද ?" කියලා අහන්න හිතුනත්, "වතුර දෙන්න අයියේ" කියලා කිව්වා.

බුවා වතුර බෝතලයක්ම අරන් ඇවිත්, මං කියපුවහම කූඩුවෙ දොරත් ලාවට ඇරලා තිබ්බා හුස්ම ගන්න. ඊට පස්සේ පොඩි උන්ව අප් කරලා ගන්න චරියායි මායි කලින් පාර ට‍්‍රකින් ආව සීන් කිය කිය උන්ගේ බය නැති කලා.

ටික වෙලාවකින් පොලිස් කාරයෝ දෙන්නෙක් ඇවිත් කුරුඳුවත්තෙ උන්ට මොනාද කිව්වා. බැලෙන්නම් ජජ් කෙනෙක්ගේ පුතෙකුත් ඉන්නවා අපි එක්ක. දැන් ඉතින් බය නෑ... මොකද අපිට අතුරු ආන්තරාවක් නෑනේ... ඔහොම අපි ඉන්දි පොලිසියෙ උන්ට හෙණට වැඩ.. අපිට වෙනම දාන්න එහා කූඩුව අස් කරනවා, දවල්ට කන්න දෙන්න කෑම ගේනවා.. සැරෙන් සැරේ වතුර පුරෝනවා අපිට. ඔහොම ඉන්දි අර ජජ්ගේ පුතාව අරන් ගියා උන් ඇවිත්. දැන් අපිට සඟ සරණයි. දැනුම් දෙන්න ඕනෙ අංකෙට මම නිරෝගේ (මගේ cousin අයියා) නම්බරේ දුන්නා. පස්සේ අපිට දවල් කෑමට අරන් ගියා.. අපෝ.. එ් කෑම එක හද්දම චාටර්.. මෙලෝ රහක් නෑ... චරියා නම් මගේ මාලූ කෑල්ලත් අරගෙන කෑවා..

"අංකල්, ඔයාලා අපිට සැලකුව හින්දා අපි තීරණය කලා අනිත් දවසේ ඉඳන් මෙහෙට අපේ කැන්ටින් එකෙන් කෑම එවන්න" චරියා එකෙක්ට කිව්වා...

"එ්ක හොඳයි පුතා.. අපිටත් එපා වෙලා ඉන්නේ.." හිනා වෙවී බුවා කිව්වා... 

ගොඩක් උන් මාරම හොඳයි.. එයාලා කියනවා, 

"මහා අපරාධ කරපු උන් නෙමෙයිනේ.. පොඩි එවුන්නේ... මුන්ට සැර කරලා වැඩක් නෑ. අපේ ළමයිනුත් ඔය කාලෙදි මෙහෙම දේවල් කරයි. " කියලා.. ඇත්ත කතාව. 

අපිව ආයි කූඩුවට දැම්මා. එ් පාර එතන ඉන්න තව ලොකු එකෙක් ආවා කූඩුව ගාවට...

"ආහ්... All....All.. are Royalists "  බුවා කඩු පාරක් ගැහුවා ස්රුංංං ගාලා


I will.... I will... Inform... inform to the school පටන් ගත්තා හොඳ වුණාට මුගෙ කඞ්ඩ අවුල්. අපේ එවුන්ගේ කැත කමනේ.. මොකෙක්ද එකෙක්.. "බ්රුස්..." ගාලා හිනා වුණා.. අරූ ආවාට වඩා වේගෙන් ගියා ගියාමයි.. පොරව දැක්කෙත් නෑ අද වෙනකම්...ඔය අතරින් පතරේ අර කෙට්ටු බුවා.. ( උගේ නම සුරංග) ඇවිත් කතා කර කර ඉඳලා ෆන් එකේ ඉඳලා යනවා. ඊලඟට අපිව නිල වශයෙන් පොලිසියට බාර ගන්න  ඕනේ ලියවිලි හදාගන්න අරන් ගියා..

"හෙට්ටිගේ දොන් හෂාන් ගුණසේකර....තමන් සතුව තියෙන දේවල් මේසෙන් තියන්න"

"ආහ්.. මෙන්න අංකල්.. ෆොන් එකයි, රුපියල් 65යි, ලේන්සුවයි" මම කිව්වා.

"ජංගම දුරකතනයේ වර්ගය හා අංකය...?"

"නොකියා ෆෝන් එකක් අංකල්, වැඬේ කියන්නේ කලින් පාවිච්චි කරපු එකා මේකේ ස්ටිකර් එක ගලෝලා.. මාත් දන්නෑ නම්බර් එක." මං කියද්දේ උගේ මූණේ හිනාවක් ගියා...

"චරිත සසංක දයාරත්න...තමන් සතුව තියෙන දේවල් මේසෙන් තියන්න"

මූ නිකම් දියවඩන නිළමේ වගේ ඇවිත්, රුපියල් දෙකක් මේසේ උඩින් තිබ්බා... හැමෝටම මැරෙන්න හිනා...

"පුතා, මේක පොතේ ලියන එකත් අපරාදෙ නෙ.. එ් කොලෙත් වටිනවා රුපියල් 5ක් විතර, මේක යාළුවාගේ එකටම දාලා රු. 67ක් කියලා ලියන්නද??" එ් අංකල් හිනා වෙවී ඇහුවා..

"එපා එපා අංකල්.. මූ ඊට පස්සේ  ඕකත් උගේ කියලා අරන් යයි. මගේ එක සත පහක් දෙන්නෑ මූට.." ඌ ඒක කිව්වේ නිකං උගේ බදුල්ලේ ඉඩමකට මම බලෙන් ඔප්පු හදනවා වාගේ...

"ආහ්... එහෙනම් මේක ලඟ තියාගන්නකෝ..." පොලිස් ලොක්කා එ්ක ඌටම දුන්නා හිනා වෙවී.. දෙද්දිම එ්ක වැටිලා රෝල් වුණා.

"අයියෝ.. මගෙ සල්ලී....." ගාගෙන චරියා එ්ක පස්සේ දුවන්න ගත්තා.. 

හැම අස්සේම එ්ක හොයන්න ගත්තා.. එ්ත් එ්ක හම්බුනේ නෑ... ආයි අපිව කූඩු දෙකකට බෙදලා දැම්මා. චරියාවයි මාවයි දැන් හෙණට නෝට් උන්ට. එක එක උන් ඇවිත් කතා කරලා යනවා.. අංකල්ලා එහෙම මාරම ෆිට්. චරියායි මායි එහා කූඩුවේ ඉන්න පොඩි උන්ට කතා කරනවා හෙණ හයියෙන්.. දෙපාරක්ම ඇවිත් සද්දේ අඩු කරන්න කියලා ගියා.. ඊට පස්සේ ඌයි මායි ලේන්සුව ඔතලා කැච් ප‍්‍රැක්ටිස් කලා. එකම පිස්සුවයි එතන. ඊලඟට මෙන්න අක්කලා දෙන්නෙකුයි, බුවෙකුයි ආවා.. හිර කූඩුව මැනලා එ්කට දොරරෙදි දාන්න තමයි ඇවිත් තියෙන්නේ... පස්සේ අපි දෙන්නා කූඩුව ගාණට මැනලා දුන්නා.. 

"කට උත්තර ගන්න හැමෝම උඩට අරන් එන්න" එතන හිටිය කොණ්ඩෙ කොටට කපපු ලොකු බුවෙක් ඇවිත් කෑගැහුවා.

"කට උත්තර දෙද්දි මටම දෙන්න, අර මහත මල්ලිටත් කියන්න" සුරංගයා හොරෙන් ඇවිත් කිව්වා.

මොනා වුණත් කුරුදුවත්ත පොලිසියේ උඩ තට්ටුව මාරම ගති. වටේම පේනවා. අපි ඇවිද ඇවිද හිටියා. ඔන්න මගේ කට උත්තර ගන්න වෙලාව. ගියා සුරංගයා ගාවට.

"ආහ්.. මූ තමයි සිල්වා මිසී මම කිව්වේ අර එපා කරපු එකා කියලා "  මාව පෙන්නලා ටිකක් වයස ඇන්ටි කෙනෙක්ට කිව්වා. එ් ගෑණිත් හිනා වෙලා ලඟට ආවා.. දැන් එතන බාගයක් මගේ කටඋත්තරේ ගන්නවා බලන් ඉන්නවා...පෙන්නන්නම්කො උඹලාට හොඳ ෂෝ එකක්...

"කොහොමද ලියන්න  ඕනේ.. ඉස්කෝලෙකට පැනලා කෙල්ලන්ගේ ගෙඩි මිරිකුවා කියලාද" සුරංගයා ඇහුවා.. 

"ඇයි සුරංග අයියා දැක්කා ද?" මම ශේප් එකේ මගඇරියා.

"පවුලේ එකම දරුවාද?"

"මං දන්න තරමින් නම් මං විතරයි, අම්මාගෙනුයි, තාත්තාගෙනුයි ඇහුවොත් අංකය වෙනස් වෙන්නත් පුළුවන්" මම කියලා දැම්මා...

සේරම උන් හිනා වෙන්න ගත්තා...

"පොලිසිය ගෙන පැමිණිලි තියෙනවා ද?"

"1. දෙන කෑම ගෙන මිට වඩා සැලකිලිමත් වෙන්න  ඕනේ... එ්වා කටේ තියන්න බෑ... 2. කූඩුවේ ටොයිලට් එක වෙනම හදන්න, අපේ එ්වායේ ගඳ අපිටම එනවා. හොඳකුත් කියන්න  ඕනේ. පොලිසියේ අය මාරම ගති.. මාර ෆන්.. අපි ආයි එන්න ආසයි" කියලා මං කිව්වා.

කොහොම කොහොම හරි, මෙන්න මෙහෙමයි එ්ක ලියවුනේ...

’මනහර ප‍්‍රින්ටර්ස් අධිපති, හෙට්ටිගේ දොන් මහින්ද ගුණසේකර මහතාගේ පුත‍්‍රයා වන, හෙට්ටිගේ දොන් හෂාන් ගුණසේකර වන මම, කොළඹ රාජකීය විද්‍යාලයේ මහා ක‍්‍රිකට් තරඟාවලියට සහයෝගය දැක්වීම පිණිස මාර්තු 3 වන දින කොළඹ මියුසියස් විද්‍යාලය අසල දී, අනිසි ජන රැුස්වීම, බාලිකාවන්ට උසුළු විසුළු කිරීම, ජය ගෝෂා නැගීම යන වරදවල් වලට මෙයින් වරදකරු වෙමි"

චරියාගෙන් උන් අහලා මේ වැරදි පිලිගන්නවාද කියලා... ඌ කියලා "පිළිගත්තේ නැත්තම් ආයි හිරේ දානවානේ.. එ් හින්දා පිළිගන්නම් කියලා.."

කොහොමින් කොහොම හරි හවස 6 විතර වෙනකම් අපි පොලිසියේ හිටියා. හවස් වෙද්දි එක එකාව ගෙනියන්න ආවා ගෙවල් වලින්.  ඉතුරු වුණ අයව ගෙනියන්න ඉස්කෝලෙන් යි ප‍්‍රිෆෙක්ට් අයියලායි ආවා. චරියාව උගේ අයියාත්, මාව නිරෝත් ඇප දීලා බේර ගත්තා. කොහොමින් කොෙහොම හරි මගේ අන්තිම ට‍්‍රකින් එක ඉවර වුනේ ඔය විදිහට. 

ඔය සිද්ධි වුණේ අදට අවුරුදු 4කට 5කට කලින්. එදා එහෙම හිටිය ගොඩාක් දෙනා අද හොඳ තැන් වල ඉන්නවා. කවුරු කොහොම කිව්වත්, එදා Trucking ගිය උන් එකෙක් වත් කිසිම පාදඩ වැඩක් කලේ නැහැ. ඉස්කෝලේ යන කාලේ තියෙන කොලු කම් නිසා කරපු ඒ දේවල් තමයි අදටත් අපේ කතා විදිහට කියන්න තියෙන්නේ. සමාජේ ගොඩාක් ඉහල තැන් වල ඉන්න අය පවා ඒ කාලේ මෙහෙම දේවල් කරලා තියෙන්න ඇති. සමාජයේ ගොඩක් දේවල් නිසා අද තමන් ගෙන අමතක වෙලා තිබුණත්, එදා ඉස්කෝල වලට පැනපු ඒ කොල්ලා තමන්ගේ හිතේ තාමත් ජීවත් වෙනවා කියන එක තේරුණා නම් ලොකුම දෙයක්.

ගොඩාක් දෙනෙක්ට මේ ක‍්‍රියාව වැරදි විදිහට පෙන්නන්න පුළුවන්. මම දැක්කා ලඟදී "Big match is not a big deal" කියලාත් ගොඩාක් දේවල් ලියවිලා තියෙනවා. ඒ අයට මම කියන්නේ තමන් අත් නොවිඳපු දේවල් ගෙන කරුණාකරලා විවේචනය කරන්න එපා කියලායි. මොකද දිව කපාගෙන උණත් දැලි පිහියෙන් කිරි කාපු එකා දන්නවා ඒකේ තියෙන Trill එකයි රසයයි. අනික් කවුරු මොනවා කිව්වාත්, යකඩ වැටවල් දාලා පාරට STF එක දැම්මාත්, Trucking නවතින්නේ නෑ කියන එක මට විස්වාසයි.

Tuesday, November 10, 2015

වැරදුණු කුරුමානම


ජීවිතේ අපිට හම්බුවෙන කතා වර්ග දෙකක් තියෙනවා කියලා මම හිතනවා. එකක් තමයි The End වර්ගයේ ඒවා. ඇය හමු විය, මට සෙට් විය, ඇය ගැල විය, මට කෙල විය වගේ ඒවා තමයි එ්. තවත් කතා තියෙනවා To be continued... වර්ගයේ ඒවා. ඇය හමු විය, මට සෙට් විය, ඇය ගැල විය, පතිනිය විය, යලි ටෝක් විය, හොර ෂොට විය. මේ ජාති දෙකෙන් මම අද වෙනකම් ගොඩාක්ම කිව්වේ අර මුල් වර්ගයට අයත් වෙන කතා. මොකද මගේ ජීවිතේ ඇත්ත තත්වේ අර දෙවෙනි උදාහරණේ වගේ වුණාට, මගේ කතා කොටස් විදිහට ඉවර කරන්න පුළුවන් තත්වෙක තිබුණා. හැබැයි අද කතාව To be continued වර්ගයේ එකක්.

කතාවට හේතු වුණු මුල් අදහස මට එන්නේ සැප්තැම්බර් මැද වගේ. මම වැදගත් ආයතනයක වැඩ කරන, මගේම වැඩකුත් කරගෙන යන, ඩිග‍්‍රියක් තියෙන සමාජයේ මිම්මෙන් නම් හොඳම තැනක ඉන්න කෙනෙක්. තව කරන්න තිබුණේ පොඩි වන්ඩියක් අරගෙන කසාදයක් කරගන්න එක විතරයි සමාජේ මතේ අනුව නම්. හැබැයි පොඩි කාලේ ඉඳන් මට අවුල් සීන් එකක් තිබ්බා මගේ වටේ තියෙන හැම දේම පිළිවෙලක් වෙද්දි, හැම දේම එකම රටාවක් වෙද්දි මට හරිම අවුල් අවුල් වගේ දැනෙනවා වාගේ ගතියක්. ඉතින් මමත් හිතුවා වෙනසක් කරන්න.

රට යන්න සල්ලිම නෙමෙයි අවශ්‍ය කියන එක තේරුම් අරන්, ගේම ගහලා කොහොම හරි දුක් කන්දරාවක් විඳලා මට ඔසී යන්න සෙට් වෙන්න ගත වුණේ ටිකක් අඩු කාලයක්. ලොකු නැන්දාටයි, අම්මා අප්පච්චීටයි, බත්තරමුල්ලේ Jeewa එකේ අයටයි පින් සිද්ද වෙන්න මම ආවා ඔසී. එන්න කලින් ඉතින් මහා දුකක් තිබුණේ නැහැ. ලංකාවේ තැන් තැන් වල තිබ්බ මතකයන් ගොඩාක් අරගෙන තමයි මම ආවේ. ලංකාවේ හිටියාට වඩා දෙයක් කරගන්නයි, මාස්ටර්ස් කරගන්න ට‍්‍රයි එකක් දෙන්නයි, චරියා එක්ක සෙට් වෙලා ආතල් එකක් දාන්නයි තමයි මගේ අරමුණවල් වුණේ.

මෙල්බර්න් එයාපෝර්ට් එකට බහිනකොටත් අම්මට සිරි වෙන්නම පට්ට සීතලයි. මට සීතල කියන දේ තරම් ආස නැති තව දෙයක් නැහැ. ලොකු අයියා මාව ගන්න එයාපෝර්ට් එකට ඇවිත් කියනවා,

"මේ තමයි මල්ලි summer එකේ ෂේප් රස්නේ දවස්" කියලා. 

එතනින් එහාට මට එක ගෙන අහන්න දෙයක් තිබුණේ නැහැ. එයාපෝර්ට් ඉඳන් ගෙදර යන දිගට මම දැක්කා මෙල්බර්න් සිටි එක. අර ෆොටෝ වල තියෙනවා වගේම ලස්සනට ලයිට් දාලා තිබුණා. පාරවල් එහෙමත් පට්ට. එදා නිදාගත්තේ ඇඳුම් දෙකක් ඇඳන්, තඩි Quilt එකක් පොරවන්, පුකේ හීටරේකුත් ගහන්. 

අයියලා ඉන්න පැත්ත පාළුයි. PR තියෙන නිසා ඒ දෙන්නාම වැඩ කරන් ජීවත් වෙනවා එයාලාගේ පාඩුවේ. හැබැයි ඉතින් කට්ට තමා. පහුවදා චරිත් මාව එක්කන් යන්න ආවා උගේ ගෙදර. ඌ ඉන්නේ සිටි එකේ. උගේ ගාවදී තමයි Student Life එක ගෙන මට අවබෝධයක් ආවේ.

ඔසියෝ හරිම අමුතු ජාතියක්. උන් සිස්ටම් එක හදලා තියෙන්නේ උන්ගේ ලොකු එකාගේ සිට පොඩි එකා දක්වා සැප විඳින්න. උන්ගේ සැප උන් විඳින්නේ අපේ දේවල් වලින්. අපි ඉගෙනගන්න ගෙවන සල්ලි, අපේ ශ‍්‍රමය වගේම අපේ ආත්මයත් උන් ඒකට යොදා ගන්නවා. මෙහෙ පුක ඉරාගෙන වැඩ කරන එකාට ලයිෆ් එකක් තියෙනවා. ඒ ලයිෆ් එක දෙන්නේ තනිකරම වාණිජකරණයක් හරහා. ආසාවල් සහ උවමනා සපුරාගන්න ඇති තරම් දේවල් තියෙද්දි, මැරි මැරි උනත් වැඩ කරන්න හිතෙන එක පුදුමයක් නෙමයි. 

මම දැක්ක විදිහට කෙනෙක් ආව ගමන් කුණ කන්න ඔ්නේ කියලා නීතියක් මෙහේ තියෙනවා. හැබැයි එ් කුණ දෙන්නෙත් අපිට කරන ලොකු උදව්වක් වගේ. ලංකාවෙන් ආව ගමන් කෙනෙක් ඉන්න බෑ කියලා යන්න හදන්නේ මේ කුණ කන්න බැරිව. කාලෙකින් ඒ දේ හරි ගිහින් settle වෙනවා කියන්නේ කුණ අඩු වෙනවා කියන එක නෙමෙයි. මේ system එකෙන් ඒ මිනිහාව තනිකර වෙනස් කරනවා. කරගන්නම දෙයක් නැතිව බඩගින්නයි සීතලයි දැනෙද්දී කට්ට කන්න මිනිහෙක් යොමු වෙනවා. හැබැයි කාලයක් යද්දී උගේ හෘදසාක්‍ෂිය වගේම ආත්මයත් මේ දේ සාධාරණීකරණය කරගන්නවා මොකද ඒවාට හරියන්න සැප දෙන්න ගොඩාක් භාණ්ඩමය දේවල් තියෙන නිසා. අනික හැම දුකක්ම හවසට දිය කරන්න මෙහේ ඇති පදම් Alcohol තියෙනවා අඩුවට. 

මහේ බහුතරේකගේ මතය අනුව කට්ට කන එක තමයි ජීවිතේ කියන්නේ. අනික් පොඩි පොඩි ජොබ් වලින් එහාට ගේමක් ගහන්න කව්රුත් කැමතිත් නෑ. ඉදිරියට හිතලා ගේමක් ගෙන හිතන්නවත් උවමනාවක් නැහැ වගේම system එකෙන් ගාණට එහෙම නොහිතන විිදියට මිනිස්සුන්ව හැඩ ගස්සලා. 

අනික cleaning, helping hand වගේ දේවල් කරන එකෙන් කෙනෙක්ව ගලෝගන්නම බැහැ මොකද ලේසියෙන් පොඩි ගාණක් ලැබෙන එකම දේ නැති කරගන්න කව්රුත් කැමති නැහැ. ඊටත් වඩා මේ දුක අත ඇරලා ලංකාවට ගියොත් තමන් පරාජිතයෙක් වෙයි, තමන්ට සමාජේ හිනා වෙයි කියන දේ හැමෝගේම හිතේ තියෙනවා. අනික බහුතරයක් මෙහේ ආව උන් ලංකාවේ දෙයක් කරගන්න බැරිව ආපු උන්, කලාතුරකින් එකෙක් දෙන්නෙක් ඉන්නවා එහෙත් ගේමක් ගහලා මෙහෙත් ගේමක් කහලා ජීවත් වෙන උන්.

මෙහේ මට හම්බවුණු මිනිස්සු අතරින් පොඩි මිනිහා ඇත්තටම සතුටින් ඉන්නවා ටිකක් හරි තව කෙනෙක්ට උදව්වක් කරලා. හැබැයි සල්ලි තියෙන ලොකුම එවුන් අනිත් එකාගේ මූණක්වත් බලලා හිනා වෙන්නේ නැහැ උදව් කරන්න වෙයි කියන බයට. System එක මෙහේ මිනිස්සුන්ව කොච්චර වෙනස් කරලාද කිව්වොත්, සමහර වෙලාවට අපි එකට ගේම ගහලා එතනින් පනින්න හැදුවත් උන් බයයි තමන්ගේ comfort zone එක නැති වෙයි කියලා. ගොඩාක් එවුන් ලංකාවට නොඑන්නේ මෙහෙ දාලා එන්න බැරි කමටම නෙමෙයි, සැපට හුරු වෙලා එ්ක නැති වෙන නිසයි, තමන්ට ලංකාවට වත් එන්න විදිහක් නැති නිසයි කියලායි මට තේරුනේ. 

නිවාඩුවකට එන්න ඔසී කියාපු රට. සල්ලි තියෙනවා නම් ගෙදරින් ගෙන්න ගන්න, ඉගෙන ගන්නත් කියාපු රට. හැම දේම අමතක කරලා කුණ කාගෙන බල්ලා වගේ ඉන්න පුළුවන් නම් ඒකත් මෙහේ ඉන්න හොඳ විදිහක්. කරුමෙට අපිට ඔය තුනම කරන්න හිත දෙන්නෑ මොකද එහෙම මැරෙන මැරිල්ලට හරියන්න දෙයක් ආපහු ලැබෙන්නේ නැති නිසා. මාසෙට ලක්‍ෂ 4ක් 5ක් හෙව්වා කිව්වාට වියදම් තියෙනවා ලක්‍ෂ 3ක වත්. 

අවුරුදු 2ක් 3ක් මැරිලා මැරිලා මාර්ටර්ස්්, ඩිග‍්‍රිය ඉවර කරලා working visa ඉල්ලුම් කරලා කොහේ හරි රස්සාවක් හොයා ගත්තොත් තව අවුරුදු 2ක් වැඩ කරලා, එ් අතරේ PR අකුරු දෙක ගහගන්න ට‍්‍රයි කරන එක තමයි මෙහේ සිහිනය. හැබැයි ඔය අවුරුදු 4, 5 ලැබෙන දේ සහ තමන් කාපු කට්ට අතරේ ratio එක බැලුවාම ලංකාවේ අවුරුදු 4ක් 5ක් ඉඳලා ලැබෙන දේට කන්න වෙන කට්ට අතර ratio එක සෑහෙණ අඩුයි. සේරම කටු කාලා අවුරුදු 4ක් 5ක් ඉවසාගෙන හිටියා කියමුකෝ, හැබැයි අන්තිමට PR ලැබෙන්නෙත් නැහැ බහුතරේකටම. අවුරුදු 9ක් 10ක් පවා ඉඳන් දුක් විඳින උන් මට හම්බ වුණා. හැබැයි හොඳම සීන් එක කියන්නේ, සැපක් ගෙන හිතේ තියාගෙන අවුරුදු ගාණක් දුක විඳපු එකෙක් අතරමගදී මැරිලා ගියොත් ජීවිතේ ඌ දුකම විඳලා මැරුණා වාගේ සිද්ධියක් තියෙන්නේ.


"ඇවිත් සති ගාණෙන් සේරම දන්නවා වගේ පොර ටෝක් දෙන්න බෑ" කියලා කෙනෙක්ට කියන්න පුළුවන්. ඔව්.. වෙන්න ඇති. හැබැයි මනියා කිව්වා වගේ ඌරු කොටුවකට බැහැලා එ්ක ගඳයි කියන්න අවුරුද්දක් ඉන්න ඕනේ නැහැ වගේම අවුරුද්දක් ඌරු කොටුවක ඉන්දී ඒකේ ගඳට හුරු වෙන එකත් වෙනවාමයි. 

ලංකාව වගේ පොඩි රටක හිටපු මට ආස වුණා ලෝකේ දකින්න. අපේ ආසාවල් වගේම ගෙවල් වල මිනිස්සුන්ගේ හීන හැබෑ කරන්න මමත් ආවා බලන්න මොකක්ද මේ සිද්ධිය කියලා. හැබැයි මම තේරුම් ගත්තේ ලෝකේ නිදහසේ කම්මැළිකමට ජීවත් වෙන්න පුළුවන් ලේසිම රට ලංකාව. මේ රටවල් වල ශරීර උෂ්ණත්වේ තියාගෙන ඉන්නත් ගෙවන්න වෙන සීන් එකක් තියෙන්නේ. කොච්චර කොහොම කිව්වත් දෙයක් කරගන්න හැකියාවක් තියෙනවා නම් ලංකාවෙන් එන්න එපා. අඩුම ගානේ සැප විඳලා නැති වුණත් උඹ හිතේ නිදහසේ මැරෙයි. ලංකාවේ සල්ලි හම්බ කරලා පුළුවන් නම් ඇවිත් යන්න වරෙන්, නැත්තම් නම් එන්න එපා මේ යක්ෂයාගේ රටට. 

මෙහේ ජීවත් වෙන්න එක එක විදි තියෙනවා. කට්ට කලා සැපක් බලාපොරොත්තුවෙන් ජීවත් වෙන අය වගේම, කට්ටක් නොකා ගෙවල් වලින්ම යැපෙන පිරිසකුත් ඉන්නවා. එ් අතරේ මට හම්බවුණු අය ඉන්නවා ලේසියෙන්ම සල්ලි හොයලා සැප විඳිනත්. හැම දේම තීරණය වෙන්නේ තමන් කොයි වර්ගයේද කියන දේ අනුවයි.

දවසින් දවස මමත් ඌරු කොටුවේ ගඳට හුරු වෙනවාදෝ කියලා මටත් හිතෙනවා. හැබැයි අද මේ ලියද්දී මම හොඳ සිහි කල්පනාවෙන්, මගේ හෘද සාක්‍ෂියට එකඟව කියන දේ තමයි මමත් ලඟදීම ආපහු එනවා ලංකාවට මේ රට ටිකක් බලලා කියන එක. හදිසියේ වත් මම ලිව්වෝතින් මෙහේ ජීවත් වෙන එක ආතල්, කට්ටක් කෑවත් සැපක් තියෙනවා කියලා, එදාට හිතාගන්න මමත් ඌරෙක් වෙලා කියන එක. 

Saturday, September 26, 2015

වැල හෙවත් Porn


 * * *
මා මේ ලියන දේවල් මාගේ පවුලේ කිසිවෙකුත් නොකියවන ලෙසටත් කියවූ වෙන එකෙක් මාගේ දෙමව්පියන්ට මේවා කනේ නොකියන ලෙසටත් ඉල්ලා සිටිමි.
* * * 

මීට සතියකට වගේ කලින් මම මැෂින් එක ගාව වාඩි වුණා විතරයි අම්මා ආවා කාමරේට මාත් එක්ක චැට් එකක් දාන්න වෙනදා වගේම. මගේ නිව්ස් චැනල් එක තමයි අම්මා.

"අන්න අර පොඩි කෙල්ලව මරපු එකට අවුරුදු 17ක කොල්ලෙක් සැක පිට අල්ලලා.. කම්පියුටර් එක බලද්දි ජරා ෆිල්ම්ස් හිටන් තිබුණලූ" අම්මා ඒක කිව්වේ කම්මුලේ අතකුත් තියාගෙන.

ඔන්න ඔහොමයි මේ කතාව පටන් ගන්නේ. ඔය සිද්දියත් එක්ක සෑහෙන්නම වැල ගෙන කතා මට එහෙන් මෙහෙන් අහන්න ලැබුණා. ඒකයි මට හිතුනේ වැල ගෙන ලියන්න.

තාක්‍ෂණේ දියුණුවත් එක්ක අද ඔය හැම සුද්දවන්තයාම අර .com මේ .com වලට ගිහින් ශේප් එකේ වැඩේ කරගෙන එකත් මකලා සුදනෝ වගේ හිටියාට තාක්‍ෂණේ දියුණු නැති මුල්ම කාලේ වැල පිලිබඳව විශේෂඥයෝ හිටියේ බොහෝම ටිකයි.

මට මතකයි අපි පොඩි කාලේ දවසක් මගේ හොඳම යාළුවෙක් උස්සගෙන ආවා CD එකක්. ඒ කාලේ සාමාන්‍යයෙන් ගෙවල් වල කම්පියුටර් තිබුණේම නැති ගාණයි.

"අඩෝ මේක පාරේ අයිනක තිබ්බේ. ෂුවර් එකට මොකක්ම හරි තියෙනවා. උඹේ මැෂින් එකට දාලා බලමුකෝ" ඌ හරිම අසරණ විදිහට කිව්වා. මම ඒ කාලේ කැරිම පණ්ඩිතයි.

"අඩෝ උඹ දන්නවාද මේ වගේ දේවල් වලින් තමයි ඇමරිකාව එහෙම අපි කරන වැඩ ගෙන බලන්නේ. මේවායින් තමයි වයිරස් එන්නේ. මේක තියලා පලයං. මම පොඩි ටෙස්ටින් වගයක් කරලා උඹට කියන්නම් සිද්දිය" කියලා මම ඒක මගේ බාරෙට ගත්තා.

ඒ කාලේ අපේ ගෙදර නැවතිලා හිටියා මගේ Cousin කෙනෙක්. මටත් වැඩේ ෂුවර් නැති හින්දා මම බුවාට කිව්වා ඉස්කෝලේ මැෂින් එකකට දාලා මේක බලන් වරෙන් කියලා. පහුවදා බුවා ගෙදර ඇවිත් CD එක මට දීලා කින්ඩි හිනාවකුත් දාලා කියනවා,

"හෙට උදේට නැන්දා කඩේ ගියාම බලපං ඕක අවුලක් නෑ" කියලා.

පහුවදා මම සෑහෙණ ත‍්‍රිල් එකකින් වැඩේට බැස්සා. "මාධවී සිල්වා ජොන්තර බැරැුක් සමග හිල්ටන් හෝටලේ ගතකල අඩහෝරාවක්" කියන බොරු සිංහල Title එකෙන් අති විශිෂ්ඨ පිටරට වැලක් මගේ මුල්ම වැල උනේ ඔය විදිහට මම පොඩි කාලේ. 

වැල් එන්න කලින් තිබුණේ පින්තූර සහ පත්තර සංස්කෘතිය. අපේ අයියා කාරයා ගාව ඔය පොඩි පොඩි අයිටම්ස් තිබිලා මටත් එහෙන් මෙහෙන් දැකගන්න ලැබිලා තියෙනවා. 56kbbs dial-up-connection එකක් අපේ ගෙදරටත් තිබුණ නිසාත් Sony C310 කියන පොඩි ෆොන් එකෙන් waptrick යන්න පුළුවන් වුණ නිසාත් අයියා කාරයායි මායි අනිත් උන් වගේ වේලුනේම නැහැ.

අපි විතරක් හැම දේම ලබාගන්න ඕන නැහැ කියලා අයියායි මමයි තදින්ම විශ්වාස කලා. විනාඩි 30 වැලෙන් හොඳම කෑලි ටික විනාඩි 2කට කපලා දාලා 3gp වලට convert කරලා Bluetooth වලින් යාළුවන්ට දෙන්න අපි දෙන්නා කවදාවත්ම ලෝබ වුණේ නැහැ. ඒ කාලේ ඉස්කෝලේ ඇරිලා හෂාන්ගේ ගෙදර පාඩම් කරන්න යන කොල්ලෝ සෑහෙණ ප‍්‍රමාණයක් හිටියේ අපේ මේ පරිත්‍යාගශීලීභාවය නිසාම වෙන්න ඇති. වැල අරන් යන්න එන කාලකණ්නි ටික අපේ අම්මාගෙන් මගේ දවල් කෑම එකටත් විදලා මාරු වෙන එක නම් ඉවසන්න බැරි වුණා. 

ඕලෙවල් කාලේ කියන්නේ සික් එක හොඳටම වැඩිම කාලේ. විභාගේ ඉවර වෙලා ගෙදර ඉන්න මාස ගාණට පස්සේ ඒක වෙන්න ඇති දකින දකින අය කියන්නේ "ළමයා සෑහෙන්න කෙට්ටු වෙලා කියලා".  ඕලෙවල් කාලේ සීන් එකේ නැති එකා ෂුවර් සෙට් එකෙන් කොන් වෙනවා. ඒ කාලේ එක පාර රාවයක් ගියා masturbate කරන එක සෞඛ්‍යට හොඳ නැහැ. අනික ඒක පව් සිද්ද වෙන දෙයක් කියලා. ඒ වගේ අඳුරු කාල වලදී පවා risk එකක් අරගෙන ඉදිරියටම ගියේ අපි ටික දෙනෙක්ගේ මූලිකත්වයෙන්. මොනවාම හරි සැකයක් ආවාම අයියාගෙන් ඒක නිරවුල් කරන් ඒ දැනුම අනිත් අය එක්කත් බෙදාගන්න මම ලෝබ වුණේ නැහැ.
ඒ කාලේ කම්පියුටර් අද වගේ නෙමෙයි. කොයි වෙලේ freeze වෙයිද කියලා අපිවත් දන්නේ නැහැ. අනික ජවනිකාවේ හොඳට කෑල්ල යද්දි Loading... හරි Buffering... වැටෙද්දේ දැනෙන දුක අනන්තයි. තවත් දරුණුම දුකක් දැනෙන්නේ සුරාන්තයට ලං වෙද්දිම අර විදිහට නිමිත්තට බාධා එල්ල වෙද්දි.

කොල්ලන්ගේ ඒ අසහනය ඒ කාලේ ඇත්තටම හරි සුන්දර දෙයක්. කොල්ලෝ කියන ජාතිය ඒ අත්දැකීම අනිත් එකෙක්ට කියද්දී අනිත් උන් අහන් ඉන්නේ ඒ ජවනිකාවල් වල උනුත් ඉන්නවා වාගේ.  ඕවාට නැති, හරි වයසේදී අසහනය පිට නොකරපු උන් දන්නේ නෑ හැඟීම් පාලනය කරගන්න අරින්න  ඕන ටැප් එක මොකක්ද කියලා.

ඒ කාලේ ඉඳන් වැල සීන් වලට වගේම අසභ්‍ය හැම දේටම මාව යාළුවෝ අතරේ ප‍්‍රසිද්ධයි. එදා මාත් එක්ක මුල්ම වැලට සම්බන්ධ වුණ එකා අද සමාජයේ හොඳට ඉන්න එකෙක්. මගේ ගුරුතුමා වුණ අයියා කරයා ලංකාවේ වැදගත් ආයතනයක මැනේජර් කෙනෙක්. ඔය එකෙක්වත් ගෑණු rape කරන්න ගිහින් වත් පොඩි උන් බදාගන්න ගිහින්වත් ට‍්‍රයි කලා කියලා මට නම් දැනගන්න ලැබිලා නැහැ.

ඒ ලෙවල් කාලේ මට සෙට් වුණා තවත් කට්ටියක්. පන්තියට උගන්නන්න ආව මිස් දිහා බලාගෙන අත්වැඩ කරපු එකෙක් තමයි මගේ ඒ ලෙවල් අවුරුදු දෙකේම එකට වාඩි වෙලා හිටියේ. සමාජයේ ඇහෙන් බැලූවොත් අද ඌ සෑහෙණ ගාණක් rape කරලා හිරේ ඉන්න ඕන ජාතියේ එකෙක්. හැබැයි අද ඌ ලස්සනට සමාජයේ වැදගත් විදිහට ජීවත් වෙනවා. 

ඒ කාලේ කොල්ලන්ගේ වත්කම මැන්නේ තමන් ලඟ තියෙන වැල් වල සයිස් එකෙන්. වැඩියෙන්ම GB තියෙන එකා තමයි පෝසතා. මම ඒ කාලේ අනුගමනය කලේ පරාක‍්‍රමබාහු රජතුමාව. "ලැබෙන එක වැලක්වත් කොපි නොකරන් ආයේ දෙන්න එපා" කියලා තමයි මම වැඩ කලේ. ඒ කාලේ මම DVD 10ක් වෙනම එකතු කලා කවදා හරි මට පුතෙක් හිටියොත් උගේ 16 වෙනි උපන් දිනේට තෑගි දෙන්න.  ඕක කියන්න ගිහින් ඒ කාලේ මට හිටපු කෙල්ල මගේ ළමයාගේ අම්මා වෙන්න තිබුණ අදහසත් අත ඇරියා. ඒ තරමට සමාජය වැල කියන දේ වැරදි දෙයක් විදිහටයි දැක්කේ.

හැබැයි මම දැකපු එක දෙයක් තිබුණා. ඉස්කෝලේ යන කාලේ වනචර අදහස් තියෙන වැල බලන කොල්ලෝ හැම එකෙක්ටම මාර කන්ට්‍රෝල් එකක් තිබුණා උගේ හැඟීම් ගෙන. අනික ඒ එකෙක්වත්  ඕවා බැලූවේ කඩුව මුවහත් කරගන්න මිසත් කාටවත් කඩුවෙන් අනින්න බලාගෙන නෙමෙයි. අදටත් මට විශ්වාසයි එ් කාලේ මම ආශ‍්‍රය කරපු වනචරයෝ ටික ගාව මගේ දුවෙක්ව වුණත් තියලා යන්න පුළුවන් බය නැතිව කියන එක. (වැඩිපුර විශ්වාසයට ගෙන ගෑණිව ලඟ තබා යෑමෙන් වලකින්න.)

වැල ගෙන කතාවත් ගෑණු ඇඟ පේනන ඇඳුම් අඳින සීන් එක වගේම තමයි. කොච්චර කොහොම වැල බැලූව එකා වුණත් තමන්ගේ මානසිකත්වය අනුව තමන් ගෙන කන්ට්‍රෝල් එකක් තියෙනවා. වැලක් වත් නොබලා පොර ටෝක්ස් දෙන සමහර වයසක අංකල්ලා බස් එකේදී කෙල්ලෙක්ගේ පුක දැක්ක ගමන් ජැක් ගහන්න යන්නේ ඒ කන්ට්‍රෝල් එක නැතිව. 

අද සමාජයේ මම දන්නා දෙයක් තමයි කෙල්ලෝ හිටන් වැල බලනවා කියන එක. එ්ක හොඳයි. නැත්තම් ඉස්සර උන්ට වගේ පාඩම් කියා දිදී වැඩ කරන්න වෙයි ඉස්සරහට ඉන්න කොල්ලන්ටත්. වැල් වල රඟපාපු සනීව හින්දි ෆිල්ම්ස් වල පෙන්නද්දි හුරේ දදා බලන්න පුලුවන් අපේ සමහර බහුශෘතයෝ සනීගේ වැලක් බලද්දී තව එකෙක් දිහා බලන්නේ මාර වපර ඇහැකින්. හැබැයි මම අදටත් එකක් දන්නවා. සුදු රෙදි ඇඳන් වල් වැඩ කරන උන් කොච්චර වැලට බැන්නත්, අදත් හෙටත් අනිද්දාත් වැල වෙනුවෙන් සටන් කරන කොල්ලෝ ඉඳීවි කියන එක.

"පාසල් මට්ටමෙන්  ඕවා කලාට දැන් අපි ඒවා කරන්න හොඳ නැහැ" කියලා තර්ක කරන සෙට් එකකුත් ඉන්න පුළුවන්. දවසක් අපේ batch එකේ meeting එකක් තිබුණා. වැඩේ බොහොම වැදගත් විදිහට කෙරීගෙන යද්දි එක පාරටම පිටිපස්සේම එකෙක් ලඟ ඉන්න එකාගෙන් ඇහුවා

"මචං අර ලඟදී වටේ ගිය drop box link එක දැක්කාද? ඒක මාරයි බං... updated ඒවා තියෙන්නේ කියලා..."

ඔය කතාව ඇහුණා විතරයි අර වැදගත් meeting එක මැද්දේ හැම එකාම අරූගෙන් link එක forward කරගන්නවා. තවමත් ඒ කොල්ලන්ගේ ගති ගිහින් නැති එක ගෙන මට මාරම සන්තෝසයි. ඔහෙම ඉන්න උන් ගෑණුන්ට ඉව අල්ලනවා ඇති. දහස් වාරයක් ගෑණුන්ට ටෝක් කරලා දෙතුන් පාරක් සාර්ථක වෙලාත් ඇති. හැබැයි ඔය එකෙක්වත් බලෙන් ගෑණුන්ට අතවර කරන්න යන, පොඩි උන්ගෙන් අසහනය පිට කරන උන් නම් නෙමෙයි.

මේ කතාව ඉවර කරන්න යද්දී අම්මා අදත් ආවේ...

"අන්න අර වෙන එකෙක්ව අල්ලලා අර ළමයාගේ මරණෙට. පොඩි කොල්ලාගේ අම්මා වන්දි ඉල්ලලා නඩුවක් දාලා ලූ. හැබැයි අර අනවශ්‍ය දේවල් තියන් හිටපු එකට නම් හම ගහන්න  ඕනේ" කියලා නිවුස් එකක් අරගෙනමයි.

"එතකොට අර ඇත්ත වැරදි කාරයාත් සෑහෙණ නරක දේවල් ලඟ තියාගෙන වෙන්න ඇති නේද අපරාධ කරන්න ඇත්තේ?" කියලා අහන්න හිතුනත්, වැල වෙනුවෙන් කතා කරලා මගේ හම ගලවාගන්න  ඕනේ නැති නිසා මම කට වහගෙනම උන්නා

Sunday, August 30, 2015

ලව් ඉන් 2015

මම දකින විදිහට අපි ජීවත් වෙනවා කාල 3ක්. අතීතය, වර්තමානය සහ අනාගතය කියලා. හැබැයි ඇත්තටම බැලූවොත් ගොඩ දෙනෙක් වර්තමානයේ හිටියාට ජීවත් වෙන්නේ අතීතයේ. මේක එක්කෝ වර්තමානයට තියෙන බය. නැත්තම් අතීතයේ හිර වෙලා ඉන්න තියෙන ආසාව. මේක ගොඩාක් වෙලාවට බලපාන්නේ ආදරේ වගේ දේවල් වලදී. කෙල්ලෙක් හරි කොල්ලෙක් හරි තමන්ගේ පරණ ලව් එක වෙනුවෙන් දුක් වෙන එක තමා සිරාම ලව් එක. අපි කව්රු හරි කිව්වොත්,

 "අඩෝ අපිත් ලව් කලා. උඹලාට වඩා කටු කෑවා. හැබැයි අද අපි ඒකේ දෙයක් නෑ කියලා තේරුම් අරන් ජීවත් වෙනවා" කියලා, එදාට උන්ගේ විදිහට අපි සිරාවට ලව් කරලා නැහැ.

මමත් ඉස්සර විස්වාස කලා ජීවිතේ සිරාම ආදරයක් එන්නේ එක පාරයි කියලා. ඒ කාලේ ඔය දේ මගේ ඔලුවට ගියේ Kuch Kuch Hotha Hai ෆිල්ම් එක බලලා. ඒකේ කියනවා අපි ඉපදෙන්නේ එක පාරයි. මැරෙන්නේ එක පාරයි. එහෙනම් අපි ආදරේ කරන්නේත් එක පාරක්ම තමයි කියලා. හැබැයි කල් යන්න යන්න. ජීවිතේට කෙල්ලෝ එන්න එන්න මට තේරුනා ඒකත් සාපේක්‍ෂව කෙනාගෙන් කෙනාට වෙනස් කියන එක. හැබැයි දෙන්නෙක් සෙට් වෙන්න නම් හැම වෙලේම තමන්ට වඩා අනෙක් කෙනා ගාව දෙයක් තියෙන්නම  ඕනේ කියන දේ නියතයක්. හොඳට හිතලා බැලුවොත් අපි කව්රුත් ආත්මාර්ථකාමී. මගේ දැක්ම අනුව නම් ලෝකේ තියෙන ආදර වර්ග වලින් තමන්ට දෙයක් බලාපොරොත්තු නොවී කිසිම දෙයක් නැතිව කරන එකම ආදරේ තමයි Gay Love එක.

ගොඩාක් දෙනා මට තමන්ගේ ජීවිත වල තියෙන දුක කියනවා. සමරහර ඒවා සමාජයේ පිටින් පේන විදිහට හරිම සුන්දර ආදර කතා. හැබැයි එක පැත්තකින් කියන කතා ඇහුවාම මේ මොන බොරුවක්ද කියන එක හිතෙනවා. ගොඩාක් කෙල්ලෝ අද සෙට් වෙලා ඉන්න කොල්ලා එක්ක ඉන්නේ උගේ තියෙන දෙයක් නිසා. මොකද එ්කි කියන කියන විදිහට ඌත් නටන නිසා. හැබැයි කොල්ලා හිතන් ඉන්නේ මේක තමයි මගේ ජීවිතේ, මේක දින්නා කියන්නේ මම ජීවිතේ වැදගත්ම දෙයක් කලා වගේ තමයි කියලා. 

තවත් සමහර ආදර කතා මගදී නැති වෙනවා. ඒවාගෙන් ගොඩාක්ම දේවල් වල කොල්ලා, මේක තමන්ට ජීවිතේටම ලැබුණු එකම චාන්ස් එක. මේකෙන් පස්සේ දෙයක් නැහැ කියලා වැලපෙනවා. හැබැයි කෙල්ල කාලයක් වැලපිලා ඒ දුකෙන්ම අර කලින් කිව්වා වාගේ කියන කියන දේ කරන එකෙක් එක්ක සෙට් වෙනවා, මොකද අඩුම ගානේ තමන්ට කාලා ඇඳලා සන්තෝසෙන් හරි ඉන්න පුළුවන් නේ කියලා හිතලා. 

මම චැලේන්ජ් කරනවා අද ඉන්න කපල් වලට. හිතවල් ඇතුලේ පොඩ්ඩක් වත් එහෙම දෙයක් නැතිව, කිසිම දෙයක් බලාපොරොත්තු නොවී කරන ආදරයක් තියෙනවා නම් බය නැතිව මෙතන කියන්න කියලා. දෙනෝ දහක් මට කියයි "නියම ආදරේ නොදැන උඹ බොරුවට කෑගහනවා" කියලා. හැබැයි මම අදටත් කියනවා අපේ ඉස්සර තිබුණ සමාජයේ ඇරෙන්න අද වෙද්දී ඔය කියන සැබෑ ආදර කතා ඇත්තේ නැහැ කියලා. 

අපේ ආදර කතා වලදී අපි කාපු ගූ කන්දරාව අනිත් උන් දන්නවා නම් අපිට කොහෙන් හිනා වෙයිද දන්නෑ. වැටෙන්න පුළුවන් සවුත්තුම තැන් වලට අපිත් වැටිලා තියෙනවා. මගේ ජීවිතයේ කෙල්ලෙක් මාව දාලා තියෙනවා පාරේ ඇඳුමක් ඇඳන් යන්න බැරි වෙන තත්වෙකට. එකම වෙනස අපි එ්වායින් පාඩමක් ඉගෙන ගත්තා වගේම අපි ලඟම ඉන්න ටික දෙනෙක්ට ඇරෙන්න එ්වා ප‍්‍රචාරය කලේ නැහැ. හැබැයි අනිත් උන් කියනවා වගේ අපි වැදි බණ දෙසන්නේ නැහැ. උන්ටත් වඩා ලක්‍ෂ ගුණයක් අමාරුවෙන් පාඩම් ඉගෙන ගෙන ගමනක් ආද නිසා තමයි අද මෙහෙම කියන්නේ.

මනියා දවසක් කිව්ව කතාවක් මතක් වෙනවා. "A girl becomes a woman through a physical pain but a boy becomes a man through a mental pain". ඇත්තටම ඒක මාරම ඇත්ත කතාවක්. අද සමාජයේ ඉන්න කොල්ලෝ බහුතරයක් මේ mental pain එක විඳින්න තියෙන බයටයි කෙල්ලෙක්ට ඔලුව නමාගෙන ඉන්නේ. එදිනෙදා දකින්න ඇහෙන්න ලැබෙන දේවල් වලින් පවා කරන්නේ පිරිමියාට ගෑණු ගති පුරුදු කරලා කාන්තාව තවත් බල ගැනිවීම කියන එකයි මගේ අදහස.

මැතකදී මම එක කෙල්ලෙක්ගෙන් ඇහුවා අපි බඳිමුද කියලා. මේකි මට කියනවා. "I have skills, Leadership skills". මෙහෙම ඉන්න පුළුවන් නම් කැමතියි ලූ. යකෝ ඒකිගේ Leadership Skills මට මොන රෙද්දකටද? කොල්ලෙක් විදිහට තමන්ට දෙයක් කරන්න පුළුවන් නම් ඇයි තවත් කෙනෙක් අතින් පාලනය වෙන්නේ?? කෙල්ලෙක් ඔය කොච්චර කිව්වත් කවදාවත් කොල්ලෙක්ව තමන් දක්කන් යන එකට ආසාවක් නම් නැහැ. එහෙම ගියත් ටික කාලයක් යද්දී ඒක එපා වෙනවා. 

හැබැයි අද මේ පුරුදු කරලා තියෙන සමාජ ක‍්‍රමය අනුව Nice Guys කියන පොන්නයෝ සෙට් එක සැදී පැහැදී සිටිනවා  ඕන කෑල්ලක් ලොකු කරලා තියාගෙන බලා ගන්න. ඉතින් අහන්නත් දෙයක්ද උන්ගේ demand එක නළලේ තියෙන එක ගෙන. අද අපිට පෙන්නන දේවල් වලින් සහ ඇහෙන දේවල් වලින් බහුතරයකම තියෙන්නේ පිරිමියාව නෝංජල් ගති ඇති කරන එකම නෙමෙයිද? ඒ කාලේ කොල්ලෙක්ව impress කරන්නයි කොල්ලෝ හැඩ වුණේ. අද යකෝ එක කෑල්ලක් පස්සේ එ්කිව ෆෝම් කර කර යන පොෂාන් ලා සෙට් එකක්ම ඉන්නවා.

කෙල්ලෙක්ට ආදරේ කරන්න. ඒකේ වරදක් මම දකින්නේ නැහැ. හැබැයි තමන්ගේ පිරිම කම තියාගෙන. හිතන් ඉන්නවා නම්, "අනේ මේක තමයි මට ලැබෙන හොඳම කෑල්ල. මොන දුක විඳගෙන උනත් මම මේක එක්ක ඉන්නවා. දැන් අනික වෙන්න  ඕනේ කාලේ නේ" කියලා... හිතන්න, තවම ජීවිතේ ගෙවිලා තියෙන්නේ කෝච්චර පොඩ්ඩක්ද කියලා. ආපු දුරත් එක්ක ආපහු හැරෙන්න බෑ වගේ නම් කැලේ කඩාගෙන දුවන්න වෙන පාරක් හම්බ වෙනකම්. එ්ක සැපයි වැරදි පාරේ යනවාට වඩා. පරණ කෑල්ල, පරණ කොල්ලා වෙනුවෙන් බලාගෙන අතීතයේ ජීවත් වෙනවා නම් කරුණාකරලා අලූතෙන් දෙයක් පටන් ගන්න එපා. මොකද මම ඔයාට කැමති වුණේ ඔයාගේ පරණ ආදර කතාව අහ අහා ඔයාගේ දුක නැති කරන්න නෙමෙයි. 

කාලා විසික් කරපු චුයින්ගම් එකක් කොච්චර රස වුණත් ආයි කටේ දාගෙන හපන්නේ නැහැ වගේම තමන්ගේ ආදරයටත් ප‍්‍රතිපත්තියක් තියාගන්න. ඉන්න සේරම අය නරකයි මම මගේ Soul mate එනකම් ඉන්නවා කියලා ඉඳලා වර්තමානයේ ජීවත් වෙන එක අමතක කරන්නත් එපා. කවදා හරි තමන් පිරිමියෙක් කියලා තේරුන දවසකට පුළුවන් වෙයි හරියන කෙල්ලව තෝරා ගන්න ගේමක් නැතිවම. හරි හමන් කෙල්ලෙක් උන දවසට කෙල්ලෙක්ට වුණත් එ් දේ පුළුවන් වෙයි. අන්න එදාට අර Nice Guy කියන පොන්නයෝ සෙට් එකට යන එන මං නැතිවෙනවා බලන්න මම ආසාවෙන් බලාගෙන ඉන්නවා.

Tuesday, August 18, 2015

අප්පච්චි

 * * *

කාලයක් කට පුක වසාගෙන හැම දේම බලාගෙන සිට අද දින සුරාන්තයට පත් වූ සතුට වෙනුවෙන් ලියමි. 

* * *

අපේ ගෙදර අප්පච්චිගේ නම මහින්ද ගුණසේකර. රටේ අප්පච්චි වෙච්ච මහින්ද රාජපක්‍ෂව ගෙදර අප්පච්චීට දිරෙව්වේම නැහැ. යුද්ධයක් දිනලා රටම මහින්දට හොඳ කියද්දිත් ගෙදර අප්පච්චි කිව්වේ,

"ඔය මිනිහාගේ හිනාව පිටිපස්සේ තියෙන්නේ හොර හිත" කියලාමයි.

 ඒ කාලේ මම ආඩම්බරයෙන් "මහින්දගේ පුතා මම" කියලා කිව්වේ රටේ අප්පච්චි ගෙන ඇති වූ ආඩම්බරය වගේම කරපු දේ ගෙන මට සතුටු හිතුන නිසායි. හැබැයි යුද්දේ දිනලා ටික කාලයක් යද්දී, යෝෂිත අයියාගේ වගේම නාමල් අයියාගේ සමහරක් වැඩ වලින් ඇති වෙච්ච කළකිරීම දෙගුණ වුණේ රට හරකෙක්ට තරම් මොළයක් නැති චිචී අයියාගේ දේවල් දැකලාමයි.

ඒ කාලේ රනිල් ගෙන මගේ හිතේ මහා පැහැදීමක් තිබුණේම නැති තරම්. ඉස්කෝලේ එකක් ය කියන හැඟීමට ඇරෙන්න මිනිහාගේ ඇති දෙයක් මම නම් දැක්කේ නැහැ. හැබැයි රටේ අප්පච්චීගේ පිහිටෙන් එක එක විජ්ජා පෙන්නපු, අප්පච්චිගේ වටේ හිටපු උන්ගේ යට හිටපු උන් ඇරපු පඩ දිහා මම බලාගෙන හිටියේ හිතේ වේදනාවෙන්.

අසාධාරණකම් දකින්න දකින්න, සමාජයේ එක පැත්තක් විතරක් අසාධාරණය සැප විඳිනවා දකින්න දකින්න සමාජය ගෙන විතරක් නෙමෙයි රට ගෙනම මට කලකිරුණා. ඊටත් වඩා සේරම වැරදි එළිපිට කරනවා දැක දැකත් පහුවදාට රටේ අප්පච්චී වැරදි කාරයින්වම සුද්ද කරද්දී අත්පුඩි ගහපු සෙට් එකකුත් දකිනකොට අනේ හුකේ.. කියලා හිතුණ වාර අප‍්‍රමාණයි. 

ඊලඟට රටේ අප්පච්චි කරලියට එනවා ජනාධිපතිිවරණයක් එක්ක. අනිත් පැත්තේ ඉන්නේ සරත් ෆොන්සේකා. එ් පාර මට ජන්දේ නැති වුණත් මම රටේ අප්පච්චී වෙනුවෙන් සපෝට් කරනවා. රටක් බේරාගත් මිනිසාට කළගුණ සලකන්නයි එහෙම කරන්නේ. හැබැයි මේ වෙද්දි අප්පච්චිත් සැහෙණ වෙනස් වෙලා. එ්කට මොකද ගෙදර අප්පච්චී නම් තාමයි කියන්නේ  " ඕකා මහා හොරා කියලාමයි". ජන්දේ ඉවර වෙලා සරත් ෆොන්සේකාගෙන් පළිගන්න දේ අපි ඉක්මනට අමතක කරනවා.

කාලය ටිකෙන් ටික යනවා. වටිනා ජීවිත එක දෙක මැරෙන්න ගන්නවා. උගත්තු රට යනවා. මොඩයෝ වැඩ දානවා. කොටින්ම කිව්වොත් කොසොල් රජ්ජුරුවෝ දැක්ක හීන සෙට් එකම දැන් එළි පිට පේන්න අරන් තියෙන්නේ.

මේ කාලේ තමයි මනියා මට අනුර කුමාරගේ කතා ටිකක් පෙන්නන්නේ. මට මතක විදිහට පළාත් පාලන ජන්දේ ලං වෙන හින්දා කලින්ම ජේ.වී.පී එක අලුත්ම ප්ලෑනකට අනුව වැඩට බැහැපු කාලයක් ඒක. ඉස්සර වගේ "දියව් දියව්", "හකුලාගනිව්" නොකියා මොළේට කතා කියන, හිඟා කකා හරි ලොකු උන්ට කඹුරන මානසිකත්වයට පාර පිට පාර ගහන අමුතුම විදිහකින් තමයි අනුර කුමාර කතා කලේ. හැම වෙලේම අනුර කුමාර කිව්වේ... " හිතන්න, ඇයි අපිට මේවා හිමි නැද්ද? අපි ලබා උපන් හැටි කියලා හැම දේම තවත් ඉවසනවාද?" කියන එකයි. මේ කතා අහද්දී මොලේ ජුන්ඩක් හරි තියෙන එකෙක්ට තේරෙනවා තමන් කොච්චර චාටර් තත්වෙකද හිටියේ කියන එක. 

මම ජේවීපී උන එකට අම්මා සෑහෙණ ගේමක් ඇද්දා. කොහොමින් කොහොම හරි මම මගේ පළවෙනි ජන්දේ දෙන්නේ ජේවීපී එකට. එ්ක දෙන්නේ මහා පෙරලියක් කරන්න නෙමෙයි හැබැයි මහා පෙරලියක මුල්ම අඩිය විදිහට. එදා ජන්දේ ප‍්‍රථිපල කියද්දේ මායි මනියායි සතුටු වෙන්නේ අඩුම ගාණේ දශමයක් හරි අපි මේ කරන වහල් කම ගෙන තේරෙන උන් ඉන්නවා නේද කියන එක හිතලා. එදා ජේ.වී.පී එක ටාගට් කලේ තනිකරම තරුණ ප‍්‍රජාව. හොඳම මාධ්‍යය වුණේ සමාජ ජාලය. ආඩම්බරයි කියන්න ඒ කාලේ මගේ Profile එකේ මම දැක්කා අපි මේ ජීවත් වෙන බොරුව වෙනුවෙන් විරුද්ධ වෙන දෙතුන් දෙනෙක්ම. සමහරුන්ට සමාජයෙන් වෙනම පෝස්ට් හදලා මඩ ගහද්දි කෙල්ලෙක් වෙලාත් සමාජයේ වැරදි ගෙන කෑගහපු අය හිටපු එක ගෙන මම සතුටු වුණා. මේ වෙද්දි තැනින් තැන රටේ අප්පච්චි ට විරුද්ධව ටික ටික හිත් වලට ඇත්ත පේන්න පටන් අරන් තිබුණා.

මෙහෙම ටික කාලයක් යද්දී එදා "මා විශ‍්‍රාම ගිය දිනෙක මා සිටින ගිරුවාපත්තුවේ මැදමූලන නම් ගමට පැමින මා කල දේ අගය කරන්න" කිව්ව අප්පච්චි ආයෙත් චන්දෙකට ලැස්ති වුණා. ප‍්‍රබල විපක්‍ෂයක් නොතිබ්බ රටක අප්පච්චීට ගේමක් තිබුණේම නැහැ. මොනවා හරි හේතුවකට කවදාවත් හෙල්ලෙන්නේ නැතිවෙයි කියලා හිතපු කළු ගල් වගේ මිනිස්සු කඩාගෙන ඇවිත් එකට එකතු වුණා වෙනසක් කරන්න. මේ වෙද්දි රනිල් වික‍්‍රමසිංහ කියන මනුස්සයා තමන්ගේ ලොකුම වැරද්ද වුණ ලංකාවේ සමාජය තේරුම් නොගත්ත වරද හදා ගෙන තිබුණේ. එදා යහපාලනය වෙනුවෙන් රටේ අප්පච්චීට විරුද්ධ සේරමලා එකට එකතු වුණේ, තව දුරටත් අප්පච්චී බලය ඉල්ලන්නේ අපි වෙනුවෙන් නෙමෙයි කියන එක තේරුණ හින්දා. 

අප්පච්චි කරගත්ත අනිත් වරද තමයි එදා යුද්දේ දිනද්දී අත්පුඩි ගහපු අපි තවමත් අනුන්ගේ කීමට අපේ ජන්දේ එයාටම දෙයි කියලා හිතපු එක. එයාට අමතක වුණා ළමයි දැන් යමක් කමක් තේරෙන අය කියන එක. එදා Facebook හරහා අප්පච්චිට විරුද්ධව සටන් කරන්න තරුණ කොල්ලෝ කෙල්ලෝ එකට සෙට් වුණේ අප්පච්චිගේ වටේ ඉන්න මාමලා සෙට් එක අපේ අලුත් පරම්මපරාවට කතා කරපු ඒ කැත විදිහ නිසාමයි.

එකම රටේ මිනිස්සු බයියෝ සහ ටොයියෝ විදිහට බෙදෙද්දි. දිනූ රට අනතුරේ කියද්දි. සිංහල රටේ සිංහල ජාතිය ගෙන ටොක්ස් දෙද්දි, අප්පච්චිගේ නියම දරුවෝ කියන විදිහට අපිත් රට පාවලා දුන්නා. එදා උනත් අප්පච්චිට නම්බු ඇතිව විශ‍්‍රාම යන්න අවස්තාවක් දීලයි ඒ දේ කලේ. එදාත් ගෙදර අප්පච්චී නම් කියන්නේ "ඔය හොරා ආයෙත් එනවාමයි" කියලයි

අප්පච්චි පැරදුනායින් පස්සේ එනවා කාලයක්. සෑහෙණ රට ගෙන හිතන, ජාතිය වෙනුවෙන් පණ දෙන සෙට් එකක් එළියට බහිනවා මේ කාලේ. මේ අතරේ එකෙක් දෙන්නෙක් ඉන්නවා ඇත්තටම ආගම ජාතිය වෙනුවෙන් කෑ ගහන උනුත්. හැබැයි බහුතරයක්ම ඉන්නේ බොරුවට කොණක් අල්ලන් කෑගහන උන්. ජීවිතේ සැඳෑ සමය හරවත් විදියට ගෙවන්න තැබුණු අප්පච්චීව කරේ තියාගෙන ආයිමත් අගමැති කරන්න හදන්නේ ඔය කියන සෙට් එකමයි. හැබැයි මේ පාර රටේ අප්පච්චි අපිටත් හිනා වෙලා අමුතුම විදිහකට එද්දිත් ගෙදර අප්පච්චිට තවමත් පේනේ හොරා හොරා විදිහටමයි.

මේ වෙද්දී ආයි පාරක් රටේ අප්පච්චිව පරදලා ගෙදර අප්පච්චි දිනලා තියෙනවා. තවමත් රටේ අප්පච්චිව පන්තියේ මොනිටර් කරලා හරි ජාතිය බේරාගන්න කෑ ගහන සෙට් එකකුත් ඉන්නවා. රනිල් 29 වතාවක් පැරදිලාත් පරාජයට කවදාවත් එක හේතුවක් ඇද ගත්තේ නැහැ. අනික 29 වතාවක් පැරදුණු මිනිහා 30 වෙනි වතාවට ඉල්ලුවෙත් එකම confidence එකකින්. අනික මේ පාර ජන්දෙදිත් ජේ.වී.පී එකෙන් මිනිස්සුන්ට කියන්න හදපු අදහස් ටික ඔලූවට ගියා නම් සෑහෙණ ප‍්‍රබල විපක්‍ෂයක් හැදෙන්න තිබුණා. හැබැයි එදා අනුර කුමාර නායකත්වය අරගෙන අලුතෙන් හදපු ඒ Trend එක තරුණ හිත් වලට සෑහෙණ ගිහින් ඉවරයි. ජේ.වී.පී එකේ අරමුණ බලයට එන්න නෙමෙයි. ප‍්‍රභල විපක්‍ෂයක් හදන්නයි. එ් දේ අද හෙට නොවුනත් කවදා හරි වෙනවා කියන එක මට විශ්වාසයි.

රනිල් දින්න එකට සතුටු වෙන මම ඉස්සරහට රනිල්ටත් වඩා හොඳ කෙනෙක් ආවොත් රනිල්වත් පරද්දන්න හිත හදාගෙන ඉවරයි. මොකද මට රටට අප්පච්චි කෙනෙක් තවත්  ඕන නැති නිසා. අද නම් ගෙදර අප්පච්චී ඉන්නේ සතුටෙන්. ඒකට හේතුව අද "මම මහින්දගේ පුතා" කියලා කියන්නේ එයා ගෙන ආඩම්බරෙන් කියන එකට වඩා තව දුරටත් "මහින්දයා හොරා" කියද්දී එයාගේ නම ගෑවෙන්නේ නැති එකට කියලා මට හිතෙනවා

Tuesday, June 23, 2015

21 වන සියවසේ වහල් භාවය

ලියන්න පටන් අරන් බාගෙන නවත්තපු කතා 3ක් තියෙනවා ඉවර කරන්න. හැම කතාවම කියවගෙන යද්දි මටම හිතෙනවා "මේ මොන ජරාවක්ද මේ" ලියලා තියෙන්නේ කියලා. එ් හින්දාම මම කතා ලියන එක නවත්තලා කතා ලියන්න බැරි වෙන හේතුව හොයන්න ගත්තා.

ජීවිතේ ගෙවුණේ එකම විදිහට. වෙනසකට කියලා වුණේ 8.30-5.30 රස්සාවකට යන්න පටන් ගත්ත එක විතරයි. ජොබ් කරන එකට බැණ බැණ රස්සාවකටම ගියේ  කියන තරම්ම ජොබ් කරන එක නරකද බලන්න,
අනික සතියට දවස් 3ක් වැඩට යන එකේ මහා ලොකු ප‍්‍රශ්ණයක් තිබුණෙත් නැහැ

ඉගෙනගෙන, ඩිග‍්‍රියක් කරලා, ජොබ් එකක් හොයාගෙන කසාදයක් බැඳගෙන ළමයි උස් මහත් කරනවා කියන සාම්ප‍්‍රධායික පෝලිමේ ඉන්නවා නම්, Congratulations, ඔයා තමයි ඕනෑම කම්පැනියක් හොයන නියම සේවකයා. "කොච්චර අමාරු වුණත් ඉතින් මේක තමයි ජීවිතේ. මොනා කරන්නද. අඩුම ගානේ මාසෙට ස්ථීර ගාණක් එනවානේ" කියලා හිතනවා නම්, ඔයා නියමෙට සමාජෙට හැඩ ගැහිලා.

එදා මේ ටොක් එක දෙද්දී ඔය ජාතියේ එවුන්ට කියන්න පුළුවන් "අනේ මුන්ට ජොබ් එකක්වත් නැතිව පොර ටෝක් දෙනවා" කියලා. හරි, දැන් උඹලා කියන විදිහට හොඳ තැනක, හොඳ ජොබ් එකක් කරනවා උඹලාටත් වඩා අඩු දවස් ගාණක් වැඩට ගිහින් වැඩි පඩියක් අරන්. දැං කියපං ඇයි එ්ත් මට සතුටු නැත්තේ කියලා?

උඹට පුළුවන් ඇඟට දැනෙන මහන්සිය කවර් කරන්න ලැබෙන පඩියෙන් කොහේ හරි නිවාඩුවකට ගිහින්, උඹට පුළුවන් බොසා කියන කුණු කතා ටික, ටාගට් මදි වෙලා දැනෙන pressure  එක අමතක කරන්න Friday Night එකට හොඳට සෙට් වෙලා බීලා. හැබැයි උඹ කොහොමද නැතිවුණ නිදහස ආයි ගන්නේ? තමන්ගේ ජීවිතේ වටිනාම කාලේ සල්ලි ටිකකට පාවලා දීලා ඉඳලා ආඩම්බරෙන් තමන් ආව ගමන දිහා පස්සේ කාලෙක හැරිලා බලන්නේ? උඹලා හැමෝම කරන්නේ ලොකු ලොකු කම්පැනි වල ලොක්කන්ගේ වීර කතා ඉස්සරහට දාගෙන උන් හදපු කම්පැනි වල පඩ ගෙම්බෝ වගේ පුම්බ පුම්බ ඉන්න එක විතරයි. හැබැයි හොඳට බලපං ඔය කම්පැනි හදපු හැම මිනිහාම ජීවිතේ risk එකක් අරන් සාම්ප‍්‍රධායෙන් පැනලා තමන්ගේම කියලා වෙනස්ම දෙයක් කරපු මිනිස්සු.

උදේට ඇහැරිලා වැඩට ගිහින් හවසට ගෙදර ඇවිත් නිදාගන්න චක‍්‍රය දවස් 5ක් කරලා අනිත් දවස් දෙකේ හති ඇරලා ආයිම දවස් පහේ රෝල ගහන එක පුරුදු වුණා කියන්නේ කුඩු ගැහුවා වගේ දෙයක්. ජීවිතේ ඒකාකාරී වුණාම අපි ඒකට පුරුදු වෙනවා. එතනින් පටන් ගන්නවා වෙනස් වෙන්න තියෙන අකමැත්ත සහ බය. රස්සාවෙන් සල්ලි හම්බුවෙනවා, හැබැයි මාසේ අන්තිමට ඉතුරු කරපු මහා දෙයක් නැහැ. හිතලා බලපං අන්තිමට තමන් මැරුණ තරමට හිත හදාගන්න තමන් වියදම් කරලා. හැබැයි ඉතුරු වුණ ගාන එක්ක බැලූවාම තමන් වැය කරලා තියෙන සේරම දේවල් හොඳටම වැඩී.

"රස්සාවක් කරන එකත් වැරදියි නම්, ලැබෙන පඩියෙන් සතුටෙන් ඉන්නත් බැරි නම් මොකක්ද කරන්න කියන්නේ?" කෙනෙක් අහයි ඒ ප‍්‍රශ්නේ.  ඕකට තියෙනවා කරන්න දේවල් 3ක්.

තමන් කොහේ හරි රස්සාවක් කරන්නම  ඕනේ අනිවා මේකේ තියෙන කට්ට දැනගන්න නම්. හැබැයි ඒක දැනගෙන අයින් වෙලා තමන්ගේ දෙයක් පටන් ගන්න පුළුවන් නම් පොඩියට හරි, අන්න එක විදිහක්.

තමන්ට දෙයක් කරන්න සල්ලි නැත්නම් පරම්පරාවෙන් සල්ලි අරන් ආවේ නැත්තම්, වැඩ කරන ගමන් තමන් කැමති දේ කරන්න පොඩ්ඩ පොඩ්ඩ හරි පාර හදාගන්න. තනියම නිගිටින්න කාලේ ආවාම තමන්ගේ දේ ගෙන focus කරන්න.

අන්තිම විදිහ තමයි ජීවිතේ සරළ කරගන්න එක. වැඩි අවශ්‍යතා නැතිව සරළව ජීවත් වෙන්න. සතුට කියන දේ තියෙන්නේ සල්ලි වලම නෙමෙයි. නිදහස සහ තමන් කොච්චර තමන්ව තේරුම් අරන්ද කියන එක ගෙන.

"ආහ්.... අපිත් මේ අර දෙවනියට කියපු එක තමයි කරන්නේ. ඒකයි තවම අපිත් ජොබ් කරන්නේ" කියලා කෙනෙක් කියන්න පුළුවං.

හිතලා බලපං උඹ කොච්චර කැමතිද කියලා උඹේ ඔය වහල් ගැටේ ට? හිතපං කොච්චර එපා වුණත් මාසේ අන්තිමට පඩිය එද්දී අනේ අඩුම ගාණේ මේකවත් ලැබෙන්නේ මේකෙන් කියලා හිතෙනවා නේද කියලා. ගැලවෙන්න බෑ පුතා. උන්නත් දාහයි මලත් දාහයි කියලා අයින් වෙලා ජීවිතේ එක්ක ඔට්ටු වෙන මිනිහා පැරදුනත් පැරෙදෙන්නේ තමන් විසින් තමන් වෙනුවෙන් ගත්ත තීරණයක් වැරදුණා කියල සතුටින්.

කියපු දේවල් ගෙන හොඳට හිතපං. හිතලා මේ වෙන දේ තේරුම් අරගෙන "අප්පා... මේ රෙද්ද කියෝලා හෙටත් වැඩට යන්න පරක්කු වෙනවා" කියලා දිගටම වැඩට පලයං.